• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හදපු ගේ කඩලා දොස් දුරු කිරීමට පෙර

September 7, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

බොහෝ විට නිවෙසක් සාදන විට වාස්තු ශාස්ත්‍රඥයකුගේ උපදෙස් පැතීම අද දවසේ සිදු වන නමුත් එසේ නොමැති අවස්ථාද තිබේ. එසේ වාස්තු සිද්ධාන්ත පිළිබඳ තැකීමක් නොකර ඉදිකළ නිවෙස්වල සිටින අය තමන්ගේ ජීවිතවලට කරදර පැමිණෙන විට වාස්තු ශාස්ත්‍රඥයකුගේ උපදෙස් පතන අතර, ඒ බොහෝ දෙනකු අදාළ නිවෙස්වල කොටස් කඩාබිඳ දමා වෙනස් කිරීමට නිර්දේශ කරනු අප දැක තිබේ. එසේම නිවෙස සෑදීමට පෙර අනුගමනය කළ වාස්තු උපදෙස්ද බොහෝ විට වැරදි බව පසුව සොයාගත් අයටද එවැනිම ආකාරයේ කඩාබිඳ දමා වෙනස් කිරීමේ උපදෙස් ලැබේ. දුක්මහන්සියෙන් ඉපැයූ ධනයෙන් තම කැමැත්ත පරිදි සාදාගත් නිවෙස් එසේ කඩා බිඳදමා වෙනස් කිරීමට ලැබෙන උපදෙස් බොහෝ විට කිසිදු ප්‍රායෝගික බවකින් තොර බව අප පවසන්නේ විශ්වාසයෙනි.
වාස්තු ශිල්පය පිළිබඳ මුලින්ම ලියැවෙන්නේ මිනිසුන් යෝධ ගොඩනැඟිලි ඉදිකළ නමුත් ඒ සම්බන්ධ කිසිදු විධිමත් දැනුමක් හෝ තක්‍ෂණයක් නොමැති කාලයකය. එම නිසා වාස්තු ශාස්ත්‍රයේ ඉදිරිපත් කර තිබෙන බොහෝ මූලික සිද්ධාන්ත අද දවස වන වට ප්‍රායෝගිකත්වයෙන් තොර බව තේරුම ගැනීමට තරම් වාස්තු ශාස්ත්‍රඥයා බුද්ධිමත් විය යුතුය.
එවන් සිද්ධාන්තයන් කිහිපයක් පිළිබඳ ඔබ දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි.
නිවෙසේ තරප්පු පෙළට නියමිත තරප්පු සංඛ්‍යාව නොමැති නම් එය ගෙහිමියාට මරණය කැන්දන තරම් බලවත් දෝෂයක් බව බොහෝ වාස්තු පොත්පත්වල සඳහන් වෙයි. නමුත් ප්‍රායෝගිකව තරප්පු පෙළට ඇතුළත් විය යුතු තරප්පු සංඛ්‍යාව නීර්ණය විය යුත්තේ ප්‍රධාන කරුණු දෙකක් ඔස්සේය. පළමු වැන්න නම් නිවෙසේ වාසය කරන පුද්ගලයන්ගේ උස මට්ටම අනුව එක් තරප්පුවක උස තීරණය කිරීමයි. එය සියල්ලන්ටම පහසුවෙන් තරප්පු පෙළ නැඟීම හෝ බැසීම පදනම් කරගෙන කළ යුත්තකි. අනෙක් කරුණ නම් තරප්පු පෙළ නැඟීම හුරු පාදයෙන් එනම් දකුණු පාදයෙන් ආරම්භ කර හුරු පාදයෙන්ම අවසන් කිරීමට හැකි වීමය. එසේ නොවුණහොත් පය පැකිලීම සිදුවිය හැකිය. විශේෂයෙන්ම තරප්පු පෙළ හදිසියෙන් නඟින – බසින අවස්ථාවකදී යම් අනතුරක් බොහෝ දුරට විය හැකිකම පවතී. සුවිසල් සාප්පු සංකීර්ණවල තිබෙන විදුලියෙන් ක්‍රියාත්මක කෙරෙන ස්වයංක්‍රීය තරප්පු පෙළක් නඟින හෝ බසින විටක මා මේ කියන කරුණ ඔබට පැහැදිලිවම අත්විඳිය හැකිය.

නිවෙසේ මුදුන් යටලීය මත කිසිවක් තැබීම අයහපත් බවත්, එයද ගෙහිමියාට මරණය කැන්දන තරමට බලවත් දෝෂයක් බවත් බොහෝ පොත්පත්වල සඳහන්ය. අතීතයේ ගෙවල් සාදන විට දොර-ජනෙල්වලට ඉහළින් ලින්ටලයක් තැබීම කෙරුණේ නැත. එය පසුකාලීනව ගොඩනැඟිලි තාක්‍ෂණයට එක්වූ සුවිශේෂී අංගයකි. දොර හෝ ජනේලය යනු බිත්තියේ විශාල විවරයක් බැවින් ඉහළින් එන බර දරා ගැනීම ලින්ටලය මඟින් සිදුවෙයි. අතීතයේ නිවෙස් සෑදූ ක්‍රමවේදය අනුව බොහෝ විටම ප්‍රධාන දොර තැබුණේ මුදන් යටලීයට එක එල්ලේ පහළිනි. ලින්ටලයක් නොමැති බැවින් වහලයේ බරද දරාගනිමින් සිටින මුදුන් යටලීය ඔස්සේ සම්ප්‍රේෂණය වන දැවැන්ත පීඩනය දොර තිබෙන විවරයට එල්ල වීමෙන් බිත්තිය පුපුරා ගොස් කඩාවැටීමේ ඉඩකඩ ඉතා ඉහළය. එවන් ඛේදවාචකයන් මඟින් මරණයක් සිදුවිය හැකි බව අනිවාර්ය කරුණකි. නමුත් වර්තමානය වන විට එසේ නොවේ. ඉදිකිරීම් කර්මාන්තය බොහෝ සේ නව තාක්‍ෂණයෙන් සවිමත් වී තිබේ. දැන් මුදුන් යටලීයක් එසේ කඩාවැටිය හැක්කේ කලාතුරකිනි. එම නිසා එවැනි පැරණි සිද්ධාන්ත අද කාලයට කිසිසේත්ම වලංගු නැත.

