• About us
  • Contact us
Wednesday, July 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

July 15, 2026
in Business
Reading Time: 15 mins read
A A
ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඩයලොග් ආසියාටා සහ TVS හවුල්කාරිත්වය සමගින්, උසස් තාක්ෂණය, රියදුරන්ගෙන් කිසිඳු කොමිස් මුදලක් අය නොකිරීමේ ගාස්තු ආකෘතිය මෙන්ම මගීන් සඳහා අසමසම වට්ටම් රැසක් පිරිනමන “ප්‍රජා-මූලික” ප්‍රති ආයෝජනයක් ලෙසින් ජනතාව අතරට. Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ නවතම සහ වඩාත් ආකර්ෂණීයම ජීවන ශෛලීය සහ ස්මාර්ට් ගමනාගමන මාධ්‍යයවන Miwayz සේවාව ජුලි මස 12 වනදා ජනගත කෙරිණි. මෙරට කුලී රථ සහ භාණ්ඩ ගෙන යාමේ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජනතාව අතට පත්වන මෙම සේවාව ජනගත කිරීමට පෙර වාර්තාගත කෙටි කාලයක් තුළ මගීන් සහ රියදුරන් 25,000 කට අධික පිරිසක් ආකර්ෂණයකර ගැනීමට සමත් විය.

දීර්ඝ කාලයක පටන් ඉහළ විනිවිදභාවයක් සහ ආරක්ෂාවක් අපේක්ෂා කළ මගීන්ට මෙන්ම සාධාරණ ගෙවීම් ක්‍රමයක් අපේක්ෂා කළ රියදුරන්ට ද Miwayz සේවාව, සම්ප්‍රදායික ජංගම දුරකථන යෙදවුමක් ඉක්මවා යමින්, නූතන ගමනාගමන අභියෝග රැසකට විසඳුම් ලබා දෙන ප්‍රජාව මුල්කර ගත් විසඳුමකි.

මහමග යථාර්ථයට මුහුණ දීම : රියදුරන්ගේ ගැටළුවලට විසඳුම්

මෙරට නාගරික ගමනාගමන පද්ධතියේ කොඳු නාරටිය බඳු ත්‍රීරෝදරථ රියදුරන් සහ යතුරුපැදි කරුවන් වසර ගණනක පටන් කටයුතු කළේ දැඩි මුල්‍ය අභියෝග රැසක් හමුවේය. සම්ප්‍රදායික කුලීරථ සේවා, සෑම ගමනක් සඳහා ම 15% සිට 25% දක්වා ඉතා ඉහළ කොමිස් මුදලක් අයකර ගැනීමට කටයුතු කළ බැවින් රියදුරන්ට සැබෑ ලෙස හිමිවන මුදල සීමිත විය. අනපේක්ෂිත දෛනික ආදායම් සහ ඉහළ යන වාහන නඩත්තු සහ ඉන්ධන පිරිවැය හමුවේ රියදුරන්, ඩිජිටල් තිරයක් මත දිස්වන ඉලක්කමක් පමණක් බවට පත්ව තිබේ.

මෙම ගැටළුවලට විසඳුම් ලබා දීම සඳහා Miwayz යෙදවුම, මින් පෙර නොවූ විරූ ආකාරයේ, රියදුරු කේන්ද්‍රකර ගත් ආර්ථික මොඩලයක් හඳුන්වා දී ඇත:

