• About us
  • Contact us
Thursday, July 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

February 23, 2024
in Exclusive, Mahawanshaya, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ නගරයේ කාර්යබහුලම තැන පිටකොටුව බව අමුතුවෙන් කිවයුතු නැහැ. ගහක් කොළක් නැති කොන්ක්‍රීට් වනාන්තරයක් වන පිටකොටුවේ තිබුණු ගස් අතරින් අද ඉතිරිව පවතින බෝධි වෘක්ෂය ඝෝෂාකාරී බව මඳකට දුරුකරමින් ගිනිගහන අව්කාෂ්ටකයට සිසිලක් ගෙන දෙනවා. උදේ පාන්දරට පිරිත් හඬ ඇසෙන්නේද, බණ දේශනා හඬින් අවට පින්බර පරිසරයක් මවන්නේ ද පිටකොටුව බෝධිය පිහිටි බෝධිරාජ විහාරයයි. විශාල පිරිසක් මරුමුවට පත්කරමින් 1988 පිටකොටුවේ කොටි බෝම්බය පුපුරා ගියේ ද මේ ඉදිරිපිටදීයි. ඊට පෙර 1987 දී ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව විශාල විරෝධතාවක් පැවැත්වූයේ ද බෝධිය ඉදිරිපිටදීම තමයි. ඉස්සර විරෝධතා පවත්වන තැනක් විදිහටත් මෙතැන ප්‍රසිද්ධව තිබුණා.(Sri Lanka Latest News)

ඉතිහාසේ සොයා බලමු

පිටකොටුවේ ප්‍රධාන මග සලකුණ වශයෙන් ප්‍රකටව පවතින මෙම බෝධියේ ඉතිහාසය වසර 200කට ආසන්න බව පැවැසෙනවා. සමහරු මෙම බෝධිය හාස්කම් සහිත ස්ථානයක් ලෙසත් සලකනවා. දශක ගණනාවක සිට බෝධිය රැකබලා ගන්නේ පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතිය මගින්. තවත් සමාජ සද්කාර්යයන් රාශියක් ද එම සමිතිය ඉටුකරන බවයි අපට දැනගැනීමට ලැබුණේ.

සියවස් දෙකකට පෙර අද බෝධිය තිබෙන ස්ථානය පිහිටි මාර්ගය අද්දර ඇළ පාරක් තිබුණා. එය බේරේ වැව හා මුහුද යාකෙරෙන ඇළ මාර්ගයක්. ඒ දවස්වල මේ ඇළේ කිඹුලන් ද හිටියා. ඉංග්‍රීසින් ලංකාව යටත් කරගත් 1815 කාලයේ දී මේ ඇළ වසාදැමූ බව පැවසෙනවා. ඒ කාලයේ බේරේ වැව ආසන්නයේ තිබූ බෝ පැළයක් ගෙනැවිත් මෙතැන රෝපණය කර තිබෙනවා. මේ බෝධිය ලොකු වෙනකොට බොහෝ දෙනා මේ ගහේ හරක් බඳින්න පටන්ගත්තා. ඒ අතර මෙයට වන්දනාමාන කිරීම ද ඇරඹුණා.

කපන්න නොදී බේරාගත් බෝධිය

1848 දී සුදු පාලකයන් මේ බෝ ගස කැපීමට තීරණය කර තිබෙනවා. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් එකල වැඩවාසය කළේ ඩයස් පෙදෙසේ දැනට බෝධිරුක්ඛාරාම විහාරය පිහිටි ස්ථානයේ කුඩා ආවාසයකයි. එකල උන්වහන්සේ විසිහය හැවිරිදි තරුණ වයසේ පසුවුණා. ඇති විය හැකි විනාශය ගැන කරත්තකරුවන් ගුණානන්ද හිමියන්ට දැනුම් දුන්නා. උන්වහන්සේ වහාම එතැනට වැඩම කර, තමන්වහන්සේගේ ජීවිතය ගියත් බෝධීන් වහන්සේ කැපීමට ඉඩ නොදෙන බව පැවැසුවා. උන්වහන්සේගේ විරෝධයට තවත් බොහෝ දෙනකු එකතු වුණා. මේ නිසා බෝධිය කැපීම නතර කිරීමට සුද්දන්ට සිදුවුණා.

