• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

February 16, 2024
in Exclusive, Mahawanshaya, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාවණා යුගයට සම්බන්ධ හාස්කම් පිරි පුදබිමක් ලෙස දොළුකන්ද පුදබිම සැලකෙනවා. හනුමන්තා විසින් රාමාට අවශ්‍ය ඖෂධ අතැතිව හිමාල කන්දෙන් ගෙන ආ කොටසක් උණවටුන ප්‍රදේශයට වැටුණු බවත්, එම කන්දේ ඉතිරි කොටස හනුමන්තා විසින් රැගෙන ආවේ දොළුකන්ද ප්‍රදේශයට බවත් පුරාවෘත්තවල සඳහන් වෙනවා.(Sri Lanka Latest News) දොළුකන්ද මෑතකදී ප්‍රසිද්ධ වෙන්නේ දොළුකන්දේ නායක හිමියන් වුණු අනුරාධපුර නන්දවිමල හිමියන් පැවැත්වූ ආශීර්වාද පූජාව හේතුවෙන්. අද වෙද්දී නායක හිමියන් දොළුකන්දේ වැඩවාසය කරන්නේ උන්වහන්සේ විසින් අසරණ මිනිසුන් වෙනුවෙන් සිදුකළ ආශීර්වාද පූජාවත් මේ වෙද්දී නැවැතිලා තියෙන්නේ මිනිසුන්ගේම නොමනා ක්‍රියාවන් හේතුවෙන්. ඇත්තටම නන්දවිමල හිමියන්ට සිදුවුණේ කුමක්ද? මේ, ඒ පිළිබඳ කතාවයි.

නන්දවිමල හිමියන්ගේ ආශීර්වාද පූජාව සඳහා රටේ නන්දෙසින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණියේ සිය ලෙඩදුක් කරදර සුවපත් කරගැනීමේ අදහසින්. විශාල පිරිසක් එම ආශීර්වාද පූජාවෙන් ප්‍රයෝජන ලබාගත්තා.

මේ පිළිබඳ දොළකන්ද විහාරස්ථානයේ දායක සමිතියේ ලේකම් ලෙස කටයුතු කරන එච්.එස්. විමලසිරි මහතා සිය දශක ගණනක අත්දැකීම් අප සමග මෙලෙස විස්තර කළා.

‘හාමුදුරුවන්ගේ ආශීර්වාද පූජාවට ආපු මිනිස්සු උන්වහන්සේ ආශීර්වාද කරපු පිරිත් පැන් දුන්නාම ලෙඩ රෝගවලින් සුවපත් වුණා. ඒ විතරක් නෙවෙයි ප්‍රතිපත්තිගරුක හොඳ මිනිස්සු බවටත් පත්වුණා. මුලින්ම හාමුදුරුවන්ට දොළුකන්දේ තිබිලා රන් කොතක් හම්බවුණා. උන්වහන්සේ ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබාදුන්නා කිසිම තණ්හාවක් නැතිව. මිනිස්සු කිව්වේ පූජා භූමිය සංවර්ධනය කරන්න හාමුදුරුවෝ ඒ රන් කොත විකිණුවා කියලා. හාමුදුරුවෝ නැවත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළා, ඒ රන් කොත නැවත ප්‍රදර්ශනය කරන්න කියලා.