  • කිසිඳු කොමිස් මුදලක් හෝ ග්‍රාහක ගාස්තුවක් අය නොකිරීම: ලියාපදිංචි රියදුරු හවුල්කරුවන්ගෙන් පළමු මාස තුන තුළ කිසිඳු කොමිස් මුදලක් හෝ ග්‍රාහක ගාස්තුවක් අය නොකෙරෙන බැවින්, තමන් මහන්සියෙන් උපයා ගන්නා සම්පූර්ණ මුදලම ඔවුන්ට හිමි වේ.
  • ක්ෂේත්‍රයේ අඩුම ස්ථාවර ග්‍රාහක ගාස්තුව: ප්‍රවර්ධන කාලයෙන් පසුව Miwayz සේවාව, ක්ෂේත්‍රයේ අඩුම දෛනික/මාසික ග්‍රාහක ගාස්තු ක්‍රමය රියදුරන් හට හඳුන්වා දීමට නියමිතය. ඒ අනුව, ප්‍රතිශතාත්මක කොමිස් ක්‍රමය මුළුමනින්ම කෙරෙන බැවින්, මෙහෙයුම් පිරිවැය පිළිබඳ නිශ්චිත අවබෝධයකින් යුතුව සිය ආදායම්වල ස්ථාවරත්වය උපරිමකර ගැනීමට රියදුරන්ට අවස්ථාව උදා වේ.

දැවැන්ත වෙළෙඳපොළකට ඇතුළත් වීම

Miwayz, ශ්‍රී ලංකාවේ දැවැන්ත නාගරික ගමනාගමන වෙළෙඳපොළේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. බස්නාහිර මාර්ගස්ථ මගීප්‍රවාහන අධිකාරියට (RPTA) අනුව, බස්නාහිර පළාත තුළ පමණක් මේවන විට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියැලී සිටින ලියාපදිංචි ත්‍රීරෝදරථ සංඛ්‍යාව 250,000 කට අධික වේ.

තවද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නවතම රථවාහන දත්තවලට අනුව, ත්‍රීරෝද රථ මිලියන 1.20 ක් සහ යතුරුපැදි මිලියන 5.17 ක් මෙරට තුළ ලියාපදිංචි වී තිබේ. මෙම දැවැන්ත ක්ෂුද්‍ර-ව්‍යවසාය කාණ්ඩය සඳහා සාධාරණ මොඩලයක් හඳුන්වා දීම මගින් Miwayz යෙදවුම, මුල් අදියරයේදී කොළඹ නගරය තුළත්, ක්‍රමිකව බස්නාහිර පළාත තුළත් දෛනික ගමනාගමන වෙළෙඳපොළේ ප්‍රමුඛතම හිමිකාරිත්වයක් අත්කර ගැනීමට සූදානමින් සිටී.

අන්‍යොන්‍ය විශ්වාසය මත ගොඩනැගෙන පදනමක්

විශ්වාසය මත පදනම් වූ ගමනාගමන ක්ෂේත්‍රය තුළ Miwayz යෙදවුමට ඉතා කෙටි කාලයක් තුළ 25,000 කට අධික පිරිසක් ලියාපදිංචි වීමෙන්, ඒ සඳහා දේශීය පරිශීලකයින් තබා ඇති විශ්වාසය මනාව පිළිබිඹු කෙරේ.

“අපට අවශ්‍ය වුණේ තවත් ජංගම දුරකථන යෙදවුමක් සහ බලාපොරොත්තු ලබා දීමට නොවේ. අපගේ ඉලක්කය වුණේ, පළමු දිනයේ සිටම අපගේ දැක්ම කෙරෙහි විශ්වාසය තැබූ ප්‍රජාවක් සමග මෙම ගමන ඉදිරියට ගමන් කිරීමටයි. මෙම සේවාව නිළ වශයෙන් ජනගත කිරීමටත් පෙර, 25,000 කට අධික රියදුරු හවුල්කරුවන් සහ මගීන් පිරිසක් ලියාපදිංචි වීමෙන්, අප කෙරෙහි ඔවුන් තැබූ එම විශ්වාසය පිළිබිඹු වනවා. අන්‍යොන්‍ය ගරුත්වය, අවංකබව සහ සාධාරණ වටිනාකම මත ගොඩනැගුණු සේවාවක් වැළඳ ගැනීමට ශ්‍රී ලාංකිකයින් තුළ ඇති කැමැත්තට එය මනා සාක්ෂ්‍ය සපයනවා,” යනුවෙන් Miwayz ප්‍රධාන විධායක නිලධාරී නල්ලියා දයාභරන් මහතා සඳහන් කළේය.