පසුව පිටකොටුව ප්‍රදේශයේ චණ්ඩි, සිංහල ව්‍යාපාරිකයන්, නාට්ටාමිලා එකතු වෙලා ගල් බැම්මක් හදලා බෝ ගස ආරක්ෂා කර තිබෙනවා. ක්‍රමයෙන් පිටකොටුව බෝධිය මල්, පහන් පුදන පූජනීය ස්ථානයක් බවට පත්වුණා. පිටකොටුවේ සිංහල බෞද්ධ විශාල පිරිසක් ගැවසුණ ද පන්සලක් නැති වීමේ අඩුව ඉන් සැපිරී තිබෙනවා. 1900 මුල් කාලයේ බෝධියේ සෙවණ ඉදිරිපිට යාපනයෙන් විත් සුරුට්ටු ව්‍යාපාරයක් කරගෙන ගිය තරුණයකුගේ කඩයක් ද තිබුණා. ඒ කඩේ තමයි පස්සේ ලීලා ස්ටෝර්ස් බවට පත්වුණේ. ටික කාලයක් ගතවන විට සුරුට්ටු විකුණන අතරම ඔහු මුද්‍රණාලයක් ද පටන් ගත්තා. කොළඹ ප්‍රවීණ කවීන්ගේ පොත් මුද්‍රණය කිරීම ද පටන් ගත්තා. පී.බී. අල්විස් පෙරේරා, සාගර පලන්සූරිය වැනි ජනප්‍රිය කවීන් ඒ අතර සිටියා.

තම්බයියා සින්නදුරේ මුදලාලි

පිටකොටුව ප්‍රදේශයේ බෞද්ධ ව්‍යාපාරික පිරිසකගේ දායකත්වයෙන් අදටත් ක්‍රියාත්මක වන බෝධිරාජ විහාරයට පදනම වැටුණේ දෙමළ ව්‍යාපාරික ලීලා ස්ටෝර්ස් කඩේ මුදලාලිගෙන්. ඔහු ෂන්මුගම් තම්බයියා සින්නදුරේ.

1903 ජූලි 23 වැනිදා යාපනයේ කන්කසන්තුරේ උපන් ෂන්මුගම් තම්බයියා කොළඹ පිටකොටුවට පැමිණ වෙළෙඳාම කරන අතරේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි, සාගර පලන්සූරිය, වී.ඩී. ද ලැනරෝල්, මීමන ප්‍රේමතිලක, පියදාස පලන්සූරිය, ඇල්.පී. දේශබන්දු, චන්ද්‍රරත්න මානවසිංහ සහ කුමාරතුංග මුනිදාස වැනි සිංහල සාහිත්‍යධරයන් සමග එකට එක්ව, සිංහලයකු මෙන් ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයට දායක වූ බව සඳහන් වෙනවා. මේ නිසා ඔහු සිංහලයන් අතර ජනප්‍රිය තැනැත්තකු වුණා.

ලීලා මුද්‍රණාලය ආරම්භ කර 1950 වර්ෂයේ සිට ලීලා පංචාංග චිත්‍ර දින දර්ශනය මුද්‍රණය ආරම්භ කළා. එය ලංකාව පුරා අලෙවි වන ජනප්‍රිය කැලැන්ඩරයක් බවට පත් වුණා. ඔහු ද්‍රවිඩයන් අතර සිංහලෙන් වැඩ කළ අතර, දරුවන් ආනන්ද විද්‍යාලයට ඇතුළත් කර සිංහල අධ්‍යාපනය ලබාදුන්නා. උපතින් හින්දු බැතිමතකු වුවත් බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය කරන්නට විශාල පරිශ්‍රමයක් දැරූ බව පේනවා. වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය පිරිවෙන, මහව පළමුගෙදර ශ්‍රී මංගලාරාමය, අනුරාධපුර කුරුන්දන්කුලම සද්ධර්ම විවේකාශ්‍රමය, සහ ඇහැලියගොඩ සාම මහා විහාරය ආදී විහාරස්ථාන රැසක දියුණුව උදෙසා සින්නදුරේ පවුලේ දායකත්වය ලබාදී තිබෙනවා. ඔහු මියගියේ 1980 මාර්තු 05 වැනිදායි.

