• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

July 25, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අපගේ රට ඉස්ලාමික රටක්. මමත් මුස්ලිම් ජාතිකයෙක්. ඒ වගේම ඉස්ලාම් ආගමිකයෙක්. ඉස්ලාම් ආගමේ තිබෙන ඉස්ලාමීය නීතිය තමයි ෂරියා නීතිය කියන්නේ. මෙය ලෝකයේ මුස්ලිම් රටවල් රැසක පිළිපදිනවා. එහෙත් මගේ මතය නම් අපගේ රටට මේ ෂරියා නීතිය අවශ්‍ය වන්නේ නැහැ. මේ නිසා ඉස්ලාම් ආගමිකයන් නොයෙකුත් බැඳීම් රැසකට යටත් වෙනවා. මේවා බොහොමයක් අපට අනවශ්‍ය ඒවායි. අපගේ රටෙන්ද ෂරියා අධ්‍යාපනය හැදෑරීමට සිසුන් සෞදි අරාබියා යවනවා. අපේ රටේ සිසුන් විදේශයන්ට යවන්න ඕනේ ෂරියා නීතිය ඉගෙනගන්න නොව ජාතික සංවර්ධනය ප්‍රවර්ධනය කරන තාක්ෂණික විෂයයන් හැදෑරීම සඳහායි. ඉස්ලාමික නීතිය ඉගෙනීමේ තේරුම කුමක්ද? මම එය තරයේ ප්‍රතික්ෂේප කර සිටිනවා. තරුණ සිසුන් සඳහා අවශ්‍ය වන්නේ ලෝකයත් සමග ඉදිරියට යන එසේම ඔවුන්ගේ ජීවිත සඳහාද ප්‍රයෝජනයක් වන නව ඩිජිටල් පරිගණක ලෝකයේ විෂයයන් රැසකුයි. අපේ රටටත් එය අත්‍යාවශ්‍ය වෙනවා…’
කුමක්ද මෙලෙස ඇසෙන අපූරු, ආන්දෝලනාත්මක ප්‍රකාශය? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? ලෝකය පුරා නොයෙකුත් රටවලින් මුස්ලිම් සහ ඉස්ලාමික බලය ගැන තොරතුරු ඇසෙන කාලයකදී මෙම අපූරු කතාවද අසන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට ඉහතදීය. එක්තරා මුස්ලිම් ජාතික රටක රාජ්‍ය නායකයකු විසින් සිදුකරන ලද මෙම මතභේදාත්මක ප්‍රකාශය මේ වනවිට ලොව පුරා බොහෝ පාර්ශ්වවල දැඩි කතාබහට ලක්ව ඇත. මෙම සුවිශේෂ මිනිසා කවුදැයි සොයා බලන්නට ප්‍රථම ඔහුගේ ප්‍රකාශය තවදුරටත් අසා සිටිමු.Sri Lanka Latest News

‘ෂරියා කියන්නේ ඔබේ රටේ නීතිය නොවෙයි. අපට මේ රටට අවශ්‍ය වන්නේ ෂරියා ඉස්ලාමික නීතියේ විද්වතුන් නොව නූතන තාක්ෂණික ලෝකයේ පරිණත විද්වතුනුයි. රටේ ජාතික සංවර්ධනයට මේ අයගේ මෙහෙවර සහ උසස් දැනුම අත්‍යාවශ්‍ය වෙනවා. අපට ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍ය නැහැ. අප සිදුකළ යුත්තේ සත්‍යය පැවැසීම සහ සත්‍යයට අනුව කටයුතු කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදය නිසා සිදුවන්නේ මරාදැමීමක්. ලිබියාව දිහා බලන්න. ඒක අපිට ළඟින්ම තිබෙන හොඳම උදාහරණයක්. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට උත්සාහ කරන සෑම තැනකදීම සිදුව තිබෙන්නේ ලේ වැගිරීමක්. කෙටියෙන් කිවහොත් ප්‍රජාතන්ත්‍රභාවය කියන්නේ වහල්භාවයයි. එම වටපිටාවේදීම තමයි මම නැවතත් අවධාරණය කර සිටින්නේ අපේ රටට ෂරියා නීතියක් අවශ්‍ය වන්නේත් නැහැ, එය මේ රටේ ක්‍රියාත්මක වන්නේත් නැහැ. අපේ රටේ ඕනෑම කෙනකුට තමන්ගේ ආගම ඇදහීමේ අයිතිය පමණක් තියෙනවා…’

