• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

December 14, 2023
in Exclusive, Mahawanshaya, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ථූපාරාම පිළිමගෙය මුරකරන සේවකයන් කියනවා රාත්‍රි කාලයේදී නාග රාජයෙක් ථූපාරාම පිළිමගෙය රැකවරණය කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි ගල් විහාරයත් රැකවරණය කරන නාග රාජයෙක් ඇහැට දැකපු පිරිසක් ඉන්නවා.(Sri Lanka Latest News) ඉතින් මේ නාගයන් සහ මිනිසුන් අතර තියෙන සම්බන්ධය මොකක්ද? රුවන්මැලි සෑය, කැලණිය, ඈත ඉතිහාසයේ ඉඳන් තියෙන නාගයන් පිළිබඳ තියෙන කරුණු, ආනුරාධපුරයේ පිහිටි චෛත්‍යයක් වුණු ථූපාරාමය පොළොන්නරුවේ විහාර ගෙයක් වුණේ කොහොමද? ලෝකයේ කෝවිලක් ඇතුළේ තියෙන එකම විහාර ගෙය තමයි ථූපාරාම පිළිමගෙය. ථූපාරාම පිළිමගෙය ඇතුළේ තියෙන විශේෂ හාස්කම් ගැන අපි මේ ලිපියෙන් කතා කරනවා.

පොළොන්නරුවේ ථූපාරාම පිළිමගෙය හැදුවේ කවුද? මේකත් ඉතිහාසයේ හරිම සඳහනක් නැති කරුණක්. ඒ වගේ කරුණු රාශියක් අපේ හෙළ දීපයේ තියෙනවා. සමහරු කියනවා පරාක්‍රම බාහු රජතුමාගේ ඇමැතියෙක් වුණු මහින්ද විසින් එය ඉදිකළා කියලා. තවත් සමහරු කියනවා විජයබාහු රජතුමා එය ඉදිකළ බව. කවරෙකු එය ඉදිකළත් වසර 900කට අධික කාලයක් ආරක්ෂා වෙලා තියෙනවා මේ ථූපාරාම පිළිමගෙය. පිළිමගෙය ආරක්ෂා වුණාට ථූපාරාම පිළිමගෙය ඇතුළේ තියෙන ප්‍රතිමා වහන්සේලා නම් ආරක්ෂා වෙලා නැහැ.

පොළොන්නරු යුගයේ ඉදිවුණු සෑම ගොඩනැගිල්ලක්ම විනාශ වෙලා තියෙද්දීත් ථූපාරාම පිළිමගෙය කාලයාගේ ඇවෑමෙන් දිරාපත් වූවා විනා තවමත් නොනැසී පවතින්න හේතුව මොකක්ද? අනුරාධපුරය, පොළොන්නරුව කියන්නේ ආක්‍රමණ බහුල කාලයක්. සුද්දෝ අපේ වටිනා කියන ලිපි ලේඛන පුස්කොළ පොත් හැම දෙයක්ම එංගලන්තයට අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ අධ්‍යයනය කරලා සංරක්ෂණය කරලා අපේ හෙළ ඉතිහාසය වළලනවා. ඉන්දියාවෙන් ආපු දෙමළ පිරිස් කරන්නේ මේ කිසිම දෙයක් නෙවෙයි. අපේ ගොඩනැගිලි පුස්කොළ පොත් හැම දෙයක්ම විනාශ කරපු එක.

මේ කාලේ එනවා කාලිංග මාඝ ආක්‍රමණය. කියන්න දෙයක් නෑනේ ඉතින්, අපේ බෞද්ධ සිද්ධස්ථාන හැම දෙයක්ම මාඝ විනාශ කරනවා. මේ සත්මහල් ප්‍රාසාදයත් ඔහු ගිනිතියලා විනාශ කරලා දැම්මා. පිටතින් පෙනෙන කෝවිලක හැඩය ගත් ථූපාරාම පිළිමගෙය විනාශ නොකරන්න හේතුව තමයි එහි ඇති කෝවිලක හැඩය. ඇතුළත තියෙන පිළිම වහන්සේලා නවයම කඩා විනාශ කරලා දැම්මා. ඒ පිළිම වහන්සේලා අතර මුළු ථූපාරාම පිළිමගෙයම ආලෝකවත් කරන නේත්‍රාවලට මැණික් ඔබ්බවපු පිළිම වහන්සේත් විනාශ කරලා දැම්මා.

චන්ද්‍රකාන්ති පාෂාණයෙන් නිර්මාණය කරපු පිළිමවහන්සේවත් විනාශ කළා. ඒ වගේම චන්ද්‍රකාන්තියෙන් දිදුලන මේ පිළිම වහන්සේ තියෙන්නේ ථූපාරාම පිළිමගෙය ඇතුළේ. මේක ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් දැකලා නැතුව ඇති. වසර 900කට අධික කාලයක් තියෙන දිග අඩි 82ක් සහ පළල අඩි 52ක වපසරියකින් යුත් ථූපාරාම පිළිමගෙය පිටත විමාන වර්ගයේ රූකම්වලින් අලංකාර කරලා තියෙනවා. මේක ඉතින් හෙළ කලා ශිල්පියාගේ නිර්මාණයක්.

