• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

November 16, 2023
in Exclusive, Mahawanshaya, News
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෛත්‍රී බුදු හිමියන් සැලකෙන්නේ මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළවන අවසන් බුදු හිමියන් ලෙසයි. අද ඉන්දියාවේ බරණැස් නුවර හෙවත් වරානාසිය අනාගතයේදී කේතුමතී නම් රාජධානිය බවට පත්වූ සමයේදී මෛත්‍රී බුදු හිමියන් ලොව පහළ වන බවයි ධර්මයේ දැක්වෙන්නේ.(Sri Lanka Latest News) එසේ උන්වහන්සේ ඉන්දියාවේ පහළවුවද මෛත්‍රී බුදු හිමියන් සහ ලංකාව අතරද සුවිශේෂ සම්බන්ධතාවක් පවතින බව ඔබ මෙතෙක් අසා තිබුණාද? මේ, උගත් ධර්මධර විනයධර භික්ෂුන්වහන්සේ සහ වංශකතා ඒ පිළිබඳ අනාවරණ කර ඇති ආකාරයයි.

මහාවංශයේ එක් පරිච්ඡේදයක කියැවෙන පරිදි මෛත්‍රී බෝසතුන් ලොව පහළවන සමයේ උන්වහන්සේගේ මව බවට විහාරමහා දේවිය සහ පියා බවට කාවන්තිස්ස රජු පත්වන බවයි ප්‍රකාශ වන්නේ. එසේම දුටුගැමුණු සහ සද්ධාතිස්ස රජවරුන් මෛත්‍රී බුදු හිමියන්ගේ ප්‍රධානතම අග්‍ර ශ්‍රාවකයන් බවට පත්වන බවද මහාවංශයේ සඳහන්. බළන්ගොඩ ආනන් මෛත්‍රෙය නාහිමියන්ගේ අප්‍රකට ලිපි ග්‍රන්ථය තුළද මේ බව දක්වා ඇත්තේ මහාවංශයේ කරුණු පදනම් කරගෙනයි. එසේම දුටුගැමුණු රජුගේ රජකම හැරගිය පුත්‍රයා වන සාලිය කුමරු මෛත්‍රී බෝසතුන්ගේ බ්‍රහ්මවර්ධන නම් පුත්‍රයා වන බවද රිදීගම සුධම්මාභිවංශ හිමියන් 2011 වසරේදී කර්ම විපාක පිළිබඳ ‘ලක්බිම’ පුවත්පතට ලිපියක් සම්පාදනය කරමින් ප්‍රකාශ කර තිබුණා.

මේ අතර, මෛත්‍රී බුදු හිමියන්ගේ දකුණුත් සවු බවට පත්වන බව කියන දුටුගැමුණු මහරජු අනගාරික ධර්මපාලතුමන් ලෙස උපත ලබා ඉමහත් ශාසනික මෙහෙවරක් ඉටුකළ බවයි ‘බුදු පිරිස’ ග්‍රන්ථයේ ඇරැපොල විපස්සි හිමියන් සඳහන් කර ඇත්තේ. එම ග්‍රන්ථයේ දැක්වෙන පරිදි මෛත්‍රී බෝසතුන් ලක්දිව සිරිසඟබෝ රජු ලෙසින් උපත ලබා හිස දන්දුන් බවද ප්‍රකාශ කරනවා. එම කරුණු අනුව පමණක් නොව, ශ්‍රී ලංකාව තුළ මෛත්‍රී බුදු හිමියන් සම්බන්ධ කරන තවත් සාධක පවතින බවයි පෙන්වා දෙනු ලබන්නේ.

නාථ දෙවියන් ලෙස ලාංකිකයන් මෛත්‍රී බෝසතුන් වන්දනා කරනු ලබනවා. මෙරට තුළ අතීතයේ සිටම මෛත්‍රී බෝසතුන් වන්දනා කර ඇති බවට සාධක පවතින අතර, අනුරාධපුර සහ පොළොන්නරු පුදබිම් තුළින්ද මෙත් බෝසත් ප්‍රතිමා හමුවන්නේ ඒ බව තහවුරු කරමිනුයි. මෙය වඩාත් තහවුරු කරන ප්‍රතිමා පහක් රුවන්මැලි සෑ පුදබිමේ දැකගත හැකි වනවා. එම ප්‍රතිමා අතරට කකුසඳ, කෝනාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුන් වහන්සේලාගේ සහ මතු බුදුවන මෛත්‍රී බෝධිසත්වයන්ගේ ප්‍රතිමා ඇතුළත්. වියතුන් පෙන්වා දෙන්නේ මේ මහා භද්‍ර කල්පයේ පහළවූ සිවු මහා බුදුවරුන් රුවන්මැලි සෑ පුදබිමට වැඩම කර, නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩසිට ඇති බවයි. ඒ අනුව නියත වශයෙන්ම මෛත්‍රී බුදු හිමියන් පහළ වූ සමයේ ලංකාවට වැඩමකර රුවන්මැලි සෑ පුදබිමේ වැඩසිටිනු ඇති බවයි ප්‍රකාශ කරනු ලබන්නේ.

ඒ අනුව, ඉන්දියාව තුළ බුදුන්වහන්සේලා පහළ වුවද ආර්ය මාර්ගයේ ගමන් කිරීම සඳහා පින් රැස් කිරීම මෙන්ම එම ධර්මය රැකෙන පින් බිම ශ්‍රී ලංකාව වන බවද ප්‍රකාශිතයි. මෙම කරුණු සහ සාධක අනුව මෛත්‍රි බුදු සසුනේ මාර්ගඵල ලබන ලක්ෂ ගණනක් දෙනා මෙම ලක් දෙරණේ උපත ලබා ඒ වෙනුවෙන් පින් රැස් කරන බවට විශ්වාසයක් පවතිනවා.

LankaAnews යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ඇන්ජි ඇන්ග්‍රි කරපු බංගලි ගොං අලි I Sri Lanka Latest News

Next Post

ලීටර් ගානක් ලේ හොරකම් කරපු ලේ මාපිල්ලු I Sri Lanka Latest News

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.