• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

April 25, 2026
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 3 mins read
A A
ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1994 බලයට ආ චන්ද්‍රිකා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඒ.එස්. ජයවර්ධන පත්කළ විට ආණ්ඩුව ඇතුළෙන් බෝම්බයක් පත්තු විය. ඒ.එස්. ජයවර්ධන මහබැංකුවේ කනිෂ්ඨ විධායක නිලධාරියකු ලෙස සේවය පටන්ගත් අයෙකි. 1994 චන්ද්‍රිකා බලයට එන විට ඔහු අගමැති රනිල්ගේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරමින් සිටියේය. ඔහු රනිල්ගේ ඒජන්තයකු බවත්, ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කරන්න රනිල් චන්ද්‍රිකා ළඟ ප්ලාන්ට් කරපු ඉත්තෙක් බවත් ආණ්ඩුව ඇතුළෙන්ම චෝදනා එල්ල විය. ඒත් චන්ද්‍රිකා ඒවා මායිම් කළේ නැත. ඇය පරිපාලන අත්දැකීම් තිබුණු නායිකාවක් නොවේ. මේ නිසාම චන්ද්‍රිකා, තමා වගේ ආධුනිකයකුට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය දෙන්න බය වූවාය. රනිල්ගේ අමාත්‍යාංශයේ ලේකම් වුණේ පරිණත අත්දැකීම් ඇති සුපිරිසිදු ලේකම්වරයකු නිසා ඇය ඔහුව මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් කරගත්තාය.Sri Lanka Latest News

ඇය හරිය. 1947 නිදහස දිනාගත්තාට පසු මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කළේ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියාය. ඉන් පසු බලයට ආ ආණ්ඩු මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට තෝරා ගත්තේ එක්කෝ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයෙක් හෝ මහබැංකුවේ විධායක අංයේ සේවය කළ ආර්ථිකය ගැන අත්දැකීම් සහ පළපුරුද්ද ඇති නිලධාරීන්ය.
මෙය වෙනස් කළේ රනිල්ය. රනිල් ඔහුගේ මිත්‍ර එජාප සභාපති චරිත රත්වත්තේව 2002 බලයට ඇවිත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කළේය. ඒත් චරිත ජේ.ආර්.ගේ කාලයේ තරුණ සේවා සභාපති ලෙස සේවය කොට, තරුණ කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ලෙස ප්‍රේමදාස ආණ්ඩු කාලයේ ජනසවිය භාරව කටයුතු කොට පරිපාලන අත්දැකීම් තිබූ අයෙකි. ඔහු මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරමින්, ඍණ තත්ත්වයට වැටී තිබූ ආර්ථිකයක් ධන තත්ත්වයට ගෙන ආවේ මූල්‍ය විනයක් සහිතව ආර්ථිකය මෙහෙයවමිනි.

මහින්ද ජනාධිපති වෙලාත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාරදුන්නේ මහබැංකුවේ සේවය කොට අත්දැකීම් තිබූ පී.බී. ජයසුන්දරටය. විමල් වීරවංශ ඇතුළු මහින්දගේ ආණ්ඩුවේ ප්‍රබලයන් පී.බී., අයි.එම්.එෆ්., ලෝක බැංකු කොන්ත්‍රාත්කාරයෙක් ලෙස හැඳින්වුවත් මහින්ද පී.බී.ව අයින් කරන්න බයවුණේ මහින්ද මුදල් ඇමැති වුවද මුදල් අමාත්‍යාංශයේ අත්දැකීම් නැති නිසාය.
2015 බලයට ආ මෛත්‍රී-රනිල් ආණ්ඩුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කළේ 1984 පරිපාලන සේවයෙන් පටන්ගෙන ලංකාවේ ආර්ථික මර්මස්ථානවල සේවය කළ නිලධාරියකු වූ ආචාර්ය ආර්.එම්.එස්. සමරතුංගවය. ඔහු මහබැංකුවේ මුදල් මණ්ඩලයේ සහ මුදල් කොමිසමේ සේවය කළ අයෙකි.

2019 ජනාධිපති වූ ගෝඨාභය මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්කළේ මහබැංකුවේ වසර 27ක් සේවය කොට තිබූ මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වූ එස්.ආර්. ආටිගලය. ඉන් පසු ආර්ථිකය බංකොලොත් වීමෙන් පසු පත්කළේ වසර 30ක් මහබැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස සේවය කළ මහින්ද සිරිවර්ධනය.

2022 රනිල් මුදල් ඇමැති සහ ජනාධිපති වී ගෝඨාභයගේ පත්වීම වෙනස් කළේ නැත. 2024 අනුර ජනාධිපති වනවිට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරුවේ මහින්ද සිරිවර්ධනය. අනුර ජනාධිපති වී මුදල් ඇමැති වූ විට ඔහුව වෙනස් කළේ නැත. 1994 චන්ද්‍රිකාට මෙන් අනුරටද ඔහුව වෙනස් කරන ලෙස ආණ්ඩුව තුළින් හඬක් නැගුණි.