සම්ප්‍රදායෙන් ඔබ්බට: Miwayz ප්‍රතිඥාව

ශ්‍රී ලාංකේය මගීන් සහා රියදුරන් එදිනෙදා මුහුණදෙන අභියෝගවලට ප්‍රධාන අංශ තුනක් යටතේ විසඳුම් ලබා දීම සඳහා Miwayz විශේෂ අවධානය යොමු කරයි:

  1. ගාස්තු සම්බන්ධ පූර්ණ විනිවිදභාවය සහ ඉහළම සාධාරණත්වය: කිසිඳු සැඟවුණු ගාස්තුවකින්, අනපේක්ෂිත අමතර ගාස්තුවකින් හෝ අසාධාරණ මිල ඉහළ යාම්වලින් තොරව මගීන් හට මෙමගින් ඉතා විශ්වසනීය ලෙස තම ගාස්තුව කලින්ම දැනගත හැකිය. දුර සහ ගාස්තු සම්බන්ධව ඉහළම සහ සම්මත ගාස්තු අනුපාතයක් හරහා මගීන් හට උපරිම මානසික නිදහස් අත්විඳිය හැකිය.
  2. උපරිම ආරක්ෂාව: මගීන් සහ රියදුරන් ආරක්ෂා කිරීම සඳහා Miwayz යෙදවුම තහවුරුකර ගන්නා ලද ගිණුම්, ගමන්ගම සජීවීව අධීක්ෂණය සහ ඕනෑම මොහොතක සහයෝගය ලබා දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය ආදී විශේෂතා රැසකින් සමන්විත වේ.
  3. එදිනෙදා පහසුව සහ මගී දීමනා: සියලු ජීවන ශෛලීය අවශ්‍යතා සපුරාලන සගයෙකු ලෙස නිර්මාණයකර ඇති මෙම යෙදවුම, පහසු කුලී රථ සේවාවලින් මෙන්ම ආහාර-පාන ඇණවුම් කිරීම සඳහා ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත Miwayz Food ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වනු ඇත. තවද, යෙදවුම ජනගත කිරීමට සමගාමීව, පළමු මාස තුනක කාලය තුළ මගීන් සිදුකරන පළමු ගමන් වාර 5 සඳහා 50% ක වට්ටමක් ද පිරිනැමේ.

ඩයලොග් ආසියාටා සවිබලය

මගීන්ට මෙන්ම රියදුරන්ට ද සමස්ත ගමනාගමන අත්දැකීම වඩාත් පුළුල් කිරීම සඳහා, Miwayz යෙදවුම මෙරට ප්‍රමුඛතම රථවාහන බලඇණි සහ ඉන්ධන කළමනාකරණ පද්ධතියවන Dialog Touch සමග ක්‍රමෝපායික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. මෙම හවුල්කාරිත්වය මගින්, රියදුරු හවුල්කරුවන් හට සැබෑ අගයක් නිර්මාණය කරන අතරම, ඔවුන් හට වඩාත් ඉහළ පහසුවක් පිරිනමන නවෝත්පාදන ගෙවීම් සහ පාරිතෝෂික හිමිකර දීමට හැකියාව ලැබේ.

මෙම හවුල්කාරිත්වය හේතුවෙන් Dialog Touch පරිශීලකයින් හට, Miwayz යෙදවුමේ ගෙවීම් සඳහා Dialog Touch කාඩ්පත භාවිත කරමින් ක්ෂණිකව සහ මුදල් හුවමාරු කිරීමෙන් තොරව, පහසුවෙන් ගෙවීම් සිදු කළ හැකිය. තවද, Dialog Touch හරහා රියදුරු හවුල්කරුවන් හට ඉන්ධන වවුචර භාවිත කිරීමේ අවස්ථාව ද උදා වේ. එය, රියදුරන් හට අර්ථවත් ලෙස ඉන්ධන වියදම් ඉතිරිකර ගැනීමට සහයෝගය ලබා දීම සඳහා Dialog Touch හඳුන්වා දෙන, එවැනි ආකාරයේ ප්‍රථම පාරිතෝෂික වැඩසටහනයි.

