• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අහසින් ගිය සිංහ මිනිස්සු කවුද?

September 7, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

නවීන තාක්‍ෂණික දියුණුවත් සමගින් වැඩියෙන් ගුරුත්වාකර්ෂණය ගැන කතාබහ වුවද මෙය ඉතා දිගු ඉතිහාසයක් දක්වා සොයා බැලිය යුතු කරුණක්. මොකද අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය හොයාගන්න අවුරුදු දහස් ගණනකට පෙර මෙරට ජීවත් වූ හෙළයන් අහසින් ගමන් කළ බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා. එහිදී රාවණ රජතුමා අමතක කළ නොහැකි චරිතයක්. ඇතැම් බටහිර රටවල් රාවණ ගැන කතා පුවත් මනඃකල්පිතයක් සේ හුවාදැක්වීමට කටයුතු කිරීම තුළද වඩාත් අවධානයෙන් ඒ ගැන සිතිය යුත්තේ ඇයිද යන්න පැහැදිලි වෙනවා.

එසේම වර්තමානයේ ගුරුත්වාකර්ෂණය යන සංකල්පය අභිභවා ගිය දස්කම් – විස්කම් පාන්නට අතීත හෙළයාට ශක්තිය සහ සුවිශේෂී වූ දැනුමක් තිබූ බවත් රහසක් නොවේ. ඒ වගේම ඊජිප්තු පිරමීඩ කැටයම්වල තිබුණු එක්තරා සටහනක් මෙහිදී වඩාත් අවධානයට ලක්කළ යුතු යැයි සිතනවා. එම සටහනේ මෙලෙස තිබූ බව පැවැසෙනවා.
“අහසින්… ආ… සිංහ මිනිසුන් අපගේ පිරමීඩ ඉදිකිරීමට දායක වූ බව”

මෙහිදී වඩාත් සැලකිල්ලට ගතයුතු කරුණු කිහිපයක් හඳුනාගත හැකියි. එනම් අහසින් ගිය සිංහ මිනිසුන් යනු අතීත හෙළයන් බවත් ඔවුන් එසේ ගුරුත්ව බලය ජයගෙන අහසින් ගමන් කළේ කෙසේද යන්නත්ය. ඊළඟට සැකකළ හැකි ප්‍රධානම කාරණය වන්නේ ඊජිප්තු පිරමීඩවල තාක්‍ෂණය අතීත හෙළයන්ගේමද යන්නන්ය.
පිරමීඩ යනු සොහොන් කොත්ය. අතීත රජවරුන්ට අයත් සිරුරු මිහිදන් කිරීම සඳහා ඉදිකළ පිරමීඩවල හිස උල් ආකාරයට හැදීමේ ප්‍රධානතම කාරණාව වන්නේ ගුරුත්ව චුම්බක බලයෙන් ප්‍රයෝජන ගෙන සිරුරු කල් තබා ගැනීමය. එය සිදුවන්නේ පිරමීඩ හිසට චුම්බක බලය වැටෙද්දී එය පිරමීඩ බිත්ති දිගේ විහිදී ගමන් කිරීමයි. එයින් සිරුරුවල පැවැත්ම වැඩි වෙනවා.

අනෙක් කරුණ නම් මෙරට සියලුම දාගැබ් සහ ධාතු කරඬු ආදියේද හිස උල් හැඩයෙන් ඉදිකිරීමට අතීතයේ පටන් කටයුතු කර ඇති අයුරු ඉතා පැහැදිලිව හඳුනාගත හැකියි. මේ සියලු කාරණා සම්බන්ධව ඉතා අවධානයෙන් සිතා බැලීම වර්තමාන හෙළයාගේ වගකීමය. මන්ද යත් රාවණ රජු දඬුමොනරයකින් අහසින් ගමන් කළේ අද ඊයේ නොවේ. ඒ මීට වසර දහස් ගණනකට පෙරයි. එසේ නම් වසර දහස් ගණනකට පෙර හෙළ වැසියන් ඉතා දියුණු තාක්‍ෂණයක් භාවිත කළ ජන කොට්ඨාසයක් බව පැහැදිලි වෙයි. ඒ අනුව මෙතෙක් ලෝකයේ හමු වී ඇති තොරතුරු අනුව රාවණ හැර කිසිවකු අහසින් ගමන් කළ බවට පැහැදිලි හඳුනාගැනීමක් නැත. එසේ බලද්දී ඊජිප්තු පිරමීඩ හදන්නට අහසින් ගොස් උදව් කළ ඒ විශිෂ්ට සිංහ වැසියන් හෙළයන්ම මිස අන් කවරකුවත් නොවන බවට තවත් සාක්‍ෂි අවශ්‍ය නැත.

චමිලා ප්‍රියදර්ශනී

SendShareShare
Previous Post

හදපු ගේ කඩලා දොස් දුරු කිරීමට පෙර

Next Post

විමල් සුපිරි නිවහනක

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

ප්‍රංශයේ පැරිස් නුවර පොලිසිය මගින් හිටපු LTTE සාමාජික කුට්ටි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.Sri Lanka Latest News මැයි 30 වැනිදා...

Read more
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.