නැවතත් බෝධියට තර්ජන

නගරය වර්ධනය වන විට පිටකොටුවේ සන්ධිස්ථානයක තිබෙන බෝධි වෘක්ෂය නගර සංවර්ධනයට බාධාවක් ලෙස සුදු නිලධාරීන් දුටුවා. වර්ෂ 1938 දී මේ බෝධි වෘක්ෂය කපා ඉවත් කිරීමට සුදු පාලකයන් තීරණය කළා. ඒ තීරණයට එරෙහිව ඉදිරියට පැමිණියේ සුරුට්ටු ව්‍යාපාරික ෂන්මුගම් තම්බයියා මුල්කර ගත් පිරිසක්. අහල පහළ ව්‍යාපාරිකයන්, කරත්තකරුවන් සහ චණ්ඩි විලියම් නමැති පුද්ගලයකු ද බෝධිය කැපීමේ තීරණයට එරෙහිව පෙළගැසුණා.

සුද්දන්ට තම තීරණය අත්හිටුවීමට සිදුවුණා. යළිත් බෝධිය ආරක්ෂා වුණා. ෂන්මුගම් මුදලාලි පසුව බෝධිය අවට කරත්තකරුවන්ගේ හරක් බැඳීම වළක්වා ආරක්ෂක වැටක් ඉදිකරවා තිබෙනවා. බෝගස ඉදිරිපිට කුඩා කාමරයක් තනා එහි අඩි දෙකක් උස කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවක් ද තැන්පත් කර වන්දනා කිරීමට පහසුකම් ලබාදී තිබෙනවා. කුඩා පින්කැටයක් ද එහි තබා තිබූ බව සඳහන්. තම්බයියා වෙනුවට පසුව පිටකොටුව බෝධියෙහි කටයුතු කෙරුණේ ඒ අසල පිහිටි වීර හෝටලයේ මුදලාලිගේ ප්‍රධානත්වයෙන් පැවැති වීර සමාජයේ මූලිකත්වයෙන් බව පැවැසෙනවා. මෙම ස්ථානයට විදුලියද ලබාගත්තා.

පින් කැටයේ මුදල් එතැන සිටි පුද්ගලයන් තම තමන්ට අවශ්‍ය පරිදි පරිහරණය කළ නිසා එහි නඩත්තුව නිසි ලෙස සිදුවූයේ නැති බව පැවැසෙනවා. මේ නිසා හය මාසයක විදුලි බිල වූ රු. 215ක් ගෙවීමට නොහැකි වීමෙන් විදුලි බල මණ්ඩලය විසින් විදුලිය කපා තිබෙනවා. ඒ අනුව, ලීලා මුදලාලි ඉදිරිපත් වී විදුලි බිල ගෙවා සමිතියක් ගොඩනගා බෝධිය පිහිටි ස්ථානය විධිමත්ව පාලනය කිරීමට තීරණය කර තිබෙනවා.

එක්සත් බෝධිරාජ සමිතිය

1958දී තමයි, එක්සත් බෝධිරාජ සමිතිය පිහිටුවා ගත්තේ. එහි මුල්ම සභාපති වන්නේ වරායේ සේවකයකු වූ එන්.යූ. ගුණසේකරයි. ලේකම් වුණේ විලියම් සිල්වා. භාණ්ඩාගාරික බවට පත්වූයේ ලීලා මුදලාලි. පසුව ලීලා මුදලාලි වෙනුවට එන්.ඩබ්. රත්නපාල භාණ්ඩාගාරික ලෙසත් යූ.ඩබ්. සුමතිපාල සභාපති ලෙසත් පත්ව තිබෙනවා.