ලෝකයේ රටවල් රැසක විවිධ පාර්ශ්ව ගණනාවකගේ මතභේදයට තුඩුදුන් මෙම සුවිශේෂ ප්‍රකාශය සිදුකළ රාජ්‍ය නායකයා කවරෙක්ද? ඔහු නම් බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන බුර්කිනා ෆාසෝ (Burkina Faso) ජනාධිපතිවරයා වන ඊබ්‍රාහිම් ට්‍රාඕරේ (Ibrahim Traoré)ය. 38 වැනි වියේ පසුවන ඔහු හමුදා පරිපාලකයකු වන අතර, ඔහු 2022 සැප්තැම්බර් මාසයේදී එරට සිදුකෙරුණු හමුදා කුමන්ත්‍රණයක් හරහා බලයට පැමිණියේය. දැනට ඔහු වසර 4ක් පුරා ජනාධිපති ධුරයේ රැඳී සිටින අතර, ඊබ්‍රාහිම් ට්‍රාඕරේ ප්‍රකටව සිටින්නේ සර්ව අප්‍රිකානුවාදී, අධිරාජ්‍ය විරෝධී සහ බටහිර විරෝධී පාලකයකු ලෙසිනි. එසේම ඔහු ජාතිකවාදී අදහස් දරන, එහෙත් අන්තවාදී ඉස්ලාමික ප්‍රතිපත්තිවලින් බැහැර වූ පුද්ගලයෙකි. එනම් බර්කිනා ෆාසෝ යනු 65%ක බහුතර කළු, මුස්ලිම් ජනතාවක් වෙසෙන රාජ්‍යයක් වෙයි. ඔහු යම් විද්වත් පරිචයක් ඇති නායකයකු වන අතර, ඔහු එරට ප්‍රධාන රාජ්‍ය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙක්ද වෙයි. 2009 දී එරට යුද හමුදාවට බැඳුණු ඔහු තවද හමුදා පරිපාලන ධුරය උසුලයි. විශ්වවිද්‍යාල උපාධිය ඔහු හිමිකර ගෙන ඇත්තේ භූ විද්‍යාවට අදාළව හෙයින් එය ඔහුට රාජ්‍ය පාලනයටද ආශීර්වාදයක්ව ඇත. එනම් බුර්කිනා ෆාසෝ නමැති රාජ්‍යය රත්‍රන් සහ රිදී ඇතුළු තවත් ඛනිජ සම්පත්වලින් බහුල රටකි. දැඩි ලෙස මාක්ස්වාදී අදහස් ඇති ඊබ්‍රාහිම් ට්‍රාඕරේ මේ වනවිට තමන්ගේ විකල්පවාදී මත නිසා තරුණ පරපුර අතරද ඉතා ප්‍රකට ජනප්‍රිය නායකයකු බවට පත්ව ඇත.
දැන් ඔබ මෙම කතාවේ යම් සන්ධිස්ථානයකට පැමිණ සිටින්නේය. එනම් බුර්කිනා ෆාසෝ ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර තිබුණේ පසුගියදා පැවැති ජනතා නියෝජිත හමුවකදීය. එනම් ඔහු ආගම සහ අධ්‍යාපනය එක්තැන් කරමින් එම සුවිශේෂ ප්‍රකාශය සිදුකර තිබිණි. ඔහුගේ මෙම අවධාරණය කිරීම මේ වනවිට ලෝකයේ සිටින අන්තවාදී මත දරන ඉස්ලාමික පාර්ශ්ව වෙත ප්‍රබල පහරක් එල්ල කර ඇත.