අනුර ජනාධිපති වනවිට කිසිදු පරිපාලන අත්දැකීමක් තිබූ අයෙක් නොවේ. ඒ නිසා හෝ අයි.එම්.එෆ්. වැඩසටහන කඩාකප්පල් වේ යැයි කියා බයේ අනුර ඔහුව වෙනස් කළේ නැත. අනුර ඔහුට විශ්‍රාම යන්න දී ජවිපෙ නියෝජිතයකු වූ හර්ෂණ සූරියප්පෙරුමව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කළේය. ඔහු ලංකාවේ පරිපාලන සේවයේ හෝ මහබැංකුවේ සේවය කොට අත්දැකීම් ලබාගත් අයෙක් නොවේ. ඔහු ලංකාවේ පුද්ගලික අංශයේ සේවය කළ අයෙකි. හර්ෂණට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්වෙන්න තිබුණු එකම පළපුරුද්ද විනිමය හුවමාරු කොමිසමේ අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවය කිරීම පමණි.

ඔහු 2024 අනුරගේ ජනාධිපතිවරණ කැම්පේන් එකෙහි ප්‍රබල චරිතයකි. මේ නිසාම ඔහුව 2024 මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන පසුව මුදල් නියෝජ්‍ය ඇමැති ධුරයට පත්කරනු ලැබීය. පසුව ඉන් ඉවත් වී මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්විය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ඉන් ඉවත්වී මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් පළමු අවස්ථාව මෙයය.

දැන් මහා භාණ්ඩාගාරයෙන් ඔස්ටේ්‍රලියාවේ ණය හිමිකරුවකුට ගෙවපු ඩොලර් මිලියන 2.5ක් හැකර්වරු අතට පත්වී තිබේ. මෙය ලංකාවේ මුදල් ඉතිහාසයේ සිදුවූ පළමු අත්වැරැද්දය. මෙය එසේ මෙසේ අත්වැරැද්දක් නොවේ. භයානක අත්වැරැද්දකි. බංකොලොත් වූ රටක් බංකොලොත්භාවයෙන් මිදෙන්න ණය ප්‍රතිව්‍යුහගත කරන වෙලාවක මෙය සිදුවීම ලංකාවේ කීර්තිනාමයට හානියකි. අනෙක මේ මුදල් අහිංසක ජනතාවගේ බදු මුදල්ය. මේ බදු මුදල් හැකර්වරුන් අතට පත්වීම මුදල් අමාත්‍යාංශයේ අත්වැරැද්දකි.

2016 බංග්ලාදේශයේ මහබැංකුවට හැකර්වරු පැන විදේශ සංචිතවල සල්ලි අදිනු ලැබීය. එම මුදල්වලින් කොටසක් ලංකාවේ පෑන් ඒෂියා බැංකුවට ලැබී තිබිණි. එවක පැවැති මෛත්‍රී-රනිල් ආණ්ඩුව සහ මුදල් ඇමැති රවී කරුණානායක මැදිහත් වී එම මුදල් යළි බංග්ලාදේශයටම යවන්න වැඩකටයුතු කළහ. බංග්ලාදේශය ඒ සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුවට ස්තුති කළේය.
ඒ වෙලාවේ බංග්ලාදේශයේ ෂෙයික් හසීනාගේ ආණ්ඩුව මෙය දුටුවේ ආණ්ඩුවටත් රටටත් අපකීර්තියක් ලෙසය. වහාම මහබැංකු අධිපති වගකීම භාරගෙන ඉවත් වෙන්න යැයි ඇය කීවාය. මහබැංකු අධිපතිවරයා වගකීම භාරගෙන ඉල්ලා අස්විය.

ලංකාවේ මේ සිද්ධිය සිදුවී ඇත්තේ මහබැංකුවේ නොව මුදල් අමාත්‍යාංශයේය.

‘මුදල් ඇමැති අනුර වගකීම භාරගෙන ඉවත් වෙන්න යැයි ලේකම් හර්ෂණ සූරියප්පෙරුමට කියයිද…?’

රටම බලා ඉන්නේ ඒ දෙසය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සාධාරණ පරීක්ෂණයක් කරන්න ඉඩදී ලේකම් ධූරයෙන් ඉවත් වෙනවාද? මාධ්‍ය හමුවේදී අහපු ප්‍රශ්නයට භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම උත්තර නොදෙයි! ගනුදෙනුවට අනුමැතිය දුන්නාද කියලා අහපු ප්‍රශ්නයටත් උත්තර නෑ! I Sri Lanka Latest News

Next Post

ටේ‍රන්ඩින් හීන අකුරු කරන හර්ෂණ…! මුලින්ම සින්දුවක් හිට් වුණේ 2019දී…! මගේ නිර්මාණ කාලෙන් කාලෙට වෙනස් වෙනවා…! මගේම සින්දු අහන සෙට් එකක් වෙනම ඉන්නවා…! හර්ෂණ කේ. පේරේරා I Sri Lanka Latest News

MORE NEWS

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.