නිවෙසේ ගිනිකතියරට හසුවන මාරක ළිඳ පිළිබඳ සංකල්පයද එවන් වූ ප්‍රායෝගික නොවන සිද්ධාන්තයකි. නිවෙසේ මුල්ලක දෙපසකට බිත්ති බැඳීම සඳහා පොළොව හාරන්නට සිදුවෙයි. ඒ ආසන්නයේම පිටතින් ළිඳක් සඳහා ගැඹුරට පොළොව හෑරීම නිසා ඒ අතර තිබෙන පස් තට්ටුව යමකිසි කාලයක ළිඳ තුළට කඩාවැටීම සිදුවිය හැකි අතර, එයද යම්කිසි කරුමක්කාරයකුට මරණය ගෙනදීමටද සමත් විය හැකිය. මන්ද යත් අතීතයේදී එසේ හාරන ළිඳ වටේ දැන් මෙන් බැමි බැඳ සවිමත් කිරීමක් නොකෙරුණු බැවිනි.

නිවෙසේ දොර-ජනෙල් සඳහා ඔත්තේ හා ඉරට්ටේ ලෙස තිබිය යුතු යන සංකල්පයක්ද වාස්තු සිද්ධාන්තයන් අතර තිබේ. එයද සියලුම වාස්තු ශාස්ත්‍රඥයන් පාහේ ඉතා දැඩි ලෙස අනුගමනය කරන නීතියක් බව අප අත්දැක තිබේ. නමුත් දොර-ජනෙල් එසේ ඔත්තේ හෝ ඉරට්ටේ විය යුතු වීමට හේතුව කිසිවෙක් නොදනී. ඇත්තෙන්ම එය එසේ විය යුතුද නැත. විය යුත්තේ නිවෙස තුළට හැකිතාක් පිරිසුදු වාතාශ්‍රය ලැබීමය. නිවෙසේ බිත්තිවල සවිශක්තියට හානි නොවන සේ හා උළුවහු සඳහා තමන්ට වියදම කළ හැකි සේ හැකිතාක් දොර ජනෙල් තැබීමේ කිසිදු වරදක් නොවේ. ඔත්තේ හෝ ඉරට්ටේ විය යුතුය යන සීමාවක් ඒ සඳහා කිසිසේත් අදාළ නොවේ.

තවත් මෙවන් ප්‍රායෝගිකත්වයකින් තොර අදට නොගැළපෙන වාස්තු සිද්ධාන්ත රාශියකි. නිවෙසේ ප්‍රධාන දොර තබන දිශාව සම්බන්ධ සිද්ධාන්තද එවැනිය. අද මෙන් විදුලිය එළිය නොමැති, කෘත්‍රිම ආලෝකය පිළිබඳ කිසිදු හැඟීමක්වත් නැති අතීත කාලයේද නිවෙසේ කටයුතු කිරීම සඳහා ඕනෑම තරාතිරමක අයකුට තිබුණු එකම සෑහෙන ආලෝක ප්‍රභවය වූයේ හිරු එළියයි. හිරු එළියෙන් උපරිම ප්‍රයෝජන ගැනීම පිණිස නිවෙසේ කටයුතු උදෑසන හිරු එළියත් සමඟ අරඹා ක්‍රමක්‍රමයෙන් හිරු බැස යන ආකාරයට ගැළපෙන සේ සැලසුම් කර නිවෙසේ දොර තැබීම හා කාමර වෙන් කිරීම වැනි කටයුතු කර තිබෙන බව පැහැදිලිය.

වාස්තු ශාස්ත්‍රයේ රහස තිබෙන්නේ දිශාවන් සමබර කර ගැනීමටය. විශ්ව ශක්තිය නියමිත ආකාරයට ප්‍රයෝජනයට ගැනීමට හැකි වන සේ නිවෙස ප්‍රායෝගිකව සැලසුම් කරගත යුත්තේ ඉහත මා දැක්වූ ආකාරයට අනවශ්‍ය හිසේ කැක්කුම් බැහැර කරලමිනි. බොහෝ දෙනා වාස්තු දෝෂ ලෙස පෙන්වාදෙන බොහෝමයක් කාරණාවල කිසිදු වැදගත්කමක් නැත. මා ඒ සඳහා උදාහරණ දී ඇත. එසේම බොහෝ වාස්තු දෝෂ නිවැරැදි කිරීම සඳහා සාදා තිබෙන නිවෙසේ බරපතළ කැඩීම් – බිඳීම් වෙනස් කිරීම් අවශ්‍ය නැත. තීක්‍ෂණ බුද්ධියකින් හා ප්‍රායෝගික දැනුමකින් යුත් වාස්තු ශාස්ත්‍රඥයකු සතුව එවන් දෝෂ දුරලනු සඳහා සරල මෙන්ම ප්‍රායෝගික විසඳුම් තිබිය යුතු වෙයි.

SendShareShare
Previous Post

රනිල් සජිත්වයි කරූවයි ‌වෙනවෙනම හමුවෙයි

Next Post

අහසින් ගිය සිංහ මිනිස්සු කවුද?

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.