• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කවුරුත් නොදැක්ක සෑ ගර්භයේ ආශ්චර්ය

June 20, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කවුරුත් නොදැක්ක සෑ ගර්භයේ ආශ්චර්ය
Share on WhatsAppShare on Facebook

නිල්වන් අහස් කුස දක්වා විරාජමානව වැඩ හිඳින චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කිරි සුදු පැහැය බැතිමතුන්ගේ ඇස සිත සනසන්නේය. හිරු කිරණින් නෙක රටා මවන චූඩා මාණික්‍යයේ රශ්මි දහරා අතරින් මොහොතින් මොහොත විහිදී පරිසරය ඒකාලෝක කරන ජීවමාන බුදුන් වහන්සේගේ රැස්මාලාවන්ට සමාන රශ්මිදහරා බොදු බැතිමතුන්ගේ හදවත් තුළ බුද්ධාලම්භන ප්‍රීතිය උපදවන්නේය. සාදුනාද මැද ලෝසත දෙස කරුණා ගුණයෙන් යුක්තව බලා හිඳින ජීවමාන බුදුන් වහන්සේ මෙන් රන්මැලි මහ සෑරඳුන්ද අනන්ත අප්‍රමාණ ජන සමූහයාට සෙත සදමින් බලා හිඳින්නේය.

ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සිත් සතන් නිවා සනසන මේ මහා සෑ ගර්භයද අසිරිමත් නිමැවුමක් බව ඊට වැඳුම් පිදුම් කරන්නෝ බොහොමයක් නොදනිති. එය කිසිවකුගේ ඇසට පෙනෙන්නේද නැත. එහෙත් එය මහා විශ්මිත නිර්මාණයක්ම බව ජනප්‍රවාදයන්හීත් පොතපතෙහිත් සඳහන්ව ඇත්තේය.

ධාතු ගර්භය තුළ මුලින්ම ඉදිකෙරෙන්නේ බෝධීන් වහන්සේය. එය දාගැබ මධ්‍යයේ ඉදිකර ඇති අතර බෝධීන් වහන්සේ ඉදිකිරීමට ප්‍රථම බිම ඉඳුනිල් මැණික් අතුරා අලංකාරවත් කර තිබේ. ඉන් පසුව බෝධීන් වහන්සේගේ මුල් පද්ධතිය වටිනා පබළුවලින් නිමවා කඳ රිදියෙන්ද, අතු රනින්ද නිමවා තිබේ. දහඅට රියනක් උස මේ අලංකාර නිර්මාණයේ අතු දිගින් රියන් අටකි. මේරූ බෝපත් රනින්ද, අනෙක් බෝපත් ඉඳුනිල් මැණික්වලින්ද, අංකුර පත්‍ර ඒ ඒ පැහැයට හුරු මැණික්වලින්ද නිමවා ඇත. බෝධීන් වහන්සේට ඉහළින් සුදු වියනක් බැඳ ඒ වටා මුතුවැල් එල්ලා අලංකාරවත් කර තිබේ. රන්වැල් මිණි ගෙඩි ඒ මුතුවැල්වලට පිටින් එල්ලා ඇති අතර නවලක්ෂයක් වටිනා මැණික් හතරක් හතර මුල්ලේ එල්ලා ඇත.

නැඟෙනහිර දිසාවේ හිරු මඬලද බටහිර දිසාවේ සඳ මඬලද රනින් නිර්මාණය කර ඇත. නැකැත් තරු ඇත්තේ ඒ ඒ තරුවට විශේෂිත මැණික්වලිනි. බෝධීන් වහන්සේ වටා ඉදිකෙරුණු අටමගලයකි. (අටමගලය යන්න අදහස් කරන්නේ එක් පසෙකින් සිංහයෙක් තව පසෙකින් හස්ථියෙක්, තව පසකින් දක්ෂාවෘත්ත සංඛයක්, තව පසකින් පුන් කළසක්, තව පසකින් වෘෂභයා, තව පසකින් ධජය සහ පහන වශයෙනි) මේවා රනින් සහ මැණික්වලින් නිමවා තිබේ. බෝධීන් වහන්සේ වටා රන්මල්, රිදී මල්, මැණික් මල්, සඳුන් මල් ආදී ලෙස මල් අතුරා ඇති අතර ඒ වටා ඇත්, අස්, ගව, සිංහ ආදී සත්ව පන්තියකි. ඉන් පසුව නිමවා ඇත්තේ හංස පෙරහරකි. ඉන් පිටත එක්ලක්ෂ අසූ දහසක් රන් සළු රිදී නූලෙන් වැඩදමා මැණික් ඔබ්බවා මුතු එල්ලා ඒ ඒ තැන දිව්‍ය සළු සේ සරසා ඇත.

