• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

July 26, 2026
in Exclusive
Reading Time: 9 mins read
A A
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශපාලන ආනුභාවයෙන් සිදුකළ ආන්දෝලනාත්මක අපරාධ සහ දූෂණ වංචා කිහිපයකම අභ්‍යන්තරය දන්නා ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙ‍නෙක්ම පසුගිය කාලයේ මරණයට පත්වූයේ අබිරහස් ලෙසිනි. එම මරණද ආන්දෝලනාත්මකය. එකී මරණ සිදුව තිබුණේද අසාමාන්‍ය අයුරිනි.Sri Lanka Latest News

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරි‍යෙක් වූ රජීව ප්‍රකාශ් ජයවීර, ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර්, මහා භාණ්ඩාගාරයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නිශාන්ත රාජපක්ෂ, ශ්‍රී ලංකන් ගුවන් සමාග‍මේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මෙන්ම හිටපු පොලිස්පතිවරයෙක් වූ සී.ඩී. වික්‍රමරත්නද එසේ අසාමාන්‍ය ‍ලෙස මරණයට පත්වූවෝ අතර සිටිති. මේ හැම මරණයක්ම සිදුව තිබුණේ සියදිවි හානිකර ගැනීමේ ලේබලයෙනි.

දීර්ඝ කාලයක් වැඩ බැලූ වාර්තාව
මේ අය අතර සී.ඩී. වික්‍රමරත්න ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ සුවිශේෂ කඩඉම් රැසක් පසුකළ නිලධාරියෙකි. බොහෝ අය ඔහුව හඳුන්වනු ලැබුවේ සී.ඩී. යැයි කියාය. සී.ඩී. ශ්‍රී ලංකා පොලිසියේ 35 වැනි පොලිස්පතිවරයාය. පොලිස්පති ධුරයට ඔහු පත්වන්නේම ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වාර්තාවක්ද තබමිනි. ඒ, වැඩිම කාලයක් වැඩබැලූ ‍පොලිස්පතිවරයා ලෙසිනි.

කල්තියා තොරතුරු දැන සිටියත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගන්නට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් දැඩිව චෝදනා එල්ල වෙමින් 34 වැනි පොලිස්පති ලෙස සේවයේ නිරතව සිටි පූජිත් ජයසුන්දර 2019 වසරේ අප්‍රේල් 29දා අනිවාර්ය නිවාඩු යැවීමට එකල පැවැති යහපාලන රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගැනීමත් සමග පොලිස්පති ධුරයේ වැඩ බලන්නට සිදුවූයේ සී.ඩී.ටය. අනිවාර්ය නිවාඩු යැවූ පූජිත් ජයසුන්දර වයස අවුරුදු 60 පැන විශ්‍රාම යන තුරු පොලිස්පති ධුරයෙන් හෝ පොලිස් සේවයෙන් නෙරපන්නට හෝ ඉවත් කිරීමට හැකියාවක් කිසිවකුටත් නොලැබිණි. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබී තිබුණු යම් රැකවරණයක් මුල්කරගෙනය. ඒ නිසාම 2020 වසරේ මාර්තු 14 වැනිදා ඔහු විශ්‍රාම යන තුරුම පොලිස්පති ධුරයේ වැඩ බැලුවේ සී.ඩී.ය. එකල ඔහු පොලිසියේ පරිපාලන අංශ ප්‍රධානියාය.

සී.ඩී.ට ගෝඨා ආණ්ඩුවේ තිබූ’තැන
පූජිත් විශ්‍රාම ගිය සැණින් සී.ඩී.ට පොලිස්පති ධුරය හිමිවූයේ නැත. ඒ වනවිට බලයේ සිටි ගෝඨාභයගේ ආණ්ඩුව සී.ඩී.ට පොලිස්පති ධුරය දෙන්නට එතරම් කැමැත්තක් නොවීය. ඒ, ඔහුගේ දේශපාලන ළැදියාව රාජපක්ෂවරුන්ට ගෝචර නොවූ බැවිනි. ඒ නිසාම සී.ඩී.ට පොලිස්පති ධුරය නොදී මාස කිහිපයක්ම වැඩ බලන පොලිස්පති ලෙස තවදුරටත් තබාගත්තේය. ඒ රාජපක්ෂ ආණ්ඩුවට හරියන පොලිස්පතිවරයෙක් සොයමිනි. අවසානයේදී අකැමැත්තෙන් වූවත් සී.ඩී.ට පොලිස්පති ධුරය දෙන්නට ගෝඨාභයට සිදුවන්නේ ඔහු හැරුණු කොට විකල්පයක් පේනතෙක් මානයක නොවූ නිසාය. ඒ අනුව 35 වැනි පොලිස්පති ලෙස සී.ඩී. පත්කෙරන්නේ 2020 වසරේ සැප්තැම්බර් 27දාය.

