අද දින පාර්ලිමේන්තුවේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතර උණුසුම් විවාදයක් සිදුවිය.Sri Lanka Latest News
ඊට හේතුවූයේ කිරිඇල්ල මන්ත්‍රීවරයා පෙරේදා දිනයේදී කළ ප්‍රකාශයකි.
එහිදී කිරිඇල්ල මහතා කියා සිටියේ අපෙන් ආණ්ඩුවට ගිය මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නඩු සම්බන්ධයෙන් විනිසුරුවරුන් දෙදෙනකු නඩු තීන්දුව ලියා ඇති බවත්, එක් විනිසුරුවරයකු තීන්දුව ලියා නැති බවත්ය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේ මෙම ප්‍රකාශය හරහා සිය වරප්‍රසාද කඩවී ඇති බවත්, එය විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලීමක් කරන බවත්ය.