හාමුදුරුවෝ මේ පූජා භූමිය දියුණු කළේ බැතිමතුන් දුන්න සල්ලිවලින්. දවසක් මගේ හරකෙකුගේ ඇඟේ පණු ගෙඩියක් ආවා. ඉන් පස්සේ හාමුදුරුවෝ දුන්න පිරිත් පැන්වලින් ඒ ගෙඩිය සේදුවා විතරයි දවසක් දෙකක් ගියෙත් නෑ ගෙඩිය අතුරුදන් වුණා. අපි නම් ඒ බලය විශ්වාස කළා. හාමුදුරුවෝ පළාත දාලා වැඩියේ නොයෙක් අය වැරැදි දේවල් කරපු හින්දා. සමහරු හාමුදුරුවන්ගේ ඡායාරූප පවා විකුණලා සල්ලිකාරයෝ වුණා. මේක අයියානායක වීරමුණ්ඩ ගම්බාර දෙවියන්ගේ අඩවිය. මිනිස්සුන්ගේ නොමනා වැඩ නිසා අපට ඒ ආශීර්වාදය නැතිවුණා. හාමුදුරුවෝ දෙවැනි වතාවේදිත් කිව්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට රන් කොත ප්‍රදර්ශනය කරමු කියලා. හැබැයි දෙවැනි වතාවේදී ගෙනාවේ නියම රන් කොත නෙවෙයි. හාමුදුරුවෝ එතැනින් පස්සේ ඒ ගැන කතා කළේ නෑ.’

ආර්.එච්.සී. රත්නායක මහතා පාසල් ගුරුවරයෙක් වගේම ලේක්හවුස් ආයතනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියක් ලෙසත් කටයුතු කරනවා. ඔහුත් දොළුකන්දේ හාමුදුරුවන් ගැන බොහෝ විස්තර දන්නා පුද්ගලයෙක්.

‘හාමුදුරුවෝ මේ ගමට වැඩම කරලා පිණ්ඩපාතේ යමින් ඉතාම සුපේශල ශික්ෂාකාමී හිමිනමක් ලෙස වැඩසිටියා. පස්සේ දේශපාලනඥයෝ ව්‍යාපාරිකයෝ එකතු වෙලා මේ හාමුදුරුවන් පවත්වපු ආශීර්වාද පූජාව තමන්ගේ ප්‍රිය සාදවලට ගෙනාවා. පළාතේ සමහර මිනිස්සු මේක වැරැදි තැනට ආරන් ආවේ. පුංචි පුංචි කෝප්පවල දොළුකන්දේ තිබුණු වටිනා මල් වර්ග, බෙහෙත් පැළෑටි හිටවගෙන වෙළෙඳාම් කළා. ආපු මිනිස්සුන්ට අවශ්‍ය පරිදි වැසිකිළි පහසුකම් තිබුණෙත් නෑ.

ඒ හින්දාම ගමේ ගෙවල්වලට කරදර වුණා. සමහරු සල්ලි අරන් මිනිස්සුන්ට වැසිකිළි යන්න දුන්නා. ඒත් ලක්ෂ ගණනක් මිනිස්සු වැසිකිළි යන්නේ කොහොමද? පළාතම ගඳගහන්න පටන් ගත්තා. කුඩා හැඬියා, මහ හැඬියා, ඉරරාජ, සඳරාජ වගේ වටිනා ගස් වඳවෙලා ගියා. අට්ටික්කා වගේ කහට ගෙඩි විකුණා ජීවත් වෙන පිරිසකුත් ඇතිවුණා. ඒ අය සීනිවලට හොඳයි, රුධිර පීඩනයට හොඳයි කියලා ඒ ගෙඩි වික්කා. දන්නෝ දනිති කියලා බත් පැකට් එකක් විකුණුවා. ඒකේ තියෙන්නේ කසිප්පු පැකට් එකක්.

දායක සමිති කළෙත් සල්ලි හම්බකරන එක. ආපු බස් කන්දරාවටම ඉඩම් දීපු අය අද සල්ලිකාරයෝ. දොළුකන්දේ හිමියන් සහ අනෙකුත් භික්ෂුන්ගේ පැන් පහසුව සඳහා වැවක් හදන්න දොළුකන්දේ හිමියන් උත්සාහ කළ අවස්ථාවේදී විවිධ පුද්ගලයන් විසින් ඒ පිළිබඳ විවිධ මත දැරුවා. පුරාවිද්‍යා භූමියක හාමුදුරුවෝ නිධන් හාරන්න යනවා. ඒක පැන් පහසු වෙන්නම කරන්න යන වැඩක් නෙවෙයි කියලා සමහරු කිව්වා. ඒ සිද්ධිය නිසා හාමුදුරුවන්ට අධිකරණයට යන්න පවා සිද්ධ වුණා.