මහියංගනයේ කැලෑ දේවාලයට ගිය අප්‍රකට ගමන සහ මුරුගන්ගේ නියෝජිතයා
සී.ඩී. කාලය ගතකරන්නට වූයේ අතීතය මෙ‍නෙහි කරමින්, විවිධ පින්කම්වල නිරත වෙමිනි. ආගමික කටයුතුවල නිරත ප්‍රකෝටිපති දානපති මිතුරු කැළක් සී.ඩී.ට සිටියේය. රුවන්වැලි සෑයේ කොත් කැරැල්ල වෙනස් කරන කටයුත්ත පවා සිදුකරනු ලැබු‍වේ ඔවුන්ය. දළදා මාලිගාවේ පවා ලොකු වැඩ කොටසක් ඔවුහු කළහ. ඉන්දියාවේ බුද්ධගයාවේ ප්‍රතිසංස්කරණ පවා සිදුකළහ. අප්‍රකටව පින්කම් කටයුතුවල නිරත මෙම දානපති මිතුරන් සමග කටයුතු කරන අතර තුර සී.ඩී. ඔහු අදහන දෙවි ‍දේවතාවුන්ද වැඩිපුර අදහන්නට ගත්තේය. ඔහු දැඩි මුරුගන් භක්තිකයෙකි. පොලිස්පතිවරයා වන්නට ‍‍පෙර ඔහු කෝට්ටේ ප්‍රසිද්ධ විහාරස්ථානයක පවා මුරුගන් දේවාලයක් ඉදිකරනු ලැබුවේය. එය ඔහු පොලිස්පති වීම සඳහා වූ බාරයක් බවද කියැවිනි. ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම කතරගම වන්දනාවේ ගිය සී.ඩී. පොලිස්පතිවරයාව සිටියදී මහියංගනයේ කැලෑබදව පිහිටි දේවාලයකට පවා මසකට වරක් රහසිගතව ගියේය. ඒ තරමට ඔහු දේව භක්තිකයෙකි. ඔහු විශ්වාස කරනු ලැබුවේ තමා මුරුගන්ගේ නියෝජිතයා බවය.

කපිල චන්ද්‍රෙස්නගේ මෙන්ම රංග රාජපක්ෂගේ අබිරහස් මරණ සිදුවූ අයුරු ගැන පැහැදිලි අදහසක් නොවූවත් ඔවුන් සියදිවි නසාගත්තේ නම් එය මෝඩ තකතීරු ක්‍රියාවක් බව සී.ඩී. සිය මිතුරන් සමග බොහෝ අවස්ථාවල පවසා තිබුණේය. සියදිවි හානිකර ගැනීම ඔහු දුටුවේ නොකළ යුතු ක්‍රියාවක් ලෙසිනි. එසේ තිබියදී ඔහුගේ මරණයද සියදිවි හානිකරගත් ගොන්නට එක්කාසු වෙමින් අබිරහස් ආකාරයට සිදුවීම ‍නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළත් සමාජය තුළත් අදටත් පවතින්නේ දැඩි කතාබහකි.

මැරෙන දවසෙත් නිවසේ පූජාවක්
සී.ඩී. මියයන දවසේ නිවසේ පූජාවක්ද සංවිධාන කර තිබී ඇත. ඒ ඔහු අදහන දෙවියන් උදෙසාය. ඔහු මියගියද ඒ පූජාව ඒ ආකාරයෙන්ම සිදුකර ඇත්තේ සිරුර මුල්ලේරියාව රෝහලේ තිබියදීය. ඒ කපුවන් දෙදෙනෙකු නිවසට පැමිණය.