ක්‍රමයෙන් එක්සත් බෝධිරාජ සමිතිය තම කාර්යභාරය පුළුල් කළා. කොළඹ ප්‍රධාන තොරණක් වන පිටකොටුව තොරණද එම සමිතිය මගින් අඛණ්ඩව ඉදිකිරීම ආරම්භ කළා. මේ අතර සභාපති වශයෙන් ඊ.ඩී.එන්. පෙරේරා, නවගිරි සමූහ ව්‍යාපාරයේ අධිපති පී. නවරත්න, පී.ඩබ්. සුනිල් ශාන්ත යන මහත්වරුන් ද වරින් වර පත්ව තිබෙනවා.

හාමුදුරුවරු නැති පන්සල

බෝධිරාජ විහාරය උදේ පාන්දර 4.00ට විවෘත කරනවා. රාත්‍රී 10.00ට වසනවා. මෙම විහාරයේ හාමුදුරුවරුන් නෑ. ව්‍යාපාරික පිරිසක් තමයි සියලු පරිපාලන කටයුතු සිදුකරන්නේ. දුගී මගීන්ට, අසරණයන්ට පිහිටවීමට ද ඔවුන් කටයුතු කරනවා. පිට පළාත්වලින් කොළඹට වැඩමකරවන භික්ෂුන් වහන්සේලාට විවේක ගැනීමට, දානය ලබාගැනීමට අවශ්‍ය පහසුකම් විහාරය තුළ තිබෙනවා.

මුලින්ම බෝධිය ඉදිරිපිට පිහිටුවූ අඩි දෙකක් උස කිරිගරුඬ බුදු පිළිමය වෙනුවට පසුව අඩි 6ක් දිග සැතපෙන ප්‍රතිමාවක් විහාරයේ නිර්මාණය කර තිබෙනවා. එවකට පැවති කුඩා බුදුමැඳුර වඩාත් අලංකාර කර බිත්ති චිත්‍රවලින් සරසා නව බුද්ධ ප්‍රතිමාවක් ද ඉදිකර, 1998 ජනවාරි 31 දින සමිතියේ සභාපති වූ නවගිරි ව්‍යාපාරයේ අධිපති පී. නවරත්න අතින් විවෘත කෙරුණා. ඊටපසු මෑතක දී විහාර මන්දිරය තුන්මහල් කර තැනවූ අතර එය මත විශාල හිඳි බුද්ධ ප්‍රතිමාවක් ද ඉදිකර තිබෙනවා. දාගැබක් ද, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිමා ද විහාර මන්දිරයේ ඉහළ ඉදිකර තිබෙනවා. පිටකොටුවට පැමිණෙන කාටත් මේ විහාරයට ගොස් ඉහළ මහලටත් පිවිස එය වන්දනාමාන කර ගැනීමට පුළුවන්.

ඉන්දු අබේනායක

SendShareShare
Previous Post

දිස්ත්‍රික්ක 8ක් ගිනියම් වෙයි! මාරාන්තික තත්ත්වයක්! තාප කම්පන ඒවි! ළමයි පරෙස්සම් කරගන්න! මෙන්න මේ දේවල් කරන්න! මේ දේවල් කරන්න යන්න එපා! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනපති ගැන ආණ්ඩුව ගැන මහනායක හිමිවරුන්ගේ විශ්වාසය බිඳ  වැටිලා! මහනුවර කාන්තා සමුලුව 24..! කන්ද උඩරට සජබ ගැහැනු හයිය පෙන්වන්න හිරුණිකා ලෑස්ති වෙයි! මහනායක හිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුද්දක නිහැඬියාවකින් පසු සුජීව පාර්ලිමේන්තුව හොල්ලයි! ආණ්ඩුවේ පළු යවයි! බාධා කරන්න ආපු ඇමැතිවරුන්ට නොකවුට් වෙන්නම ගහයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අධිකරණයට අත තියන්න එපා මේ රට විනාශ වෙයි! සුජීව සේනසිංහ පාර්ලිමේන්තුව දෙවනත් කරයි! Sri Lanka Latest News

