ජනාධිපතිවරයාට ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය නම් එය ජනාධිපතිවරණයේ ජන්ද ප්‍රකාශ කිරීම අවසන් වීමෙන් පසු සිදුකළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත දැනුම් දී ඇත.
ඒ මහතා මෙම දැනුම් දීම කර ඇත්තේ පසුගිය දිනෙක ජනාධිපතිවරයා හා මැතිවරණ කොමිසම අතර පැවැති සාකච්ජාවකදීය.
ලබන 16 වැනි දින සවස 6න් පසු ඒ සදහා හොදම කාලය වන බවද දේශප්‍රිය මහතා මෙහිදී ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.
කෙසේවෙතත් මීට පෙර වාර්තා පළ වී තිබුණේ ජනාධිපතිවරයා සුපුරුදු පරිදි අවසන් සිකුරාදා දින සියලුම දෙනා පුදුමයට පත් කරවමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට සැලසුම් කර ඇති බවකි.