Tuesday, June 9, 2026
 

Uncategorized

තන්තිරිමලේ භීෂණයක්: ‌බස්වලට ‌වෙඩි තියයි: පාරේ ටයර් පුච්චයි

තන්තිරිමලේ ප්‍රදේශයේදී ජන්දය දැමීමට මුස්ලිම් ජනතාව ප්‍රවාහනය කරමින් සිටි බස් රථවලට ‌කිසියම් පිරිසක් විසින් ‌වෙඩි තබා ඇති බව එන්.ඩී.ටී.වී. පුවත් ‌සේවය වාර්තා කරයි. මෙහිදී එම පිරිස් විසින් බස්වලට ‌වෙඩි තබමින්, ගල් ගසමින්, මාර්ගයේ ටයර් පුච්චා ජන්දදායකයන් බිය වද්දමින් සිටින බව...

Read more
බොරු බුද්ධි වාර්තාවකින් රටම ‌හෙල්ලෙයි: ‌පොලිසිය ප්‍රතික්ෂේප කරයි

රාජ්‍ය බුද්ධි ‌සේවය මගින් නිකුත් කළ අතිශය රහසිගත ලිපියක් බව කියමින් ‌මේ වනවිට සමාජ ජාලා ඔස්සේ සැරිසරන ලිපිය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව ‌පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. සංසරණය වන ලිපිය කිසියම් පිරිසක් විසින් ‌මෙවැනි පත්‍රිකාවක් නිර්මාණය කර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ...

Read more
මෛත්‍රීගේ මිනීමරු සමාව අත්හිටුවන්නැයි අලුත් ජනපති‌ගෙන් ඉල්ලන්න යයි

රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී විදෙස් තරුණියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිව සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ යන අයට ජනපති සමාව ලබා දී නිදහස් කිරීම සම්බන්ධයෙන් ‌මේ වනවිට බරපතළ නීතිමය ගැටලුවක් මතුව ඇති බව වාර්තා ‌වේ. ඒ පිළීබද අදහස් දක්වන නීති...

Read more
දකුණ අවුස්සන්න බොරු ලියපු පත්තර 3කට සුමන්තිරන් නඩු දමයි

තමන් කළ ප්‍රකාශයක් බව හගවමින් 'අරුණ', 'සිලෝන් ටුඩේ', 'මව්බිම' නැමැති පුවත්පත් ව්‍යාජ පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් ‌දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අදාළ පුවත්පත්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ‌ගෙන ඇත. ඒ අනුව අදාළ පුවත්පත් 3ටම එරෙහිව එන්තරවාසි යැවීමට සුමන්තිරන්...

Read more
සජිත් මරදානෙන්-‌ගෝඨා ‌හෝමාගමින් ජන්ද සටන අවසන් කරයි

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරමින් එක්සත් ජාතික ‌පෙරමුණේ අපේක්ෂක සජිත් ‌‌ප්‍රේමදාස මහතා මරදානේදීද, ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ‌‌‌හෝමාගමදීද සිය පාක්ෂිකයන් ඇමතීමට නියමිතය. අද (13) මධ්‍යම රාත්‍රී 12න් පසු ජන්ද ප්‍රචාරක කටයුතු අත්හිටුවිය යුතු අතර ඉන්පසුව කිසිදු...

Read more
ත්‍රිකුණාමලේ හැදුනුම්පත් එකතු කිරීම ඇරඹේ: එකක් 2000යි

ත්‍රිකුණාමලය මුතූර් ප්‍රදේශයේ කිසියම් කණ්ඩායමක් විසින් පුද්ගල හැදුනුම්පත් එකතු කිරීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇති බවට පැමිණිලි ලැබී තිබේ. ඒ අනුව එක් හැදුනුම්පතක් රුපියල් 2000 බැගින් වූ මුදලකට කිසියම් කණ්ඩායමක් විසින් එකතු කරමින් සිටින බව වාර්තා වී ඇත. මේ සම්බන්ධයෙන් මැතිවරණ...

Read more
ගෝඨාගේ පුරවැසි බවේ අර්බුදය යළි ඇදෙයි: තීන්දුව අරන් වියන්ගොඩලා ‌ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කළහ....

Read more
මහින්ද ‌මෛත්‍රිගේ කටට මුඛවාඩමක් දමයි

ජනාධිපතිවරයාට ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය නම් එය ජනාධිපතිවරණ‌යේ ජන්ද ප්‍රකාශ කිරීම අවසන් වීමෙන් පසු සිදුකළ හැකි බව මැතිවරණ ‌කොමිසමේ සභාපති මහින්ද ‌දේශප්‍රිය මහතා විසින් ‌මෛත්‍රිපාල සිරිසේන මහතා ‌වෙත දැනුම් දී ඇත. ඒ මහතා ‌මෙම දැනුම් දීම කර ඇත්තේ පසුගිය...

Read more
සූදානමින් සිටින්න!  ඉදිරි පැය 72 තුළ අරුම පුදුම සිදුවීම් රැසක්!!

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට ඇති ඉදිරි පැය 72ක කාලය තුළ අරුම පුදුම ජවනිකා සහ සිදුවීම් රැසක් සිදුවීමේ ‌බොහෝ ඉඩකඩක් පවතින බව වාර්තා ‌වේ. ඒ අනුව ඇතැම් ප්‍රකට පුද්ගලයන්ට පපුවේ අමාරු වැළදීම්, අභූත කටකතා පැතිරවීම් වැනි කිසිවකු නොසිතන සිදුවීම් රැසක්...

Read more
රතන හිමි පිට පටවමින් ‌මෛත්‍රී ‌රෝයල් පාක් මිනීමරුවාට සමාව දීමෙන් ඇග ‌බේරාගන්න හදයි

රෝයල් පාර්ක් ඝාතකයා හට තමන් ජනපති සමාව ලබා දුන්නේ අතුරලියේ රතන හිමියන් ඇතුළු ප්‍රභූ කණ්ඩායම් විසින් කරන ලද ඉල්ලීම් අනුව බව කියමින් ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් ‌කොට ඇත. එම ඝාතකයා නිදහස් කිරීමත් සමග සමාජයෙන් එල්ල වූ දැඩි විරෝධය...

Read more
Page 167 of 183 1 166 167 168 183