අපරාධ ස්ථානයක්! මීගමු බන්ධනාගාරය හිස්කරයි! Sri Lanka Latest News
Exclusive

අපරාධ ස්ථානයක්! මීගමු බන්ධනාගාරය හිස්කරයි! Sri Lanka Latest News

‘මම හිතුවා ඔබතුමිය ටිකක් උගත් බුද්ධියක් තියෙන කෙනෙක් කියලා..!’ විපක්ෂනායක නියෝජ්‍ය ඇමැතිනියගේ මුහුණටම කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හිතුවා ඔබතුමිය ටිකක් උගත් බුද්ධියක් තියෙන කෙනෙක් කියලා..!’ විපක්ෂනායක නියෝජ්‍ය ඇමැතිනියගේ මුහුණටම කියයි! VIDEO I Sri Lanka Latest News

ටිල්වින් දිනුම්! විමල් පරාදයි! ලක්ෂ 10ක් ගෙවන්න වෙයි! තීන්දුව තහවුරුයි! Sri Lanka Latest News
Exclusive

ටිල්වින් දිනුම්! විමල් පරාදයි! ලක්ෂ 10ක් ගෙවන්න වෙයි! තීන්දුව තහවුරුයි! Sri Lanka Latest News

නඩුවේදී අත්හිටවූ සිරදඬුවම් නියම වූ ප්‍රසන්න උසාවියෙන් කෙළින්ම කැබිනට් රැස්වීමට!
Exclusive

එක්කෝ කෝටියක වන්දි මුදල ගෙවන්න! නැත්නම් අවුරුදු 9ක් හිරේ යන්න ලෑස්ති වෙන්න! මහාධිකරණය ප්‍රසන්න රණතුංගට දැනුම් දෙයි! I Sri Lanka Latest News

ගමටම වතුර දෙන්න අනුර හෙට තඹුත්තේගමට එනවා!  I Sri Lanka Latest News
Exclusive

ගමටම වතුර දෙන්න අනුර හෙට තඹුත්තේගමට එනවා!  I Sri Lanka Latest News

Load More
අවුරුද්දක නිහැඬියාවකින් පසු සුජීව පාර්ලිමේන්තුව හොල්ලයි! ආණ්ඩුවේ පළු යවයි! බාධා කරන්න ආපු ඇමැතිවරුන්ට නොකවුට් වෙන්නම ගහයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අධිකරණයට අත තියන්න එපා මේ රට විනාශ වෙයි! සුජීව සේනසිංහ පාර්ලිමේන්තුව දෙවනත් කරයි! Sri Lanka Latest News

"ජේ.ආර්..ප්‍රේමදාස..චන්ද්‍රිකා අධිකරණයට අත ගැහුවේ නැහැ... මේ වැඩේ කරන්න එපා.." සුජීව සේනසිංහ

Read more
අපරාධ ස්ථානයක්! මීගමු බන්ධනාගාරය හිස්කරයි! Sri Lanka Latest News

අපරාධ ස්ථානයක්! මීගමු බන්ධනාගාරය හිස්කරයි! Sri Lanka Latest News

‘මම හිතුවා ඔබතුමිය ටිකක් උගත් බුද්ධියක් තියෙන කෙනෙක් කියලා..!’ විපක්ෂනායක නියෝජ්‍ය ඇමැතිනියගේ මුහුණටම කියයි! VIDEO I Sri Lanka Latest News

‘මම හිතුවා ඔබතුමිය ටිකක් උගත් බුද්ධියක් තියෙන කෙනෙක් කියලා..!’ විපක්ෂනායක නියෝජ්‍ය ඇමැතිනියගේ මුහුණටම කියයි! VIDEO I Sri Lanka Latest News

ටිල්වින් දිනුම්! විමල් පරාදයි! ලක්ෂ 10ක් ගෙවන්න වෙයි! තීන්දුව තහවුරුයි! Sri Lanka Latest News

ටිල්වින් දිනුම්! විමල් පරාදයි! ලක්ෂ 10ක් ගෙවන්න වෙයි! තීන්දුව තහවුරුයි! Sri Lanka Latest News

නඩුවේදී අත්හිටවූ සිරදඬුවම් නියම වූ ප්‍රසන්න උසාවියෙන් කෙළින්ම කැබිනට් රැස්වීමට!

එක්කෝ කෝටියක වන්දි මුදල ගෙවන්න! නැත්නම් අවුරුදු 9ක් හිරේ යන්න ලෑස්ති වෙන්න! මහාධිකරණය ප්‍රසන්න රණතුංගට දැනුම් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.