සියල්ල විනිශ්ය කරලා අධිකරණ විනිසුරුවරයා කියලා තිබුණාලු ‘හොඳ වැඩක් කරන්න මේ රටේ ඉඩක් නෑ’ කියලා. පසුව සමීක්ෂණ අනුව හාමුදුරුවන් හෑරූ නිධානයක් හමුවෙලත් නෑ. නමුත් අදටත් දොළුකන්දේ හිමිවරුන්ට පැන් පහසු වීමට ස්ථානයක් තැනිලත් නෑ. හිමිවරුන්ට මුදල් අකැප නිසා ලැබෙන සියලු මුදල් නැතිබැරි අයට නිවාස සකස් කර දීමට වෙන්කිරීමට දොළුකන්දේ හිමියන් පියවර ගත්තා. මකුල්වැව දෙවටාවත්ත ඉඩමේ දොළුකන්දේ හිමියන් විසින් තැනූ නිවාස 30ක් දැනටත් තියෙනවා.

මෙලෙස තැනූ නිවාස 30න් 28ක්ම 2002 කාලේදී මකුල්වැව පාලනය කළ කිසියම් අධිපතියකුගේ හරස් වීමෙන් ඔහුගේ ගෝලබාලයන් බලහත්කාරයෙන් පදිංචි කිරීම සිදුකළා.’

ඉතිරි ගෙවල් දෙකෙන් එකක පදිංචි වුණු සරත් දොළුකන්දේ හාමුදුරුවන්ගේ ප්‍රධාන දායකයෙක්. ඔහුගේ බිරිය ඉන්ද්‍රානි දොළුකන්දේ හිමියන් ගැන අපිත් සමග පවසා සිටියේ මේ විදියට.

‘අපි කලින් හිටියේ දොළුකන්ද රක්ෂිතයේ විහාරයේ ඉඩමට ළඟ තැනක. අපේ අහිංසකකම දැකලා හාමුදුරුවේ අපට උදව් කළා. හයිරංකමෙන් ඉඩම් ගත්ත අයට තවමත් ඔප්පු තිරප්පු නෑ. පස්සේ උන්වහන්සේ දොළුකන්ද දාලා ගියා.’ මේ වෙද්දී දොළුකන්ද විහාරයේ විහාරාධිපති ලෙස වැඩ සිටින්නේ නන්දවිමල හිමියන්ගේ ගෝල හිමිනමක් වන නන්දසීල හිමියන්.

දොළුකන්දේ සංඝානන්ද හිමියන් දොළුකන්දේ විහාරස්ථානයේ වැඩසිටින භික්ෂුන්වහන්සේ නමක්.

‘මේක මහා හාස්කම් ඇති තැනක්. ගමේ කිරිඅත්තලා කියන විදියට ලංකාවේ පැරැණිම බුලත් වැල තියෙන්නේ මෙහේ. අපේ ලොකු හාමුදුරුවෝ මේවා බලාගෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආශීර්වාද පූජාවෙන් සුවපත් කළා. උන්වහන්සේ කොතරම් ශ්‍රද්ධාසම්පන්න වුණත් ඇතැම් දේශපාලකයන් ඊට හරස් වුණා. උන්වහන්සේ කපපු මේ පොඩි වැව නැත්නම් අපිට පැන් පහසුවක් නැහැ. රක්ෂිතයේ කොච්චර සතා සිව්පාවා හිටියත් අපට කරදරයක් නෑ. මිනිස්සුන්ගෙන් තමයි අපි ප්‍රවේසම් වෙන්න ඕනේ.’

මේ පිළිබඳ ඇත්ත නැත්ත හොයන්න ගම්වැසියන්ගේ අදහසුත් වැදගත් වෙනවා. ටී.එම්. මානවසිංහ හේරත් කියන්නේ මේ ගමේ වැසියන් අතරින් වැඩිහිටියෙක්.