බටහිර අප්‍රිකානු රාජ්‍යයකින් මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී අපගේ යාබද ඉන්දියාවෙන්ද අසන්නට ලැබුණේ තවත් සුවිශේෂ කතාවකි. එනම් එරට තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමැති ධුරයට පත්වුණු ජෝසප් විජේ නොහොත් තලපති විජේ නමැති තරුණ නායකයාගෙන් මෙම වතගොත අසන්නට ලැබිණි. තවද මහඇමැති ධුරයට පත්ව මාස 2ක් පමණක් ගතව තිබියදීම ඔහු මතභේදාත්මක චරිතයක් බවට පත්ව ඇත. දකුණු ඉන්දියානු සිනමාවේ වසර 40ක පමණ කාලයක් නිරතව සිටි ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පියකු වන ඔහු පසුගිය කාලයේ සිනමාවෙන් සමුගෙන දේශපාලනයට පිවිසියේය. කෙසේ හෝ ඔහු පසුගියදා පැවැත්වුණු දකුණු ඉන්දියානු මහ මැතිවරණයෙන් ඉතා විශිෂ්ට ලෙස ජයගෙන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා ලෙස තේරීපත් විය. දැනට 52 වැනි වියේ පසුවන මොහු එම තනතුරට පත්වූයේ 2026 මැයි 10 වැනිදාය. එනම් මාස 2ක පමණ ඉතා කෙටි කාලයක් ගතව ඇති අතර, එහෙත් ඔහු එරට ජනතාව අතර කැපීපෙනෙන නායකයකු බවට පත්ව ඇත. ඒ, ඔහු මේ වනවිට ගෙන ඇති ඍජු ප්‍රතිපත්ති හේතුවෙනි.

තමිල්නාඩු මහඇමැති ජෝසප් විජේ මේ වනවිට එරට දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් අතරෙහි සිදුවන වංචා, දූෂණ, අල්ලස් සිදුවීම් කෙරෙහි තදබල ක්‍රියාමාර්ග ගත් ආකාරය දක්නට හැකිය. මේ අනුව ඔහු තමන්ගේ නායකත්වයෙන් යුත් තමිල්නාඩු වෙටි්‍ර කසාගම් පක්ෂයේ දිස්ත්‍රික් මට්ටමේ උසස් නියෝජිතයන් තිදෙනකුම දූෂණ චෝදනා මත නෙරපා දමා ඇත. මෙයට අමතරව චෙන්නායි රාජ්‍ය සංථාවන්හි උසස් නිලධාරීන් හත්දෙනකුද සේවයෙන් පහකර ඇත. ඔවුන්ට අල්ලස් හා මූල්‍යමය වංචා චෝදනා එල්ල වී ඇත. මොවුනට අමතරව ටී.වී.කේ. පක්ෂයේ ඉහළ ලේකම්වරයෙකුද සේවයෙන් පහකර අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. මෙයට අමතරව නව මහ ඇමැතිවරයා දැඩි ලෙස අනතුරු හඟවා ඇත්තේ තමන්ගේ රජයේ කැබිනට් මණ්ඩලයේ ඕනෑම ඇමැතිවරයකු කිසියම් අක්‍රමිකතාවකට සම්බන්ධ වුවහොත් වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන බවයි. ප්‍රසිද්ධියේ සිදුකර ඇති මෙම දූෂණ විරෝධී මෙහෙයුම මගින් හෙළිකෙරුණු තවත් අපූරු පුවතක්ද වෙයි. එනම් රජයේ අමාත්‍යවරුන් සහ නිලධාරීන් අල්ලස් ඉල්ලා සිටින බවට සත්‍යාපනය කළ හැකි වීඩියෝ හෝ ශ්‍රවණ සාක්ෂි සපයන පුරවැසියන්ට ඉන්දියානු රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක්ද පිරිනැමීමට තීරණය කර ඇත. මේ සඳහා දූෂණ විරෝධී මහජන සේවයක් ආරම්භ කර ඇත. මේ අනුව දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ වන පිරිස් අත්අඩංගුවට ගැනීම, නඩු පැවරීමද සිදුකෙරෙයි.

දැන් ඔබ මඳක් නැවතී බලන්න. අපගේ ශ්‍රී ලංකාවේ නායකයන්ගෙන් මෙවැනි මෙහෙවරක් ඉටුවන්නේද? තම කතාව දෝලාවෙන් කරමින් ගමන පයින් යන්නට ඔවුන් රුසියන්ය. අපට ඕනෑ වන්නේ එවැනි නායකයන්ද?

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

Next Post

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.