ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට ඇති ඉදිරි පැය 72ක කාලය තුළ අරුම පුදුම ජවනිකා සහ සිදුවීම් රැසක් සිදුවීමේ බොහෝ ඉඩකඩක් පවතින බව වාර්තා වේ.
ඒ අනුව ඇතැම් ප්‍රකට පුද්ගලයන්ට පපුවේ අමාරු වැළදීම්, අභූත කටකතා පැතිරවීම් වැනි කිසිවකු නොසිතන සිදුවීම් රැසක් සැලසුම් සහගතව ක්‍රියාත්මක වීමට නියමිත දැනගන්නට ඇත.
මේ බව ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (12) දඹුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී ද සදහන් කර සිටියේය.
එවැනි ව්‍යාජ රඟපෑම්වලට නොරැවටෙන ලෙසද ඔහු එහිදි ඉල්ලා සිටියේය.