‘හාමුදුරුවෝ පිණ්ඩපාතේ කරගෙන ශාසනකාමීව හිටියේ. ව්‍යාපාරිකයෝ දේශපාලකයෝ ළං කරගත්ත හින්දා අනෙක් කටයුතු සොයා බලන්න වෙලාවක් නැති වුණා. පැමිණි ජනකාය නිසා හාමුදුරුවන්ට අනෙක් වැඩ දිහා බලන්නවත් වෙලාවක් නැතුව ගියා.’

මෙහිදී විවිධ වැඩකටයුතුවලට උදව් වෙන අයටත් වැටුප් ගෙවීමටත් දායක සභාව තීරණය කරලා තිබුණා. එසේ වැටුප් නොලබා පිරිත් නූල් ඔතන්නෙක් ලෙස කටයුතු කළ එච්.එම්. තෙන්නකෝන් මහතා පැවැසුවේ හාමුදුරුවන්ගේ දියුණුව ඉවසා ගන්න බැරි පිරිසක් මෙහි සිටි බවයි.

දොළුකන්දේ හාමුදුරුවන් ලබාදුන් පිරිත් පැන් දිව්‍ය ඖෂධයක් මෙන් සිය ගොවිතැන් කටයුතු සාර්ථක කරගැනීමට තමන්ට පිහිට වූ බව ඔහුගේ බිරිය වූ බණ්ඩාර මැණිකේ පවසනවා.

‘අපිට කෘමිනාශක ගහන්න සල්ලි නෑ. අපි කන්න කිහිපයක් අස්වැන්න සරු කරගත්තේ හාමුදුරුවන්ගේ පිරිත් වතුරෙන්.’

ඇතැමුන් දොළුකන්දේ හිමියන් වැඩවිසූ කුටියට ගැහැනු ඇඳුම් පවා ගෙනගොස් දැමූ බව නම්ගම් හෙළි නොකළ පිරිසක් අපට පැවැසුවා.

දොළුකන්දේ හිමියන් අද වෙද්දී වැඩසිටින්නේ අනුරාධපුර සහ පුත්තලම අතර පිහිටා ඇති විලඳගොඩ නම් ආරණ්‍ය සේනාසනයේ. ඒ, උන්වහන්සේගේ වයෝවෘද්ධ මෑණියන් රැකබලා ගනිමින්. උන්වහන්සේ අද මේ විදියට මෙවැනි නිහඬ ජීවිතයක් ගතකිරීමට හේතු කාරණා අපිත් සමග මේ විදියට සඳහන් කළා.

‘ආරණ්‍යවාසීව වැඩසිටීම හොඳයි කියලා මම හිතුවා. වනවාසී භික්ෂුවකට නිහඬව වැඩසිටිය හැකියි. මම කළේ මිනිස්සුන්ට පංච ශීල ප්‍රතිපත්තිය හුරුකරන එක. ඔවුන්ට අනන්ත බුදුගුණ ශාන්තිය ලබාදීම. තමන්ගේ කුඹුරට හේනට වගාවට සිද්ධ වුණු හානිය පිරිතේ බලයෙන් වළක්වා ගන්න පුළුවන්. ඒ කටයුත්ත මම මුලදී පටන්ගත්තා. පසුකාලීනව ඔවුන්ගේ ලෙඩදුක් පවා සුවපත් වුණා…’

නන්දවිමල හිමියන්ගේ එක් ඇසක් මේ වනවිට නොපෙනෙන අතර, එක් ආත්මයකදී කුරුල්ලකුගේ ඇසට කෝටුවකින් ඇනීමේ විපායක් ලෙස එලෙස සිදුව ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා. මේ අතර, චන්ද්‍රිකා වැවේ ජලය සහ බවුසර්වල රැගෙන ආ ජලය නන්දවිමල හිමියන් පිරිත් කළ බව ඇතැම් තැනක සඳහන් වෙනවා. ඒ පිළිබඳ උන්වහන්සේ සඳහන් කර සිටියේ මේ විදියටයි.

