ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන HNB FINANCE PLC විසින් සිය මූල්‍ය ශක්තිය සහ මූල්‍ය සේවා වෙළෙඳ ආධිපත්‍ය තවත් තහවුරු කරමින් 2021 වසරේ දෙසැම්බර් 20 වන දින Prime Finance සහ Prime Lands සමග ගිවිසුමකට එළෑඹෙමින් Prime Financeහි බහුතර කොටස් හිමිකාරීත්වය දැරූ මෙරට ප්‍රමුඛතම දේපළ වෙළෙඳ සමාගමක් වන Prime Lands පෞද්ගලික සමාගමට අයත් කොටස්වලින් 87.27%ක් අත්පත් කර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වාදෙනු ලැබූ මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ සිදුවන පළමු අත්පත් කරගැනීම මෙය වන අතර HNB FINANCE PLC සහ Prime Finance PLC මෙම අත්පත් කරගැනීමෙන් අනතුරුව තනි දැවැන්ත මූල්‍ය සමාගමක් ලෙස වඩාත් ශක්තිමත්ව සිය පාරිභෝගිකයන්ට මූල්‍ය සේවා සැපයීමට හැකි වනු ඇත.
මෙම අත්පත් කරගැනීම සහ සමාගම් දෙකේ ශාඛාවන් ඒකාබද්ධ කිරීම තුළින් HNB FINANCEහි වර්තමාන පාරිභෝගිකයන්ට සහ අනාගත පාරිභෝගිකයන්ට මූල්‍ය සේවා රැසක් පෙරට වඩා වැඩි ශාඛා සංඛ්‍යාවක් හරහා ලබාගැනීමේ පහසුකම හිමිවන අතර ප්‍රයිම් ෆිනෑන්ස්හි වත්කම් මත පදනම් වූ 93%ක් වූ ණය කළඹ හරහා HNB FINANCE හි මූල්‍ය සේවා අවදානම වඩාත් ප්‍රශස්ත මට්ටමකට පැමිණෙන අතර සමාගමේ ශේෂ පත්‍රයද ශක්තිමත් වනු ඇත.