විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ සජබ මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ නඩුව මේ වනවිට විභාග කොට අවසන් කර මාස 3ක් වන නමුත් තීන්දුව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ විනිශ්චයකාරවරුන් දෙදෙනෙකු මෙහි තීන්දුව ලියා ඇති නමුත් එක් විනිශ්චයකාරවරයෙකු තීන්දුව ලිවීමට අදිමදි කරමින් සිටින බවය.
මේ තීන්දුව ලබා දීම ප්‍රමාද කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව කී මන්ත්‍රීවරයා මෙවර එම විනිශ්චයකාරවරයාගේ නම හෙළිදරව් නොකරන බවත්, ඊළග වතාවේදී එය පාර්ලිමේන්තුවට හෙළි කරන බවත් කියා සිටියේය.
Sri Lanka Latest News