සී.ඩී.ගේ මරණය සිදුවන්නේ ඔහු උදෑසන ව්‍යායාම් සඳහා සුදානම්ව නිවසින් පිටතට පැමිණීමෙන් අනතුරුවය. වෙඩි වැදී ඇත්තේ පපුවටය. සියදිවි හානිකර ගැනීමේ අපේක්ෂාවෙන් ‍‍‍බොහෝ විට වෙඩි තබාගැනීම් සිදුවන්නේ හිසටය. නැතිනම් නිකට අසල ගිනි අවිය තබා හිස හරහා මූණිස්සම ගමන්කරන ආකාරයටය. එහෙත් සී.ඩී.ට වෙඩිවැදී ඇත්තේ පපුවටය. එයත් ආරක්ෂක නිලධාරියාගේ අවියෙනි. ආරක්ෂක නිලධාරියා පවසන්නේ සී.ඩී. ව්‍යායාම් සඳහා පිටත්වීමට නිවසින් පිටතට පැමිණ ගිනි අවිය ඉල්ලා සිටි බවය. තමා අවිය ඔහු අතට ලබාදුන් පසු වතුර වීදුරුවක් ගෙන එන ලෙස පැවැසූ බවත් ඒ අනුව තමා වතුර වීදුරුවක් රැ‍ගෙන ඒමට නිවසට ගිය විට වෙඩි හඬ ඇසුණු බවත් ඔහු පවසයි. සී.ඩී. වෙඩි වැදී වැටී සිටිනු ඇයුරු ඔහු දැක ඇත්තේ නිවසින් පිටතට ඒමත් සමගිනි. සී.ඩී. වෙඩි තබාගත් බවක් ඔහු හෝ නිවසේ සිටි කිසිවකුත් දැක නැත.‍ වෙඩිවැදී තිබු‍ණේ නම් ආරක්ෂකයාගේ ගිනි අවියෙනි. නිවසේ ඇති දේව මන්දිරය තුළ පූජාවක් පැවැත්වීමට පවා කපුවන් කැඳවා මෙසේ ඔහු සියදිවි හානිකර ගනීවිදැයි යන්න පිළිබඳ ඇත්තේ උභතෝකෝටික ගැටලුවකි. ඒ ගැටලුවට විසඳුම් කාලයා විසින්ම ලබාදෙනු ඇත.

රජිව් ප්‍රකාශ් ජයවීර
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියකු, මෙරට ප්‍රමුඛ පුවත්පත් රැසකට ලිපි සැපයූ දේශපාලන හා ආර්ථික විශ්ලේෂකයකු මෙන්ම ස්වාධීන ලේඛකයෙක් වූ රජිව් ප්‍රකාශ් ජයවීරගේ මරණය ද සී.ඩී.ගේ මරණයට දෙවැනි නැත. අදටත් ඇත්තේ එම මරණය අබිරහසක් ලෙසිනි. ජර්මනියේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු වූ ස්ටැන්ලි ජයවීර මහතාගේ පුත්‍රයා වන ඔහු ප්‍රකට සිවිල් නිලධාරියකු වූ නෙවිල් ජයවීර මහතාගේ බෑණනුවන්ය. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති ඔහු, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රංශය, ඔස්ටි්‍රයාව සහ ඕමානය ඇතුළු රටවල් කිහිපයක මෙරට කළමනාකරු ලෙස දීර්ඝ කාලයක් සේවය කළේය.

මේ වනවිට අල්ලස් කොමිසම මගින් දීර්ඝ විමර්ශනයක් සිදුකරමින් ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවූ ‘එයාර් බස් ගනුදෙනුව’ ඇතුළු ප්‍රධාන දූෂණ සහ වංචා පිළිබඳ ඔහු වෙබ් අඩවි සහ සති අන්ත පුවත්පත්වලට විවේචනාත්මක ලිපි සපයන්නටද විය. ඒ හැරුණු කොට මිහින් ලංකා ගුවන් සමාගමේ වංචා දූෂණ ගැනද ඔහු රට හමුවේ තොරතුරු තැබූවෙකි.

රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදුවූ ගනුදෙනුවල ඇති දූෂණ අක්‍රමිකතා දිගින් දිගටම රටට හෙළිකරමින් සිටි රජීව ප්‍රකාශ් ජයවීර අබිරහස් ලෙස මියයන්නේ 2020 වසරේ ජුනි 12දා උදෑසනය. එදා ඔහුගේ සිරුර හමුවන්නේ කොළඹ නිදහස් චතුරස්‍රය අසලිනි.

මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව ඔහුගේ හිසට වැදුණු වෙඩි පහරක් හේතුවෙන් මෙම මරණය සිදුව තිබූ අතර, සිරුර අසල තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ද පොලිසිය සොයා ගත්තේය.

ගෝඨාභය පාලන සමයේදී සිදුවූ මෙම මරණය ගැන සමාජයේ ‍‍ලොකු අවධානයක් පවා යොමුවන්නට වූයේ ඔහු රාජපක්ෂවරුන්ගේ දූෂණ වංචා රටට හෙළිකළ අයෙක් වූ’බැවිනි.

ගෝඨාභය රාජපක්ෂ රජයේ ක්‍රියාකලාපයන් මෙන්ම කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේදී ඉහළ නිලධාරීන් හැසිරුණු ආකාරය පිළිබඳවද ඔහු ඒ ආසන්න වකවානුවේදී දැඩිව විවේචනය කරමින් සිටියේය. ඒ නිසාම රජිව්ගේ මරණය ගැන දේශපාලන ක්ෂේත්‍රයේද දැඩි කතාබහක් ගොඩනැගෙන්නට වූයේ සංවිධානාත්මකව සිදුවූ ඝාතනයක් බවට සැකකරමිනි.

