• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

July 26, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක් අය ඒකත් ලංකාවෙ වගේම එකක් කියල හිතනවා. නමුත් ඇත්තටම ගත්තොත් ඒක ලංකාවෙ අන්තරේ සටනක් (සයිටම් වගේ) සහ 2022 අරගලය කියන අතර අතරමැද තැනක තමයි තියෙන්නෙ. පිටත ස්වරූපයෙන් ලංකාවේ අරගලය වගේ පෙනුණට හරයෙන් ඒක වඩා සමීප වෙන්නෙ සයිටම් සටන වැනි අන්තරේ සටනකට.Sri Lanka Latest News

දෛවෝපගත විදියට මේකෙත් මූලාරම්භය තියෙන්නෙ වෛද්‍ය අධ්‍යාපනයට ප්‍රවේශ වන්නේ කෙසේද කියන ප්‍රශ්නය. ඉන්දියාවේ ඒ ප්‍රවේශ විභාගයක සිදුවුණු දූෂණයක් තමයි මේ සිද්ධි දාමයේ ආරම්භය. ලංකාවේ සයිටම් සටන කියන්නෙත් වෛද්‍ය අධ්‍යාපනය දිය යුත්තේ කාටද කියන ප්‍රශ්නය මුල්කර ගත්තු එකක්නෙ. ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට තියෙන ප්‍රවේශ විභාගය ඉතාමත්ම තරගකාරී එකක් වෙනවා වගේම ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනයට ප්‍රවේශ වීම සඳහා සුදුසුකම් ලැබීමට තියෙන විභාගයත් ඉතාමත්ම තරගකාරීයි. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇතිවන දූෂණයක් හෝ අක්‍රමිකතාවක් ඒ විභාගයට පෙනී ඉන්න තරුණයෙක්ට දරාගන්න බැරි දෙයක් වීම තේරුම් ගන්න පුළුවන්.

මෙතැනදී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ප්‍රධාන වෙනසක් තමයි ඉන්දියාවේ ඔය විභාගය කොහොමටත් අවුරුදු ගානක් තිස්සේ දූෂිතයි කියලා විශ්වාස කෙරුණු එකක්. මේ සැරේ සිදුවීම ඒකෙ කූටප්‍රාප්තියක් විතරයි. නමුත් ලංකාවේ රාජ්‍යය මැදිහත් වෙලා පවත්වන දේවල්වලින් දූෂණයට සහ දේශපාලන අතපෙවීම්වලට කිසිම ඉඩක් නෑ කියන්න තිබුණු එකම දේ තමයි උසස් පෙළින් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගැනීම. ලංකාවෙදි මුලින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල සටනත් පසුව සයිටම් සටනත් පැන නගින්න හේතු වුණේ ඒ සාධාරණ ක්‍රමවේදයට පිටින් මුදල් බලය සහ දේශපාලන බලය භාවිත කරලා වෛද්‍ය උපාධි ලබාගැනීමේ මාවතක් විවෘත කර ගන්න යම් ප්‍රබල පිරිසක් උත්සාහ කිරීම.

ලංකාවේ සහ ඉන්දියාවේ තියෙන සමානකම තමයි ඒ සමාජ දෙක තුළ ඔඩු දුවලා තියෙන වංචාව හා දූෂණය මේ වෛද්‍ය අධ්‍යාපන සිදුවීම් දෙක තුළින් පිළිබිඹුවීම. නමුත් ලංකාවෙදි සයිටම් සටන පොදු සමාජ අරගලයක් බවට පත්වුණේ නැහැ. ඒ වෙනුවට සිද්ධ වුණේ වෛද්‍ය ශිෂ්‍යයන් සහ අන්තරයේත්, කුඩා වාමාංශික සංවිධානවලත්, අධ්‍යාපනය පිළිබඳව උනන්දුවක් තියෙන සුළු පිරිසකගේත් සටනක් පමණක් බවට එය පත්වීම.

ලංකාවේ අතිබහුතරයක් දෙනාට ලෝකයේ වෛද්‍ය අධ්‍යාපනය සංවිධාන වෙලා තියෙන ආකාරය ගැන නිසි අවබෝධයක් නැති නිසා එයාලා ඇත්තටම විස්මයජනක ලෙස ගත්තේ දූෂිත දේශපාලනඥයන්ගේ සහ සයිටම් එක හා සම්බන්ධ ජාවාරම්කාරයන්ගේ පැත්ත. ඒ අනුව සයිටම් සටන ලංකාවේදී කිසිම විදියකින් ආණ්ඩු පෙරළන මට්ටමේ මහජන සටනක් බවට පත්වුණේ නෑ. ඒ වෙනුවට සිද්ධ වුණේ වංචාවට දූෂණයට විරුද්ධව කතා කරන අය පවා නිශ්චිතවම මහ දවල් වංචාවක් වූ සයිටම් එකට පක්ෂපාත වීම. ඒ වගේම නිසි සාධාරණ ක්‍රමවේද තුළින් කුසලතාව සහිත ශිෂ්‍යයන්ට වෛද්‍ය අධ්‍යාපන ප්‍රවේශය ලබාදීම ලංකාවේ ජාතික උරුමයක් ලෙස දකිනවා වෙනුවට ඒක ලංකාවෙ තියෙන වහාම නිවැරදි කළ යුතු වැරැද්දක් ලෙස දකින තැනට සමහරු පත්වුණා.

