• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

July 25, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නඩු අහන්න,ඉක්මන් කරන්න,අධිකරණ වල ප්‍රමාණය වැඩි කරන්න. විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමාව වැඩි කරා කියලා අධිකරණ ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැනේ ගරු සභාපතිතුමා? අධිකරණ පද්ධතියට බැඳෙන්න බලාගෙන විශාල පිරිසක් ඉන්නවා. හැම අවුරුද්දෙම නීතිඥවරු 1,000කට, 1,500කට ආසන්න ප්‍රමාණයක් දිවුරුම් දෙනවා. අපේ රටේ අධිකරණ පද්ධතියට මේ නීතිඥවරුන්ගේ, ගරු විනිශ්චයකාරවරුන්ගේ අඩුවක් නැහැ. අවස්ථාව දෙන්නයි තියෙන්නේ යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) දින පාර්ලිමේන්තුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

අද විශේෂයෙන්ම මට පෙර කතා කරපු අපේ ගරු මන්ත්‍රීතුමන් මේ පහුගිය ආණ්ඩුව කාලේ විශ්වාසභංග ගෙනාවේ නැහැ කිව්වා. ඉතින් ඕක ගිහින් අපිට කියන්න එපා. අනුර කුමාර ජනාධිපතිවරයාගෙන් අහන්න ඇයි ගෙනාවේ නැත්තේ කියලා.
ඒ වෙලාවේ ඔබතුමාලා ඒක වැරදියි කියලා දැක්කා නම්, විශ්වාසභංගයක් ගේන්න තිබ්බා. ඒ වෙලාවේ ජනාධිපතිවරයා ලොහාන් ඇමතිතුමා එක්ක දාපු ඩීල් එක මන් දන්නේ නැහැ. අනුර කුමාර මහත්තයා. අපි දන්නවනේ ඉතින් කට්ටිය ගැන, ගරු සභාපතිතුමිය. දැන් කතා කරනවා.

දැන් ලොකු චෝදනාවක් නැගුවා නීතිඥ සංගමයේ සභාපතිවරයා ගැන. මම අහනවා අපේ අධිකරණ ඇමතිතුමාගෙන්. එතුමාත් නීතිඥවරයෙක්. ගරු ඇමතිතුමා! අධිකරණ ඇමතිතුමා! ප්‍රශ්නයක් අහනවා.
ඔබතුමා අර අර කරපු චෝදනාව පිළිගන්නවද? ඔබතුමා අධිකරණ ඇමතිවරයා විදිහට මේ රටේ නීතිඥ සංගමයේ සාමාජිකයෙක් විදිහට, නීතිඥවරයෙක් විදිහට, වටගල ඇමතිතුමාත් ඉන්නවා. ඔබතුමාලා අනුමත කරනවද අර අර චෝදනාව?
අද රටේ නීතිඥ සංගමයේ සභාපතිවරයා විපක්ෂයේ නායකවරයා හම්බවුනාම, ඒක දේශපාලන ඩීල් එකක් කියලා කියනවා ඔබතුමාලා අනුමත කරනවද? මොකද ඔබතුමාලා නීතිඥවරු. ඔබතුමාලා නීතිඥ සංගමයේ සාමාජිකයෝ.
ඒ හින්දා ඔබතුමාලා නියෝජනය කරන පක්ෂයේ කෙනෙක්, ගරු ඔබතුමාලා විපක්ෂයේ ඉන්න කාලේ නීතිඥ සංගමයට තරම් ලොකු දෙයක් නැහැ ඔබතුමාලට.