මෙම මරණයද සියදිවි හානිකර ගැනීමේ ගොඩට දමා පොලිසිය වැඩේ හමාර කර දැමීමට ගත් උත්සාහය නිසා සැකය තවදුරටත් තීව්‍ර විය. ඒ ඔහු මියයාමට පෙර තම සහෝදරයා වෙත ලියා තැබූ බව කියන පිටු දෙකක ලිපියක් හමුවූ බව කියමිනි.

කොන්දේ ආබාධයක්, පෙනීම දුර්වල වීම සහ පෞද්ගලික හේතූන් මත ඔහු සියදිවි හානිකරගෙන ඇතැයි එම ලිපියෙන් පෙනී යන්‍නේ යැයි පොලිසිය දිගින් දිගටම කියන්නට ගත්තේය. එම ලිපිය සොයාගත්තේ යැයි පොලිසිය කීවේ බම්බලපිටිය ලෝරිස් පාරේ පිහිටි ඔහුගේ නිවසේ තිබියදීය. එම ලිපිය ඔහු විසින්ම ලියූ එකක්මදැයි සමාජය විසින් ප්‍රශ්න කරන්නටද විය. රජිව්ට සියදිවි හානිකර ගැනීමට අවශ්‍ය වීනම් නිවස තුළ සිදුකර නොගෙන ඒ සඳහා තෝරාගෙන තිබුණේ කොළඹ ආරක්ෂාව ඉහළින්ම පවතින සහ ප්‍රසිද්ධ පොදු ස්ථානයක් වන නිදහස් චතුරස්‍රය වීමද ගැටලු ගෙන දුන්නේය. සාමාන්‍යයෙන් සියදිවි නසාගන්නා පුද්ගලයකු මෙවැනි ප්‍රසිද්ධ ස්ථානයක් තෝරාගැනීම අසාමාන්‍යය.

එසේම රජිව් ජයවීර ගිනි අවි භාවිත කළ අයෙක් නොවීය. එ‍සේ තිබියදී ඔහු ‍වෙඩි තබාගෙන සියදිවි හානිකරගත්තේ යැයි පොලිසිය කීවේය. ඒ මළ සිරුර අසල තිබුණු වෙඩි වැදුණු මයික්‍රෝ වර්ගයේ පිස්තෝලය පෙන්වමිනි.

රජිව්ට සියදිවි හානිකර ගැනීමට අවශ්‍යතාවක් තිබුණේ නම් වෙඩිතබා ගන්නවා වෙනුවට වෙනත් ක්‍රම ඕනෑ තරම් තිබුණේය. ගිනි අවියක් සොයාගෙන ජනපතිවරයා පවා ව්‍යායාම් කිරීමට පැමිණෙන ආරක්ෂක කලාපයකට ගොස් වෙඩිතබා ගැනීමට තරම් මො‍ළයේ අමාරුවක් ඔහුට තිබෙන්නට නැත. ජනපති කොමිසමක පවා රාජපක්ෂ ආණ්ඩුව පැවති සමයේදී සිදුවූ දූෂණ වංචා ගැන සාක්ෂි ලබාදී තිබුණු ඔහුගේ මරණය සියදිවි හානිකර ගැනීමක් ලෙස අවසන් කිරීමට පොලිසිය එදා උත්සාහ කළද ඒ ගැන අදටත් ඇත්තේ සැකයකි. ඒ වෙඩි තබාගෙන සියදිවි හානිකර ගැනීමකින් එහා ගිය ලොකු කතාවක් ඒ තුළ ඇතැයි සැකයක් සමාජය තුළ අදටත් ඇති බැවිනි.

දිනේෂ් ෂාෆ්ටර්
රජිව්ගෙන් පසු සැකයට තුඩුදුන් තවත් මරණයක් වන්නේ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු සහ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අදටත් ඇත්තේ අබිරහසක් ලෙසිනි.

බොරැල්ල පොදු සුසාන භූමියේදී 2022 වසරේ දෙසැම්බර් 16 වැනිදා සිදුවූ මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එදා විමර්ශන පැවැත්වූ නිලධාරීන් දැඩි උත්සාහයක් ගත්තද අවසානයේදී එම මරණය මිනිස් ඝාතනයක් බව ‌පෙන්වා දෙන්නේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අධිකරණය විසිනි.

