ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරමින් එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මරදානේදීද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හෝමාගමදීද සිය පාක්ෂිකයන් ඇමතීමට නියමිතය.
අද (13) මධ්‍යම රාත්‍රී 12න් පසු ජන්ද ප්‍රචාරක කටයුතු අත්හිටුවිය යුතු අතර ඉන්පසුව කිසිදු ප්‍රචාරක කටයුත්තක නිරත වීම නීතිවිරෝධී බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.
සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරක කටයුතු සිදුකිරීම තහනම් කිරීමට නීති නොමැති නමුත් සාක්ෂි සහිතව පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද මැතිවරණ කොමිසම සදහන් කරයි.