දැන් ඊයේ සාකච්ඡාවෙ පින්තූරේ ගැන කතා කරා ගරු ඇමතිතුමනි. ඊයේ පින්තූරේ ගරු සභාපතිතුමිය, ඊට කලින් යහපාලන ආණ්ඩුව වෙලාවේ ගහපු පින්තූරේ මම විතරයි අඩු.
යහපාලන ආණ්ඩුව වෙලාවේ ඔය ටීම් එකත් එක්කම අනුර කුමාර මහත්තයාත් වාඩි වෙලා ඒ පින්තූරේ හිටියා. එකම වෙනස අනුර කුමාර මහත්තයා අයින් වෙලා මම ඒ පින්තූරෙට ඇවිල්ලා. දැන් ඒ පින්තූරෙට බනිනවා.
ඔයාලා ඒ කට්ටිය එක්ක වාඩි වෙලා දේශපාලනය කරලා ඩීල් එක දානකොට හොඳයි හැබැයි ඒ පින්තූරෙට දැන් බැන්නට, එදා ඒ පින්තූරේ හිටියේ අනුර කුමාර මහත්තයා.
ඒ හින්දා ගරු සභාපතිතුමිය, අපි පැහැදිලිවම ගරු අධිකරණ ඇමතිතුමනි, මේ කාරණය සම්බන්ධයෙන් ඔබතුමා වගකීම බාරගත්තා. ඔබතුමා ඇවිල්ලා කිව්වා මාධ්‍යයට, මම වගකීම බාරගන්නවා කියලා. හැබැයි වගකීම බාරගත්තා කියලා මේකෙන් ඈත් වෙන්න බැහැ ගරු සභාපතිතුමිය. ජීවිත 30කට ආසන්න ප්‍රමාණයක් නැති වෙලා තියෙනවා.
ඒ වගේම තමයි අපි දැනගන්න කැමතියි අධිකරණ ඇමතිවරයාගෙන්, පොලීසිය බාර ඇමතිවරයාත් ඉන්නවා. මේ සඳහා බුද්ධි අංශ වාර්තාවන් ලැබුණද?
බුද්ධි අංශ වාර්තාවක් ලැබුණා නම්, ඒ බුද්ධි අංශ වාර්තාව ආරක්ෂක කවුන්සිලයේ ගරු ජනාධිපතිවරයාව දැනුවත් කරාද? ගරු ජනාධිපතිතුමාව දැනුවත් කරා නම්, ගරු ඇමතිතුමනි, ගරු ජනාධිපතිතුමා ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද?
එහෙම නැත්නම්, බුද්ධි අංශ වාර්තාවක් ලැබුණේ නැද්ද? ඇමතිතුමා මේක දන්නේ නැද්ද? හමුදාව, බුද්ධි අංශය, පොලීසිය මේ පිළිබඳ අවබෝධයක් තිබ්බේ නැද්ද? කියන කාරණය සම්බන්ධයෙන්.
ඉතින් ඔබතුමාලාට මේක මේ දේශපාලන කාරණයක් දල්ලා ගරු සභාපතිතුමිය අංග බේරගන්න බැහැ. දැන් අවුරුදු දෙකක් වෙනවා ආණ්ඩුවට ඇවිල්ලා. ඉතින් ඔබතුමාලා ආණ්ඩුවට එනකොට යම් වැඩපිළිවෙලක් බන්ධනාගාර පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙලා තිබ්බා. හැබැයි ඒ ක්‍රියාත්මක වෙලා තිබිච්ච ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ඔබතුමාලා නැවැත්තුවා.

අපේ විෂමද්‍රව්‍ය පනත සංශෝධනය කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තියෙන්නේ. දැන් මාස හයක් වෙනවා. එහෙම වුණා නම් සැකකරුවන් 15,000කට වැඩි ප්‍රමාණයකට එළියට එන්න පුලුවන්.

ඇමතිතුමා දැන් මාස හයක් ගිහිල්ලනේ. නේද? ඔබතුමාලාටද මේ අධිකරණ පද්ධතියේ නඩු ඉක්මනින් ඉවර කරගන්න ඕනේ කියලා නේ කියන්නේ? දැන් ඉවර කරගන්න ඕනේ නම් මාස හයක් මොකක්ද කරේ?
හැබැයි දැන් ප්‍රශ්නයක් ඇතිවුණාම, දැන් ඒ පිළිබඳ කතිකාවතක් ඇතිවුණාම, දැන් ගේන්න කතා කරනවා. ගෙනල්ලා සංශෝධනය කරන්න 41,000ක් බන්ධනාගාර වල ඉන්නවා. 10,000යි තියන්න පුළුවන්. මේ 41,000න් 15,000කට කඩිනමින් තීන්දුවක් දෙන්න පුළුවන්. ඒ තීන්දුව දෙන්න පුළුවන් හැකියාව තියෙද්දී, ඒ තීන්දුව දෙන්න පුළුවන් වැඩපිළිවෙල තියෙද්දී මොකක්ද ඔබතුමාලා කරන්නේ? ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතුව ඉන්නවා. ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතුව ඉන්නවා.
දැන් බන්ධනාගාර පද්ධතිය ඩිජිටලයිස් කරන එක, දැන් මතක් කරා. “ඔවු කරනවා” කිව්වා. දැන් අවුරුදු දෙකක් තිස්සේ “කරනවා” කියනවා.

අලි සබ්‍රි අමාත්‍යවරයා ඉන්න කාලේ ඒකේ ප්‍රොකියුමන්ට් එකත් ඉවර කරලා තිබ්බේ ගරු සභාපතිතුමිය. ක්‍රියාත්මක කරන්න තිබ්බේ. හැබැයි ඒ වෙලාවේ තිබ්බ දේශපාලන වාතාවරණයත් එක්ක ආණ්ඩු මාරු වුණා. හින්දා අලි සබ්‍රි අමාත්‍යවරයාට ඒක ක්‍රියාත්මක කරගන්න බැරි වුණා.
හැබැයි ඊට පස්සේ, දැන් ඔබතුමාලා බලයට ඇවිල්ලා දැන් අවුරුදු දෙකක් වෙනවා, අද වෙනකන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා විෂය බාර ඇමතිතුමා කෝල් ගහනවා. විවාදය යනවා, ඇමතිතුමා ෆෝන් එකේ මල්කඩනවද දන්නේ නැහැ.