එදා දෙසැම්බර් 15 දා දිනේෂ් ෂාෆ්ටර් කොළඹ කොල්ලුපිටිය මල්පාරේ පිහිටි නිවසින් එළියට බසින්නේ රුපියල් කෝටි ගානක ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ පුද්ගලයෙක් හමුවීම සඳහා බව විමර්ශනවලින් කියැවිනි. එසේ නිවසින් පිටත්වූ දිනේෂ් ෂාෆ්ටර් නැවත හමුවන්නේ බොරැල්ල පොදු සුසාන භූමියේ මුල්ලක නවතා තිබූ ඔහු ගමන්ගත් වාහනය තුළ සිටියදීය. දෑත් ගැටගසා ගෙල සිරකර අසාධ්‍ය තත්ත්වයේ සිටි දිනේෂ් ෂාෆ්ටර්ව සුසාන භූමියෙන් සොයාගන්නේ ඔහුගේ සහායකයා විසිනි. ඒ දිනේෂ් ෂාෆ්ටර් සොයා සුසාන භූමියට පැමිණි ගමනේදීය. සුසාන භූමියේ සිට ඔහුව කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය පසු මියයන්නේ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනකින් අනතුරුව ඊට පසුදිනය.

මෙම මරණය අදටත් අබිරහස් රැසක් ඉතිරි කර ඇත්තේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් විමර්ශන එදා පවරන්නේ පසුගිය සතියේ අබිරහස් ලෙස වෙඩි වැදීමකින් මියගිය එවක සිටි පොලිස්පති සී.ඩී.ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන පවත්වමින් පවසන්නට වූයේ දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානිකරගෙන ඇති බවය. ඒ වාහනය ඇතුළේ සිට එල්ලී බවය. ඔහුගේ ගෙල වටා එතී තිබුණේ රූපවාහිනී ඇන්ටනා කේබලයකි. එම කේබලය නිවසේ ඇති ඇන්ටනා කේබලයෙන් කපාගෙන ඇති බවත්, දෑත් ගැටගසා තිබුණු කේබල් ඔහු එදා නිවසින් පිටතට යන විට රැගෙන ගොස් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් කියන්නට ගත්තේය. දිනේෂ් ෂාෆ්ටර් ගමන්ගත් වාහනයේ ඩෑෂ් බෝඩ් එක මත එම කේබල් ඇති බව ආරක්ෂක කැමරාවලින් නිරීක්ෂණය වූ’බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නට විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දේවල් කියන්නට වූයේ දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කරගත් බව තහවුරු කිරීමට පමණක් අවශ්‍ය සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරමිනි. ඔවුන් කියන්නට උත්සාහ ගත්තේ දිනේෂ් ෂාෆ්ටර් සිය දෑත් ගැටගසාගෙන මෝටර් රථයේ සිට ගෙලට තොණ්ඩුවක් දමාගෙන ගෙල සිරකරගෙන මෝටර් රථය තුළ එල්ලී මියගොස් ඇති බවය. සුරංගනා කතාවක් බඳු මේ කතාවට රටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හිනැහුණේ සැබෑ ලෙසම මෙවැනි දෙයක් සිදුවිය හැකිදැයි ප්‍රශ්නාර්ථයක් පැවැති බැවිනි. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ බව තහවුරු කිරීමට හැම විටම උත්සාහ ගනිමින් සිටියදී දිනේෂ්ගේ පවුලේ උදවිය ඊට එරෙහිව අධිකරණය හමුවේ සටන් කළේය. ඒ අනුව අධිකරණය විසින් මෙම මරණය ගැන නැවත පරීක්ෂණයක් පැවැත්වීමට පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක්ද ස්ථාපිත කළේය. මෙරට සිටින නමගිය සහ දක්ෂ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් එම කමිටුවේ වෛද්‍යවරු විසින් ලබාදුන් විශේෂඥ අධිකරණ වාර්තාව පදනම් කරගනිමින් 2023 නොවැම්බර් මාසයේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙය සැලසුම්සහගත ඝාතනයක් බවට තීන්දු කළේය. කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් මෙම ඓතිහාසික තීන්දුව එදා ප්‍රකාශයට පත්කරන ලදී.

මරණයට හේතුව ගෙල සහ මුහුණ මත ඇති කළ බාහිර පීඩනය බව වෛද්‍ය වාර්තා තහවුරු කර තිබිණි. එසේම ඔහුගේ සිරුරේ සයනයිඩ් විෂද ඇතුළුවී තිබීම ගැනද එදා දැඩි කතාබහක් ඇතිවී තිබිණි. කොළඹ 07 ආපනශාලාවකින් ඔහු ලබාගත් බනිස් ‍ගෙඩි දෙකක් ගැනද තොරතුරු එළියට පැමිණ තිබිණි. ඒ අතරින් දිනේෂ් ෂාෆ්ටර් ආහාරයට ගෙන තිබුණේ එක් බනිස් ‍‍fඩියක් පමණක් බවද කියැවිණි. එසේ නම් දෙවැනි බනිස් කොඩිය ආහාරයට ගත්තේ කවුරුන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාබලා තිබු‍ණේ නැත.