බෝධීන් වහන්සේ පාමුල රන් රුවකින් කළ පාවාඩයක් අතුරා මුතු ඉහිරුවා සුවඳ පැන් පිරවූ පුන් කළස් බෝධිය වටා තබා ඇත. මැණික් කළ තුළ පබළුවලින් මල් නිර්මාණය කර ඇති අතර ඉඳුණිල් මැණික් කළ තුළ රිදී මල්ද, රිදී කළයේ නිල් මැණික් මල්ද, සත්රුවන් කළයේ සත්රුවන් මල්ද පුරවා ඇත.

ධාතු ගර්භයේ මීළඟ ආශ්චර්යමත් නිමැවුම වන්නේ ජීවමාන බුදු රජුන්ගේ රුවට සමාන බුද්ධ ප්‍රතිමාවයි. උන්වහන්සේගේ නැඟෙනහිර දිසාවේ අසුන්ගෙන වැඩසිටින අතර උන්වහන්සේගේ නිය, දන්ත ධාතුන්, නෙත් සඟලේ සුදු තැන් පාරිශුද්ධ පළිඟුවෙන් නිමවා ඇත. අතුල් පතුල්, තොල් සඟල දෑසේ රතු තැන්, පබළු මාණික්‍යයෙන් නිමවිණි. දෙබැම, නෙත් සඟලේ මධ්‍ය මණ්ඩලය සහ මුදුන් කේෂ ජාතිමත් ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් නිර්මාණය කර ඇත. ඌර්ණ ධා සමිඳු කර ඇත්තේ රිදියෙනි.

රිදී සේසත් දරන ජයම්පති මහ බඹුද ජයතුරා සක පිඹින සක් දෙව්ද, බේළුව පණ්ඩු වීණාව වයන පංචසිකද තිස්තුන් කෝටියක් දෙවිවරු සාදුණාද පතවත්වන අයුරුද නිමවා ඉන් පසුව දහසක් පෙණ මවා බුදුගුණ කියන මහාකාල නාරජුද නොයෙක් පිරිවර සහිත නාරජවරුද ඔවුහු පිරිවරාගත් අප්සරාවන්ද අනේකවිධ උපහාර කරන දෙවියන්, බඹුන්, නාගයන් සහ මිනිසුන්ගේ ප්‍රතිමාද ජීවමාන සේ නිමැවිණි.

දැගැබේ විසිතුරු නිර්මාණ අතර තවත් නිමැවුම් රැසකි. වෙස්සන්තර ජාතක කතාවද සම්පූර්ණයෙන්ම නිමා කර ඇති අතර සිදුහත් බෝසත් චරිතයද මුළුමනින්ම නිමවා ඇත්තේ විශ්මිත අයුරිණි. මේ සියල්ල සත්රුවනින් නිමවා තිබීමද විශේෂත්වයකි. ඒ සියල්ල සමඟ අසිරිමත් මහින්දාගමනයේ පටන් දුටුගැමුණු රජ සමය දක්වා සියලු සිදුවීම්ද ඉතා මනරම් අයුරින් නිර්මාණය කරවන්නට දුටුගැමුණු මහරජු කටයුතු කළේය.

මේ සියලු නිර්මාණයන් කරමින් ගැමුණු රජු බලාපොරොත්තු වූයේ බුදුරජාණන් වහන්සේට දැක්විය හැකි උපරිම ගෞරවය හා භක්තිය දක්වන්නට බව ඉතා පැහැදිලිව තේරුම්ගත හැකිය. ඒ මේ මහා ආශ්චර්යවත් නිමැවුව සහිත ධාතු ගර්භය කිසිවකුටත් නොපෙනෙන ලෙස වසා තැබීමෙනි. එය කෙනකුට පෙනෙන සේ තැබුවා නම් ඉන් අදහස් කෙරෙනුයේ එයින් ඇස සැනසීම ප්‍රධාන අරමුණ වූ බවකි. එහෙත් එසේ නොකර එතුමන් මේ විශ්වය පවතින තාක් මේ චෛත්‍යයේ ධාතු ගර්භය විවෘත නොවන සේ ඉදිකරන්නට කටයුතු කර ඇත්තේය. එනිසාම අදත් හෙටත් මතු මතුවටත් මේ මහා සෑ රඳුන්ගේ අනුහසින් ලෝසතට සෙත ශාන්තිය සැලසෙනු නොඅනුමානය.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බ්‍රෑන්ඞ් ෆයිනෑන්ස් සම්මානයට පාත්‍ර වේ

Next Post

NDB බැංකුව“ජයගමු ශ්‍රී ලංකා” වැඩසටහන දියත් කරයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

දේශපාලන ආනුභාවයෙන් සිදුකළ ආන්දෝලනාත්මක අපරාධ සහ දූෂණ වංචා කිහිපයකම අභ්‍යන්තරය දන්නා ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙ‍නෙක්ම පසුගිය කාලයේ මරණයට පත්වූයේ අබිරහස්...

Read more

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.