ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ විද්‍යාල ඇතුළු පාසල් 94ක් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.Sri Lanka Latest News
වලසා මෙතෙක් අල්ලා ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වෙන්නේ.
ජපානයේ නාගරික ප්‍රදේශ ඇතුළුව වලසුන් මිනිසුන්ට පහරදීමේ සිදුවීම් මෑතකාලීනව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා එරට රජය විසින් මේ වසරේදී විශේෂ කාර්ය සාධක බලකායක්ද පිහිටුවා තිබෙනවා.
පසුගිය සතියේ ජපානයේ ඊසානදිග ෆුකුෂිමා නගරයේ සිදුවූ වලස් ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලැබූ අතර, එම වලසා අල්ලා ගැනීමට ද බලධාරීන් අසමත් වුණා.