දි‍නේෂ් ෂාෆ්ටර් මෝටර් රථය නවතා තිබූ ස්ථානයට සුසාන භූමිය හොඳින් හුරු අයෙක් හැරුණු කොට වෙනත් පුද්ගලයකුට මෝටර් රථයක් රැගෙන ඒමට හැකියාවක්ද තිබු‍ණේ නැත. දිනේෂ් ඊට පෙර බොරැල්ල පොදු සුසාන භූමියට පැමිණ ඇති බවක් අනාවරණය වූයේද නැත. එසේ නම් ඒ තැනට මෝටර් රථය රැගෙන යා යුත්තේ දන්නා කෙනකුගේ උපදෙස් මතය. නැති නම් දන්නා කියන අයෙක් විසිනි. දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි හානිකර ගැනීමක් බව පමණක් සනාථ කිරීමට එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැඩිව උත්සාහ ගත්තද එම මෝටර් රථය අසල සිට ගමන් ගත්තේ යැයි කියැවෙන්නට වූ අබිරහස් පුද්ගයා ගැන සොයන්නට කිසිදු උනන්දුවක් නොවීය. මෝටර් රථය අසල සිට පුද්ගලයෙක් ගමන්කරනු දුටුවේ යැයි කියන්නට වූයේ සුසාන භූමියේ සේවකයකු විසිනි. අධිකරණය හමුවේ ඒ ගැන තර්ක විතර්ක කිරීමේදී අවසානයේදී අපරාධ පරීක්ෂණ f‍දපාර්තමේන්තුව පවා පිළිගන්නේ යම් සැකකටයුතු පුද්ගලයෙක් ඒ කියන ස්ථානයේ සිට ගමන්කර ඇති බවය. ඒ සුසාන භූමියට පිටතින් ඇති ආයතනයක ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමකින් සොයාගත් කරුණු පදනම් කරගෙනය.
සියදිවි හානිකර ගැනීමක් ලෙස අවසන් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එදා සිටි නිලධාරීන් උත්සාහ ගත් දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි හානිකර ගැනීමක් නොව සැලසුම්සහගත මරණයක් බව අවසානයේදී අධිකරණය හමුවේ අනාවරණ වී එම ඝාතකයන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කර දැන් වසර තුනක ආසන්නය. එහෙත් අදටත් දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඇත්තේ අබිරහසක් ලෙසිනි.

රංග රාජපක්ෂ
මහා භාණ්ඩාගාරයේ විදේශ ණය වාරිකයක් ගෙවීමේදී ඔස්ටේ්‍රලියානු සමාගමකට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් ඇමෙරිකාවේ පිහිටි ගිණුමකට බැර වී සිදුව ඇති සයිබර් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි, මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ රංග නිශාන්ත රාජපක්ෂගේ මරණයද සමාජයේ දැඩි කතාබහක් ඇතිවූවකි.

මෙම වංචාව හෙළිවී සතියක් දෙකක් යන විට කුලියාපිටියේ පිහිටි නිවසේදී ඔහුගේ මරණය අබිරහස් ලෙස සිදුවන්‌නේ පසුගිය අප්‍රේල් 30දාය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරමින් පැවැති පසුබිමක් තුළදීය. ඔහුගේ මරණයත් සමග මෙම වංචාව සම්බන්ධයෙන් වූ බොහෝ කරුණු යටපත් වූවත් පර්යේෂණාත්මක සහ විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ එම සයිබර් අපරාධය සම්බන්ධයෙන් වූ බොහෝ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන හමාරය. එහෙත් ඊට වගකිව යුත්තන් රැසක් රංග නිශාන්ත රාජපක්ෂගේ මරණයත් සමග අනාවරණය නොවීය.
රංග රාජපක්ෂගේ මරණය අසාමාන්‍ය ආකාරයෙන් සිදුවූකි. පොලිසිය පැත්තෙන් අධිකරණය හමුවේ වෛද්‍ය විද්‍යාත්මක සහ පර්යේෂණාත්මක සාක්ෂි පදනම් කරගෙන එම මරණය සියදිවි හානිකර ගැනීමක් බව පෙන්වා දුන්නේය. ඒ, ඔහු‌ගේ මරණයත් සමග පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පත්කළ සිවු පුද්ගල වෛද්‍ය මණ්ඩලයේ නිගමන සහ නිර්දේශද සැලකිල්ලට ගෙනය. ශ්‍රී ලංකා පොලිසියේ දැනට සිටින පොලිස් සේවා කාලය සැසඳීමේදී ඉහළම ජ්‍යෙෂ්ඨත්වයෙන් සිටින වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පුද්ගලිකවම අධිකරණය හමුවේ පෙනීසිටිමින් සාක්ෂි මෙහෙයවමින් පෙන්වා දුන්නේද රංග රාජපක්ෂගේ මරණය සියදිවි හානිකර ගැනීමක් බවය.