‘සමහර දේ ඇත්ත. සමහර දේ කටකතා. බුද්ධ පාරමිතා ආශීර්වාද පූජාව කරන කොට මගේ අතේ පිරිත්පැන් බඳුන තබාගන්න සිද්ධ වෙනවා. ලක්ෂ ගණන් මිනිස්සු එද්දී ඒක කරන්නේ කොහොමද? වතුර බවුසර්වලට පිරිත් කළ බව ඇත්ත. ඒත් වැව් නම් මම කවදාවත් පිරිත් කළේ නැහැ….’

දොළුකන්දේ නිධන් හෑරීමටත් නන්දවිමල හිමියන් උත්සාහ කළ බව ඒ කාලයේ පැතිර ගිය කටකතාවක්.

‘මම යෝගාවචරයන්ට පැන් පහසුවට වැවක් කැපුවා. නිධන් හාරනවා නම් මට මේ වගේ තැනක් භාරදෙයිද?’

උන්වහන්සේ අද වැඩසිටින තැන විලඳගොඩ යන නම ලැබීම පිටුපස ඇත්තේත් අපූරු කතාවක්. එකල සාලිය කුමරු සහ අශෝකමාලා මෙම ස්ථානයේ සැඟව සිටි බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඒ අතර ඔවුන්ව බැලීමට ආ දුටුගැමුණු රජතුමාට ඔවුන් දෙදෙනා විලඳ සහ මීපැණි පිරිනැමූ බවත්, තමන් රජුට පිරිනැමූ විලඳ ගොඩ තරම් වෙහෙර විහාර විශාල ප්‍රමාණයක් කරවන ලෙස ඔවුන් රජුට උපදෙස් දී ඇති බවත් සඳහන් වෙනවා. ඒ අනුව, එම ස්ථානයට විලඳගොඩ යන නම පටබැඳී තිබුණා.

නන්දවිමල හිමියන් විසින් රත්‍රන් එකතු කළ බවට ඇතැමුන් උන්වහන්සේට චෝදනා කරනවා.

‘මම රන් කොතක් හදන්න රත්‍රන් එකතු කළ බව ඇත්ත. ගොඩක් අය ඒකට දාලා තිබුණේ ඉමිටේෂන්. රන් කොත මම දොළුකන්දේම පරිස්සමට තිබ්බා. මම කවදාවත් සල්ලි අල්ලන්නේ නැහැ. සල්ලි අපට අකැපයි. මුදල් ලැබුණාම ඒවායින් ප්‍රජා කටයුතු විතරයි කළේ. මගේ අම්මා අසනීපෙන්. ඇයව බලාගත්තේ මගේ ඥාතිවරියක්. මම කෝටි ගණන් සල්ලි හම්බ කළා නම් මෙහෙම ඉන්නවද? නිධන් ලබාගන්න සමහරු මාන බලපු හින්දා මට ආරක්ෂාවට රැකවල් දුන්නා. එල්ලාවල මේධානන්ද හිමියන් මා සිටි තැන දැන සිටියා.’

‘බුදු ගුණ අනන්තයි, අප්‍රමාණයි, ඒ බලය සදාකාලිකයි. ඒ ආශීර්වාද බලය තවමත් එහෙමමයි…’

අවසාන වශයෙන් නන්දවිමල හිමියන් එසේ පැවැසුවේ දැන් ආශීර්වාද පූජාව සිදුකළහොත් ප්‍රතිඵල ලැබෙන්නේ නැද්ද යනුවෙන් අප උන්වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින්.

Gossip Lanka News යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

විජේවීර කොටුවුණේ පත්තිනි දේව අනුහසින් ද? I Sri Lanka Latest News

Next Post

පෞද්ගලික පාසල්වල සිසුන්ට තියෙන තාක්ෂණික දැනුම රජයේ පාසල්වල සිසුන්ට නෑ! මේ බෙදීම අපි නැතිකරනවා! 100 වැනි සක්වළ ස්මාර්ට් පන්ති කාමරය කැස්බෑවේ දරුවන්ට ලබාදෙමින් සජිත් අධ්‍යාපනයේ බෙදීම නැතිකරන හැටි කියයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.