ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණ කාණ්ඩය වසරේ විශිෂ්ටතම සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස අඛණ්ඩව තෙවන වසරටත් බ්රෑන්ඞ් ෆයිනෑන්ස් මගින් ප්‍රකාශයට පත්කරන වසරේ විශිෂ්ටතම හා ශක්තිමත්ම වෙළඳ නාම වර්ගීකරණය වෙතින් සම්මානයට පාත්‍ර වී තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ දැවැන්ත සන්නාම සමග තරග කරමින් වසරේ ජනප්‍රියම රක්ෂණ සන්නාමය බවට පත්ව තිබෙන අතර මෙම සුවිශේෂී සම්මාන මගින් පිළිබිඹු කරන්නේ පරම්පරා ගණනක් තිස්සේ විශ්වාසය හා කැපවීම තුළින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ළඟා කරගෙන තිබෙන විශිෂ්ටත්වයයි.
පාරිභෝගිකයන්ට පූර්ණ ආරක්ෂාව සහ පහසුව සැලසීම ඉලක්ක කරගනිමින් ක්‍රියාවට නංවන ලද වා්යපෘති රැසක නියමුවා වෙමින් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රයේ පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණ කාණ්ඩයයි.
මෝටර් රථ ක්ෂේත්රය තුළ සේවා සපයන්නන් සමග විශේෂ එකඟතාවයන් ඇතිකර ගැනීම, බැංකු සහ මූල්‍ය ගනුදෙනු පහසුකම් සපයන්නන් සමග එක්වෙමින් ලබාදෙන පහසු ගෙවීම් ක්‍රම, විවිධ සේවා සපයන්නන් හරහා සිදුකළ හැකි ගෙවීම් ක්‍රම, අන්තර්ජාලය ඔස්සේ රක්ෂණ අවශ්‍යතා ඉටුකර ගැනීමේ හැකියාව, සරල සහ ඉක්මන් හිමිකම් පියවීමේ ක්‍රමවේදයන් සහ නිවැරදි තක්සේරුව මෙම ව්‍යාපෘති අතරින් කිහිපයක් වේ.