ගරු සභාපතිතුමිය, දැන් මේ පාර්ලිමේන්තුවේ විනයක් ඇතුව නේද ආවේ? පාර්ලිමේන්තුවේ විනයක් තියෙනවා කියලා කිව්වා නේද?
කැබිනට් ඇමතිවරයා තමන්ට විශ්වාසභංගයක් ගෙනල්ලා තියෙනවා, තමන්ට විරුද්ධව මතයක් ගොඩනැගෙනවා, තමන්ට විරුද්ධව චෝදනා එල්ලවෙනකොට, ඇමතිවරයා ෆෝන් එකේ ගෙවල්වල අයගේ ප්‍රශ්න විසඳනවා. රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳුවා නම් හොඳයි. හැබැයි ගෙවල් වල අයගේ ප්‍රශ්න විසඳන්නේ.

දැන් ගරු සභාපතිතුමිය, අපි බන්ධනාගාර රෝහලේ අදටත් බෙහෙත් නැහැ ගරු ඇමතිතුමා. රටේ රෝහල් වලත් බෙහෙත් නැහැ. මේ වෙනකොට ජීවිත ආරක්ෂාව සඳහා වෙන Life Saving drug එකක් තියෙනවා. දැන් මේ Drug එක ගේන්න ආණ්ඩුව මැදිහත් වෙලා තියෙනවද?

බන්ධනාගාරයේ ඩෙංගු තියෙනවා. රට පුරා ඩෙංගු ව්‍යාප්ත වෙනවා. හැබැයි ඩෙංගු මර්දනය කරන්න ආණ්ඩුවේ මොකක්ද වැඩපිළිවෙල?
ඒ හින්දා ගරු ඇමතිතුමනි, ඔබතුමාට මේකේ ඇඟ බේරගන්න බැහැ නිලධාරීන් පිට පටවලා. මොකද මම දැක්කා කියනවා පරීක්ෂණ කරනකොට වෙඩි තියපු අය අපි අල්ලන්නම් කියලා. පරීක්ෂණ කරන්න හැබැයි ඔබතුමාලා අනිත් පැත්තෙන් මේ කාරණය සම්පූර්ණයෙන් ඔබතුමාලා දේශපාලනීකරණය කරන්න ලෑස්ති වෙන්න එපා.

නඩු අහන්න,ඉක්මන් කරන්න,අධිකරණ වල ප්‍රමාණය වැඩි කරන්න. විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමාව වැඩි කරා කියලා අධිකරණ ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැනේ ගරු සභාපතිතුමා? අධිකරණ පද්ධතියට බැඳෙන්න බලාගෙන විශාල පිරිසක් ඉන්නවා. හැම අවුරුද්දෙම නීතිඥවරු 1,000කට, 1,500කට ආසන්න ප්‍රමාණයක් දිවුරුම් දෙනවා. අපේ රටේ අධිකරණ පද්ධතියට මේ නීතිඥවරුන්ගේ, ගරු විනිශ්චයකාරවරුන්ගේ අඩුවක් නැහැ. අවස්ථාව දෙන්නයි තියෙන්නේ.
අද අඩු ගානෙ අධිකරණ පද්ධතියට විනිශ්චයකාරවරු බැඳගන්නවා වගේම, අනිත් පැත්තෙන් වෛද්‍යවරු බැඳගැනීම සම්බන්ධයෙන් තාම ප්‍රමාදයක් තියෙනවා. ඉතින් මේවා පිළිබඳව ඔබතුමාලා අවධානය යොමු කරන්නේ නැතුව, ඔබතුමාලා හිතනවා නම් මේ බය කරලා, “අපිට ඉන්නවා 159ක්, ඕන එකක් උඹලා කරගනින්” කියනවා නම් ඒ න්‍යායෙන් ගියාම වෙන්නේ ඔබතුමාලයි අර ‘ඉල්ලන් කනවා’ කියන්නේ ගරු සභාපතිතුමිය ඉල්ලන් කන්න.වෙන්නෙ.

ඒ හින්දා අද පැහැදිලිවම ආණ්ඩුව මේ වගකීම බාරගන්න ඕනේ. ජීවිත 30ක් නැති වෙලා තියෙනවා. මේක ආණ්ඩුවට වලක්වා ගන්න තිබ්බා. හැබැයි ඔබතුමාලා වලක්වා ගත්තේ නැහැ. පළවෙනි පැය 24ම වලක්වා ගන්න තිබ්බා. අඩු ගානේ බන්ධනාගාර හදන්න ආපු ටික පටන් ගත්තා, ඉඩම් අත්පත් කරගත්ත එක පටන් අරන් අවසන් කරන්න ඔබතුමාලා මැදිහත් වුණේ නැහැ. අම්පාරේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් දාන්න තිබ්බා, ඒක නැවැත්තුවා. ඉතින් අඩු ගානේ දැන්වත් මේ “පහුගිය ආණ්ඩුව කරපු හින්දා මේවා නවත්තනවා” කියන න්‍යාය පත්‍රයේ ඉන්නේ නැතුව, ඔබතුමාලා මේ වැඩ ටික කරන්න!

SendShareShare
Previous Post

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

Next Post

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.