• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

හොංකොං මර්දනයට චීන හමුදා ආඥාදායකයෙක්!

February 28, 2022
in Politics
Reading Time: 3 mins read
A A
හොංකොං මර්දනයට චීන හමුදා ආඥාදායකයෙක්!
Share on WhatsAppShare on Facebook

හොංකොංවල ස්ථාපිත චීනයේ මහජන විමුක්ති හමුදා China People’s Liberation Army භට කණ්ඩායම් ලවා හිටපු අභ්‍යන්තරික ආරක්‍ෂක ප්‍රධානි “පෙන්ජිං ටෑන්”විිසින් සිංජිඈං ප්‍රාන්තයේ පාලනය මෙහෙයවනු ලබන්නේ යැයි චීන හමුදා ආරංචි මාර්ගවලින් ම වාර්තා වේ.

ඒ ප්‍රදේශයේ ඒකාධිපති පාලන ස්වරූපයක් ගෙනයාමේ අපේක්‍ෂාවෙන් චීනයේ දෘඩතර පාලනයෙන් මර්ධනකාරී මෙහෙයුම් ගණනාවක් ද ක්‍රියාත්මක කෙරී තිබේ.

කොම්‍යුනිස්ට් පක්‍ෂ නායක සහ චීනයේ මහජන විමුක්ති හමුදාවේ ආඥාපති චීන ජනාධිපති සි ජිංපිං, විසින් නව ධූරධාරි පෙන්ජිං ටෑන් එකී තනතුරට පත් කරනු ලැබීමේ ලිපිය අනුඥාත(අත්සන්)කළ බැව් චීන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් පසුගිය සඳුදා නිවේදනය කර තිබේ.

තමාට පැවරුණු රාජකාරි වගකීම අනුව සිංජිඈං ප්‍රාන්තයේ පාලනය,ජාතික ස්වාධිපත්‍ය,සුරක්‍ෂිතතාව සහ සංවර්ධන අපේක්‍ෂා, නීතියට අනුවම ක්‍රියාත්මක කරන බවක් “පෙන්ජිං ටෑන් ගේ මතය බව ද එම නිවේදනයේ වැඩිදුරටද සඳහනි.

චීන රජයේ මාධ්‍ය නිවේදනයකට අනුව ප්‍රාන්ත ආඥාපති පෙන්ජිං ටෑන් හොංකොං පළාතේ ප්‍රධාන විධායක “කැරී ලෑම්”සමග ඉදිරි කට යුතු පිළිබඳව සාකච්ඡාවක් ද පවත්වා ඇත.

තම බල ප්‍රදේශයේ ජාතික ස්වාධිපත්‍ය,සුරක්‍ෂිතතාව,දීර්ඝ කාලීන සංවර්ධන අපේක්‍ෂා සහ ස්ථාවරත්වය වෙනුවෙන් චීනයේ මහජන විමුක්ති හමුදා භට කණ්ඩායම් සමග සහයෝගිව කටයුතු කිරීමට කැරී ලෑම් කැමැත්ත ප්‍රකාශ කළ බව ද එම නිවේදනයෙන් පැහැදිලි කර ඇත.

.හොංකොං පුරයේ 1997 දී සිදුවූ පාලන පෙරැළියෙන් පසුව විරුද්ධ දේශපාලන මත සහ ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස චීනය විසින් මර්ධනය කරනු ලැබීමට පටන් ගත්තේ ය.

ප්‍රජා අයිතීන් ආරක්‍ෂා කෙරෙමින් ස්වතන්ත්‍ර අධිකරණ පද්ධතියක් ඉදිරි වසර පනහක(50)කාලය තුළ එම කොටසේ(හොංකොං)ක්‍රියාත්මක කෙරෙන බවට චීනය ඒ අතර ජාත්‍යන්තරයට ද ප්‍රකාශ කෙළේය.

එහෙත් ප්‍රකාශය එසේ වුව ද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කෙරුණු අත්තනෝමතික පාලනයට එරෙහිව හොංකොං වැසියන් විරෝධතා දක්වන්නට වූ කල්හි චීනය විසින් 1919 දී ජාතික ආරක්‍ෂක නීති පද්ධතිය නමින් අමුතු තාලේ නීති මාලාවක් ඔවුන් මත පටවන ලද්දේ ය. තම පාලනයට එරෙහි වන්නන් ඒ පිළිබඳව අදහස් උදහස් සමාජ ගතකරන්නා වූ පිරිස් ඒ නීතියට අනුව අත්අඩංගුවට ගැනීමට,තර්ජනය කිරීමට මෙන්ම රටින් පටුවහල් කිරීමට ද ඒනිතියට අනුව චීන පාලකයෝ අවස්ථාව පාදා ගත්හ.

එ මතු ද නොව ස්වාධීන මත ප්‍රකාශ කරන මාධ්‍ය ආයතන ද දඩබල්ලන් ලවා වටලවනු ලැබ දේපොළ රාජසන්තක කිරීමේ තර්ජනය යටතේ වසා දැමීමට ද පොළඹවනු ලැබුවේය.

පෙන්ජිං ටෑන් හමුදා ප්‍රබලයා සිංජිඈං ප්‍රාන්තයේ ක්‍රියාත්මක කෙරුණු පූර්ව ප්‍රජා සන්නද්ධ පොලිස් ඒකකයේ 2018 සිට ආඥාදායකයා වශයෙන් කට යුතු කෙළේය.

ඒ කාලය තුළ ඔහු ඒ පළාතේ විසූ උයිගර් වාර්ගික ප්‍රජාවේ සහ මුස්ලිම් ප්‍රජාවේ දහස් ගණනාවක් අධ්‍යාපන ප්‍රතිසංසකරණයකට යොමු කරන හංවඩුව යටතේ සිරගතකරනු ලැබූහ.

මේ සමස්ත රැඳවුම් ප්‍රදේශයම මේ දක්වාම කිසිවකුට හෝ ආසන්න විය නො හැකි අන්දමින් දැඩි මුරකාවල් යොදා පවත්වාගන යනු ලැබේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

පැතිරෙන කොවිඩ් වසංගතය ගැන චීනය සද්ද නෑ!

Next Post

සටන් විරාම සාකච්ජාවකට සූදානම්! යුක්රේන-රුසියා නියෝජිතයන් බෙලරූස් දේශ සීමාවට ඇවිත්!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.