ථූපාරාම පිළිමගෙයට ගියාම ඕගොල්ලන්ට දක්නට ලැබෙන තවත් විස්මිත ගෘහ නිර්මාණයක් තියෙනවා. ථූපාරාම පිළිමගෙයි වහලය නිර්මාණය කරලා තියෙන්නේ වක්‍රාකාරවයි. 1153 ඉඳන් 1186 දක්වා කාලය තුළ මහා පරාක්‍රමබාහු රජතුමා වන්දනාමාන කළ සිද්ධස්ථානය ඇතුළත පිළිම වහන්සේලා 9ක් වැඩසිට තියෙනවා. මේ සියල්ලම විනාශ කළා කිව්වනේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නැවත අලුත්වැඩියා කරලා තියෙනවා. 1885 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලංකාවේ ආරම්භ වෙනවා. ඊට පස්සේ 1906 කාලේ බෙල් මහත්මයා සහ 1940-1953 කාලේ සෙනරත් පරණවිතාන මහත්මයත් පුරාවිද්‍යා කොමසාරිස්වරුන් බවට පත්වෙනවා.

මෙහි ගොඩනැගිලි බිත්ති අඩි 5ක් වගේ පළල ශක්තිමත් ඒවා. ඉහළ මහලකුත් තිබූ බව පසෙකින් තියෙන තරප්පු පේළියෙන් අපට හිතාගන්න පුළුවන්. මෙය මැද්දේ හිඳි පිළිම වහන්සේ නමක් තිබී විනාශ කළා කියලා මුලින් අපි සඳහන් කළා. ඒ පිළියම අඩි 15ක් පමණ උසයි. නේත්‍රාවලට මැණික් ගල් තමයි භාවිත කරලා තියෙන්නේ. නැගෙනහිරෙන් එන හිරු රැස් උදෑසන කාලයේදී මේ මැණික්වලට පතිත වෙනවා. ඒ ආලෝකයෙන් දවස පුරාම ථූපාරාම පිළිමගෙය තුළ විහිදෙමින් තිබිලා තියෙනවා.

ඒ වගේම රාත්‍රියට ඒ තුළට ආලෝකය ලබාගෙන තියෙන්නේ පොල්තෙල් සහ කැකුණ අටතල් පහන් දල්වලා. මේ පිළිම වහන්සේ රැකවරණය සඳහා රාත්‍රී 10න් පස්සේ නාග රාජයෙක් පැමිණෙනවාලු. හාස්කම් මහ රෑ ජාමේ තියෙන තැනක්ලු. මේ කතාව කියන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ විශ්‍රාමික නිලධාරියෙක්. ඔහුගේ නම බණ්ඩාර. අවුරුදු 37ක සේවා පළපුරුද්දක් සහිත ඔහු කියනවා ගල් විහාරයේත් නාග රාජයෙක් සිටින බව සියැසින්ම දැක්කා කියලා. මේ කතාවේ සත්‍ය අසත්‍ය බව එම ස්ථානවල රාත්‍රී මුර සේවයේ නිරතව සිටින අයගෙන් ඔබටත් අහලා දැනගන්න පුළුවන්.

රුවන්මැලි මහ සෑයේ බටහිර දොරටුව ගැනත් විස්මිත කතාවක් තියෙනවා. ඒ බටහිර දොරටුව හැම වෙලාවෙම වහලා තියෙන්නේ. මේ දොරටුවේ පඩිපෙළ ආසන්නව වතුර පිරුණු භාජනයකුත් තබා තියෙනවා. නාගයන් රුවන්මැලි සෑය වන්දනා කරන්න පැමිණෙන්නේ මෙන්න මේ බටහිර දොරටුවෙන් කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. මිනිස් වෙස් ගත් නාගයන් මහ සෑය වන්දනා කරන්න එන බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින්වහන්සේ පවසා තිබෙනවා. නාගයන් සම්බන්ධ තවත් විස්මිත කතාවක් තියෙනවා. ඒ තමයි මනිඅක්ඛිත නාරජුගේ අඩවිය ලෙස සැලකෙන කැලණිය පුදබිම වන්දනා කරන්නත් මිනිස් වෙස්ගත් නාගයන් පැමිණෙනවාය කියන එක.

Media M යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ඇමැති රමේෂ් පතිරණගේ වැඩවලට බාධා කරන්නේ කව්ද? මට මාධ්‍ය ඉස්සරහා කියන්න බෑ! සමහර වැඩවලට තැනකින් බාධා තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

වන අලින්ට කතා කරලා මෙල්ල කරන සේරුවාවිල තරුණිය I Sri Lanka Latest News

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.