ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සමග ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව සිටි ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සහ හිටපු කුඩ්ස් බලකායේ අණදෙන නිලධාරි අහමඩ් වහිඩි අත්අඩංගුවට ගන්නා ලෙස ආර්ජන්ටිනාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලා තිබෙනවා.Sri Lanka Latest News
1994 දී ආර්ජන්ටිනාවේ බුඅනස් අයර්ස් අගනුවර යුදෙව් ජනතාව ඉල්ලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වග උත්තරකරුවෙකු ලෙසයි ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත්තේ.
1984 ජුලි 18 එල්ල වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මේ චෝදනා එල්ල ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහමඩ් වහිඩි කලක් ඉරානයේ ප්‍රබලම හමුදා ඒකකය වන කුඩ්ස් බලකායේ ප්‍රධානියා ලෙසද සේවය කළා.
ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධාන හමුදා කාණ්ඩය වන කුඩ්ස් බලකායේ ප්‍රධානියා සැලකෙන්නේ ජාතික වීරයෙක් ලෙසයි.
නමුත් ඉරාන ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකාවට ආ දුත කණ්ඩායමේ අදාළ අමාත්‍යවරයා නොසිටි බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.
නමුත් මීට පෙර ශ්‍රී ලංකාවට එන ඉරාන දුත කණ්ඩායමට ඔහු ද ඇතුලත්ව සිටියා.