• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

July 20, 2026
in Business
Reading Time: 6 mins read
A A
ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝක ටෙනිස් කුසලානය ලෙස හැඳින්වෙන 2026 ඩේවිස් කුසලාන ආසියා ඕෂනියා කලාපීය iv කාණ්ඩයේ (Davis Cup Asia/Oceania Group IV 2026) තරඟාවලිය 2026 ජූලි 20 වැනිදා සිට 25 වැනිදා දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයේ මගපෙන්වීම යටතේ පැවැත්වෙන මෙම තරඟාවලිය ලොවපුරා සිටින පිරිමි ටෙනිස් ක්‍රීඩකයන් සඳහා වන ප්‍රධානතම කණ්ඩායම් තරඟාවලියයි.

කොළඹ දී පැවැත්වෙන මෙම ඉසව්ව සඳහා රටවල් හතක් (7) සහභාගී වේ. ඒ ඉරාකය, උතුරු මරියානා දූපත්, කටාර් රාජ්‍යය, තුර්ක්මෙනිස්තානය, කිර්ගිස්තානය, කුවේට් රාජ්‍යය සහ සත්කාරක ශ්‍රී ලංකාවයි.

මෙම තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම තාරුණ්‍යයේ සහ අත්දැකීම් වල සංකලනයකින් සමන්විත වන අතර අර්න පෙරේරා, තෙහාන් විජේමාන්න, ගනුක ප්‍රනාන්දු සහ සහා කපිලසේන යන ක්‍රීඩකයන් ඊට ඇතුළත් වේ. මිනෙත් නවරත්න අතිරේක ක්‍රීඩකයා ලෙස නම්කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පළපුරුදු පුහුණුකරුවකුවන සංඛ අතුකෝරළ මහතා කටයුතු කරන අතර ලක්ෂ්මන් විජේරත්න මහතා භෞතචිකිත්සක සම්බාහක ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු වන්නේ රක්මාල් කුරේ මහතාය.

මෙම කණ්ඩායම් හත කාණ්ඩ දෙකකට බෙදනු ඇත. එක කාණ්ඩයකට කණ්ඩායම් තුනක් (3) සහ අනෙක් කාණ්ඩයට කණ්ඩායම් හතරක් (4) ඇතුළත් වේ. මූලික වටයේ තරග රවුන්ඩ් රොබින් (Round Robin) ක්‍රමයට පැවැත්වෙන අතර කාණ්ඩ දෙකේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අන්තර් කාණ්ඩ හරස් තරග සඳහා සුදුසුකම් ලබයි. මෙම හරස් තරග වලින් ජයගන්නා කණ්ඩායම් දෙක මෙම ඉසව්වේදී උසස් කරනු ලැබේ. කාණ්ඩ දෙකෙහි තුන්වන ස්ථාන ලබාගන්නා කණ්ඩායම් දෙක පහළ කාණ්ඩයට ඇදවැටීම වැළැක්වීමේ තරගයකට මුහුණදිය යුතුයි. කණ්ඩායම් හතරකින් සමන්විත කාණ්ඩයේ හතරවන ස්ථානය ලබාගන්නා කණ්ඩායම අනිවාර්යයෙන් ලබන වසරේ තරගාවලියට පහත වැටෙනු ඇත. ඒ අනුව කණ්ඩායම් දෙකක් ඉහළ කාණ්ඩයට සුදුසුකම් ලබන අතර කණ්ඩායම් දෙකක් පහළ කාණ්ඩයට ඇද වැටේ.

ජූලි 20 සහ 21 යන දින සියලුම කණ්ඩායම්වල නිල පුහුණුදින වන අතර තරග ජූලි 22 සිට 25 දක්වා පැවැත්වේ. කණ්ඩායම් නායකයන්ගේ රැස්වීම සහ තරග ශ්‍රේණිගත කිරීම් ජූලි 21 වැනිදා පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ දී පැවැත්වෙන අතර තරගාවලියේ සමාරම්භක උත්සවය ජූලි 22 වනදා පෙරවරු 9.30 ට පැවැත්වීමට නියමිතය.

තරගාවලිය සඳහා Wilson Us Open පන්දු භාවිතා කරන අතර ශ්‍රී ලංකාවේ විල්සන් ක්‍රීඩා භාණ්ඩ වල නිල හවුල්කරු වන ට්‍රයිඩන්ට් ඩිස්ට්‍රිබියුටර්ස් (Trident Distributors) ආයතනය නිල පන්දු සැපයුම්කරු ලෙස එක්වේ. මීට අමතරව එහි කළමනාකාර අධ්‍යක්ෂ යසර් ෆාරුක් මහතාගේ මගපෙන්වීම යටතේ ට්‍රයිඩන්ට් ස්පෝර්ට්ස් (Trident Sports) ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුම් හවුල්කරු ලෙසද කටයුතු කරයි.

සියලුම කණ්ඩායම් සිනමන් ලේක්සයිඩ් (Cinnamon Lakeside) හෝටලයේ නවාතැන් ගන්නා අතර ඔවුන් මෙම තරගාවලියේ නිල ආගන්තුක සත්කාර හවුල්කරු වේ. ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ කණ්ඩායම් වලට සුවපහසු නවාතැන් පහසුකම් සැලසීම සඳහා හෝටලයේ සාමාන්‍ය අධිකාරී (General Manager) දුෂ්‍යන්ත තිත්තවැල්ල මහතා උපරිම අයුරින් කටයුතු සූදානම් කර ඇත.

සීමාසහිත පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් සමාගම නිල ආහාරපාන හවුල්කරු ලෙස කටයුතු කරන අතර තරගාවලිය පුරා ක්‍රීඩකයන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමේ වගකීම ඔවුන් සතු වේ.

තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙස දිනිත් පතිරාජ මහතා කටයුතු කරන අතර එස්. තේවභේසන් මහතා ඔහුගේ සහකාර ලෙස කටයුතු කරයි. චීන ජාතික වැන් ෂියැන්ලින් (Wan Xianling) මහතා ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කරන අතර ධාරක එල්ලාවල මහතා ඔහුගේ නියෝජිතයා වේ. තරගාවලිය සඳහා ප්‍රධාන විනිසුරුවරුන් හයදෙනෙකු (6) පත්කර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු වන අංජන ද සිල්වා සහ චමෝද් රූපස්සර යන මහත්වරුන් ශ්‍රී ලාංකිකයෝ වෙති. ජෙයචන්ද්‍රන් සාරංගන් විනිසුරුවරුන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර අධීශ පරණගම, ප්‍රගීත් පොල්ගම්පොළ , පසිඳු සම්පත්, යුමිර කුරුප්පු, රන්දික කැකුලන්දර සහ විහඟ නෙත්මිණ යන මහත්වරු තරගාවලියේ කාර්යමණ්ඩලය නියෝජනය කරති. නිපුනි මහේෂිකා මහත්මිය තරගාවලියේ සුරක්ෂිතතා නිලධාරිනිය සහ UNO නිලධාරිනිය ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් අයිසැක් මහතා සහ එහි මහ ලේකම් ප්‍රදීප් ගුණසේකර මහතා මෙම තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්බන්ධයෙන් උපදෙස් දෙමින් ඒ පිළිබඳ සොයා බලා කටයුතු කරමින් සිටිති.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලංකාවට ලොකු ලැජ්ජාවක්! තායිවානය ලාංකිකයන්ට වීසා තහනම් කරයි! ආණ්ඩුව මොකද්ද කළේ..? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News
Business

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.