රංග රාජපක්ෂගේ බිරිඳ පාසල් ගුරුවරියකි. මේ සිදුවීම වූ දින ඇය සිටියේ සුපුරුදු ලෙස පාසල් ගොසිණි. එදින පවුලේ අය මහනුවර දළදා මාලිගාව වැඳපුදා ගැනීමට යාමට සැලසුම් කර තිබූ බැවින්, ඇය පෙරවරු 10.50ට පමණ නැවත නිවසට පැමිණ ඇත.

රංග රාජපක්ෂ මහතා දියණියන් දෙදෙනකුගේ පියෙකි. වැඩිමහල් දියණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ‍අතර, එදින නිවසේ සිට ඇත්තේ 15 හැවිරිදි බාල දියණිය පමණි. ඇය පොලිසියට පවසා ඇත්‍තේ පෙරවරු 10.00ට පමණ පියා වත්ත සුද්ධ කිරීමට යැයි පවසා පිහියක්ද රැගෙන වත්ත පහළට ගිය බවය. බොහෝ වේලාවක් යනතුරු නැවත ඔහු නිවසට නොපැමිණි බැවින් බිරිඳ, දියණිය සහ ඔවුන්ගේ වත්තේ ඇති බුලත් කොටුවේ වැඩ කරමින් සිටි සේවකයකු ඒ ගැන විපරම් කර බලා ඇත. ලේ විලක් මැද වත්‍තේ කෙ‍හෙල් පඳුරක් අසල වැටී තිබූ රංග රාජපක්ෂගේ සිරුර හමුවන්‍නේ එවිටය.

පාද ‍දෙකේ සහ වම් අතේ බල නහර යැයි සඳහන් නහර තිබී ඇත්තේ කැපීය. රුධිරය වහනය වී ඇත්තේ එම තුවාලවලිනි. සමාජය තුළ දැඩි කතාබහකට ලක්වන්නේ සිරු‍රේ ස්ථාන තුනක බල නහර කපාගෙන පුද්ගලයකුට සියදිවි හානිකර ගැනීමට හැකියාවක් තිබේදැයි කියාය. ඒ, එක් බල නහරක් කපාගන්නා විට ඇතිවන අධික වේදනාව සහ රුධිරය ගලා යාමක් සිදුවන විට දෙවැනි සහ තුන්වැනි කැපුම් කරගැනීම අසාමාන්‍ය බැවිනි. දැඩි වේදනාත්මක මරණයක් ගෙන දෙන මෙම ක්‍රමය මගින් ඔහු සැබැවින්ම සියදිවි හානිකර ගත්‍තේ දැයි සමාජය ප්‍රශ්න කරන්නට වුයේ කැපුම් සිදුකරගත්තේ යැයි කියන පිහියද තියුණු මුවහත් එකක් නොවීම හේතුවෙනි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අධිකරණය හමුවේ පෙන්වා ‍දෙන්නට වූයේ සොයාගත් පිහිය මත තිබූ ලේ සහ ඇඟිලි සලකුණු රංග රාජපක්ෂගේ ඒවා සමග සමපාත වී ඇති බවය.

බාහිර බලපෑමක් මත මරණය සිදුව නැති බවත් සියදිවි හානිකර ගැනීමකින් එම මරණය සිදුව ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. අධිකරණ වෛද්‍ය වාර්තාද සැලකිල්ලට ගෙන එම මරණය සියදිවි හානිකර ගැනීමක් බවට ප්‍රකාශයට පත්වුවත් සමාජය තුළ ඒ ගැන ඇති සැකසංකා තවමත් පහව ගොස් නැත. ඒ ඔහුගේ මරණයත් සමග ඩොලර් මිලියන 2.5 වංචාවේ ඇතැම් සිදුවීම් යටපත්ව ඇති බැවිනි.

