චීනයේ පැතිරෙමින් පවත්නා අතිව්‍යාප්තකාරී කොවිඩ් -19 වසංගත ව්‍යසනය සම්බන්ධයෙන් පාලක පක්‍ෂය ගෙනයන “බක තපස් රැකීමේ”ප්‍රතිපත්තිය නිසා රටේ වර්ධනය වෙන උද්ධමනය හේතුවෙන් මහජනයා අතර විශාල කැළඹිල්ලක් ඇතිවී තිබේ.
බිඳ වැටෙන ආර්ථිකය නිසා පැවැත්මේ අනාරක්‍ෂිතතාව හේතු කොට ගෙන මහජන වික්‍ෂෝපය ද දැඩිව උග්‍ර වී තිබේ.චීන පාලනයේ ආඥාදායකත්වය සහ ඒකාධිපති ස්වරූපය ද මේ සමගම ඉස්මතුව ඇත්තේය.එය විසි වැනි පක්‍ෂ සම්මේලනයේ දී ද දැඩිව ප්‍රකටවී ඇති බව පැවසේ.
එක්සත් ජනපදය පාදක වූ උපදේශන සේවා ආයතනයක් වන යුරේසියා සමූහය Eurasia Group පවසන පරිදි චීනය කොරෝනා වෛරස වසංගතය සහ පාරිසරික විපර්යාසය කරණ කොට ගෙන දේශීය(රට තුළ)වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ද “සවුත්තු”වී සිටියි.
ගම් දනව් අගුලු දමමින් විශාල නගරවලට සංචරණසීමා පනවමින් පාලක පක්‍ෂය විසින් පැලැස්තරකාරී සංශෝධන ක්‍රියාත්මක කරනු ලැබූව ද වෛරස පාලනය සම්බන්ධයෙන් ගෙනයන ඇල්මැරුණු ප්‍රතිපත්තිය නිසා මේ වර්ෂයේ(2022)ඉදිරි කාලය කුමකින් කුමක් වේ දැයි යන අවිනිශ්චිත තත්ත්වයක පවතින බව සමාජගත මතයකි.
චන්ද්‍රසේන මාරසිංහ