ලංකාවේ ආණ්ඩුවක් ගෙදර යවන සටන ඒ අනුව ආවේ අධ්‍යාපන සටනක් පසුව සමාජ අරගලයක් බවට වර්ධනය වීමෙන් නෙවෙයි. ඒක ආවේ ගෑස් පෙට්‍රල් විදුලිය ආහාර බෙහෙත් නැතිවෙලා රට බංකොලොත් වුණාම. ඒ කියන්නේ ගෑස්, විදුලිය, පෙට්‍රල් නැතිවීම කියන එකේ හේතුව ලෙස දේශපාලනයෙහි අරක්ගෙන තියෙන වංචාව, දූෂිතභාවය, ඥාති සංග්‍රහය වගේ දේවල් මිනිස්සුන්ට පෙනෙන්න ගැනීමයි ලංකාවෙදි වුණේ. ඒ මිසක් වෛද්‍ය අධ්‍යාපනය වගේ සීමිත පිරිසකට බලපාන ප්‍රශ්නයක් නෙවෙයි මුළු සමාජයටම බලපාන ප්‍රශ්නයක් තමයි ලංකාවේ අරගලයට හේතු වුණේ.

ඉන්දියාවේ වර්තමාන ‘කොක්රෝච් අරගලය’ දිහා බැලුවම පේන දේ තමයි ඒක හරයෙන් ලංකාවේ සයිටම් සටන වගේ සටනක්. ලංකාවේ සයිටම් සටන මහා ජන අරගලයක් බවට පත්වුණේ නැහැ. නමුත් බංග්ලාදේශයේ ඊට සමාන ප්‍රශ්නයක් වුණු ඉහළ වෘත්තීන්ට තරුණයන් බඳවා ගැනීමේ ක්‍රමය මහජන අරගලයක් බවට පත්වෙලා ආණ්ඩුව ගෙදර ගියා.

ඒ කියන්නෙ සමහර වෙලාවල්වලට ඒ වගේ පුංචි එළිවලින් මහා සමාජයේ ඇති ලොකු ප්‍රශ්න දකින්න මහජනයාට පුළුවන් වෙනවා. වෙනත් වෙලාවට මෙහෙම දැල්වෙන එළි ටික කාලෙකට දැල්විලා පස්සේ නිමිලා යනවා. මහා සමාජයට ඒකෙන් ලොකු බලපෑමක් වෙන්නෙ නැහැ.

දැන් ඉන්දියාව සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්නය තමයි ඔය දෙකෙන් කොයික වෙයිද කියන එක. දැනට විශාල තරුණ පිරිසක් මේ ව්‍යාපාරයට ආකර්ෂණය වෙලා තියෙනවා කියන එක පැහැදිලියි. ඒ කියන්නෙ මේක සයිටම් මට්ටම පැනලා තියෙන්නේ. නමුත් පැහැදිලිවම තවම ඒක ලංකාවේ 2022 අරගලය මට්ටමට ඇවිල්ලා නැහැ. ලංකාවේ අරගලයේදී සේවකයෝ දහය දොළහා ඉන්න ආයතන ඉස්සරහ පවා අතින් ලියපු බෝඩ් කෑලි උස්සගෙන මිනිස්සු ඒ අරගලයට සම්බන්ධ වුණා. පොඩි හන්දිවල දහය විස්ස එකතුවෙලා සටන් පාඨ කිව්වා. ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පුළුල් මහජන අරගලයක්. නමුත් තවමත් ඉන්දියාවේ ඔය කියන අරගලය ලංකාවේ අරගලයේ ආසන්නයටවත් ඇවිල්ල නෑ. ඒක තවම සයිටම් සටනට වඩා වැඩි සටනක් විතරයි.
නමුත් මේ සටනෙන් ඉන්දියාවේ මෝඩිලගේ බලය පොඩ්ඩක් හරි ඉරිතළන්න පුළුවන්. ඒ වගේම සටන් ආවේගයක් සඳහා අවශ්‍ය පුංචි ගිනි පුපුර මේක වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ අනාගතයේදී.

(ලංකාවෙ අපිට දැන් අමතක වෙලා තිබුණට තිබුණට ලංකාවේ අරගලය පටන් ගන්න මූලික හේතු වුණේ ජෝෂෆ් ස්ටාලින් ඇතුළු ගුරුවරු පිරිසක් උද්ඝෝෂණය කළාම එයාලව කෝවිඩ් නීතිය පාවිච්චි කරලා අත්අඩංගුවට අරගෙන බස් එකක දාගෙන අරන් ගිය මොහොතෙන්. ඒ ගුරු අරගලය අපිට දැන් අමතකයි. නමුත් ගෝඨාභය වැටෙන්න පටන් ගත්තේ එතැනින්).

Anuruddha Pradeep Karnasuriya

SendShareShare
Previous Post

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

Next Post

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට වතුපිටිවල අයෝජන කලාප, පොලිස් මුරපොලේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු‍ගේ...

Read more
මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.