කපිල චන්ද්‍රසේන
සී.ඩී.ගේ මරණය මෙන්ම සමාජයේ දැඩි කතාබහට ලක්වූ තවත් මරණයක් වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණයයි. 2026 මැයි 08 වැනිදා මෙම මරණය සිදුවන්නේ ලෝකපූජිත ක්‍රීඩක අරවින්ද සිල්වාගේ කොල්ලුපිටියේ පිහිටි නිවස තුළදීය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඔහු සේවය කළ වකවානුවේ එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ මහා පරිමාණ දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙමින් සිටියදී මෙම මරණය සිදුවීම හේතුවෙන් එය සමාජයේ අවධානයට ලක්වූ’මරණයක් බවට පත්විය. ඔහු මියයන්නේද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරව සිට ඇප ලැබී දිනක් දෙකක් තුළ වීම විශේෂිතය. ඒ ඔහුගේ ඇපකරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්නගත තත්ත්වයක් ඇතිවී නැවත ඔහුව අත්අඩංගුවට ගැනීමට නියෝගයක් අධිකරණය විසින් නිකුත්කර තිබූ’පසුබිමක් තුළදීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා බළඇණියක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශන පවත්වයි. ඒ අනුව අල්ලස් කොමිසම විසින් කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගන්නේ පසුගිය මාර්තු 12 වැනිදාය. එම අවස්ථාවේදී ඔහු විසින් අල්ලස් කොමිසමට ලබාදුන් බව කියන දිවුරුම් ප්‍රකාශයක් දේශපාලන ක්ෂේත්‍රයද උණුසුම් කිරීමට සමත්විය. ඒ, එම අල්ලස් මුදලින් කොටසක් එවක ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ඇතුළු තවත් පිරිසක් අතර බෙදීගිය ආකාරය ගැන එහි සඳහන්වී තිබීම නිසාය. ඒ සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේනගේ නීතිඥවරුන් පවසන්නට වූයේ සිය සේවාදායකයාගෙන් අල්ලස් කොමිසම බිය ගන්වා එය ලියවාගෙන ඇති බවය. ඒ කෙහෙළිය රඹුක්වැල්ලගේ නම ගෑවී ඇති අල්ලස් විමර්ශනයකට අදාළ සැකකරුවෙක් සියදිවි හානිකරගැනීම ගැන පවා මතක්කරමින් බව නීතිඥවරු පෙන්වාදී තිබුණි.

අධිරණයට ඉදිරිපත් කළ කපිල චන්ද්‍රසේන මැයි 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය. එදින ඇප නියම වූ පසු නිදහස ලැබූ ඔහු අරවින්ද සිල්වාගේ නිවසේ කාමරයක අබිරහස් ලෙස මියයන්නේ 08 වැනිදාය. ඒ, ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවන් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල්කරගෙන ඔහුගේ ඇප නියෝගය අවලංගු කර නැවත අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් 07 වැනිදා නිකුත්කර තිබූ පසුබිමකය.
මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් ලෙස සඳහන් වුවත් එය සිදුව තිබුණේ අසාමාන්‍ය ලෙසිනි. ඒ, ඔහු විසින් සියදිවි හානිකරගෙන තිබුණේ ව්‍යායාම් සඳහා භාවිත කරන ප්‍රතිරෝධක පටියකින් වීම හේතු‍වෙනි. මෙම ව්‍යායාම පටිය කාමරයේ තිබූ ලී දොරේ ඉහළ කොටසට දමා, එහි අනෙක් කෙළවර ගෙලෙහි දමාගෙන ඔහු මියගොස් සිටි බව පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි. දොරේ උසත්, කපිල චන්ද්‍රෙස්නගේ උසත්, ගෙල වැලලා ගැනීමට යොදාගත් බව කියන උපකරණයත් ගත් කල එය අසාමාන්‍ය සියදිවි හානිකර ගැනීමකි. එම මරණය සමාජය තුළ දැඩි කතාබහකට ලක්වන්‍නේ එබැවිනි.

සියදිවි නසාගැනීමක් බවට සැක කෙරුණද, ඒ පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් හෝ අබිරහසක් පවතින්නේ දැයි යන්න සෙවීමට කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් පරීක්ෂණයක් පවා අරඹන්නේ එබැවිනි. ඒ යැයි කියා එම මරණය ඝාතනයක්ද නැද්ද යන්න ගැන පැහැදිලි නැතත් ශරීර කොටස් රජයේ රසපරීක්ෂක වෙත යොමුකර ඇත්තේ මරණයට නිශ්චිත හේතුව සෙවීම සඳහාය.
මේ සියලු මරණ අතරින් ඇතැම් මරණ සියදිවි හානිකර ගැනීම් බව කියැවුණත් අදටත් ඒ මරණ ගැන ඇත්තේ සැබවින්ම අබිරහසකි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

Next Post

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

MORE NEWS

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

Load More
නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයකු නොමැති බවත් ග්‍රාම සේවා වසම් 7ක කුඩා ගම්මා 20ක ජනතාව මේ නිසා පීඩාවට පත්ව ඇති...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.