දිගුකාලීන TVS සහයෝගය

ඩිජිටල් ශක්තිය, මහමග තිරසාරත්වය සමග ඒකාබද්ධ කිරීම සඳහා Miwayz යෙදවුම, TVS සමාගම සමග සුවිශේෂී හවුල්කාරිත්වයකට එළඹ තිබේ. දිගුකාලීන මෙහෙයුම් සහයෝගයක් ලබා දීම සඳහා ගොඩනගා ගත් එම සහයෝගීතාව මගින්, රියදුරන් හට කඩිනම් සහ සැබෑ ඉතුරුම් රැසක් පිරිනැමීමට නියමිතය. ඒ අනුව, ලියාපදිංචි Miwayz රියදුරු හවුල්කරුවන් හට පහත ප්‍රතිලාභ හිමි වේ:

  • අමතර කොටස් සඳහා සුවිශේෂී වට්ටම්: සමස්ත නඩත්තු පිරිවැය අවම කිරීම සඳහා අත්‍යාවශ්‍ය වාහන කොටස් සඳහා දැවැන්ත මිල අඩු කිරීම්.
  • විශේෂඥ වාහන සේවා: TVS සේවා මධ්‍යස්ථානවලදී විශේෂිත, ප්‍රමුඛතා නඩත්තු සහ අලුත්වැඩියා සේවා.
  • අගනා වාහන හුවමාරු දීමනා: රියදුරන් හට පහසුවෙන් සහ තිරසර ලෙස ඉහළ මාදිලියක වාහනයක් හිමිකර දීම සඳහා ආකර්ෂණීය වාහන හුවමාරු අවස්ථා.

මෙම හවුල්කාරිත්වය නියෝජනය කරමින් TVS Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනී මහතා සිය අදහස් පළ කළේය:

“තිරසර නාගරික සවිබල ගැන්වීමේ ගමනේදී Miwayz සමග අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් ආඩම්බර වනවා. සැබෑ වෙළෙඳපොළ නවෝත්පාදනය ගොඩනැගීමට නම්, ප්‍රජාවට සැබෑ වටිනාකමක් හිමිකර දිය යුතු බව TVS අපගේ විශ්වාසයයි. අමතර කොටස් සඳහා සුවිශේෂී වට්ටම්, විශේෂඥ සේවා සහ වඩාත් පහසු වාහන හුවමාරු විකල්ප සමගින් අප රියදුරන්ගේ මෙහෙයුම් පිරිවැය කැපීපෙනෙන ලෙස අවමකර ගැනීම සඳහා සහයෝගය ලබා දෙනවා. මෙම හවුල්කාරිත්වය, ශ්‍රී ලංකාවේ ගමනාගමන ක්ෂේත්‍රයේ සාමූහික ආර්ථික වර්ධනය සහ ආයතනික වගකීම පිළිබඳ දැනුම් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.”

ප්‍රජාව වෙනුවෙන් ආයෝජනය: සෘජු ප්‍රති ආයෝජන මොඩලය

ඉදිරිගාමී පියවරක් ලෙස Miwayz යෙදවුම, දිගුකාලීන සෘජු ප්‍රති ආයෝජන මොඩලය හරහා සිය පරිශීලකයින් සහ හවුල්කරුවන් වෙනුවෙන් සම්පත් යොමු කිරීමට කටයුතු කරයි.

කෙටිකාලීන වෙළෙඳපොළ හිමිකාරිත්වය වෙනුවට එම යෙදවුම තිරසර සහ දිගුකාලීන අමතර අගය නිර්මාණය කිරීම සඳහා සිය මෙහෙයුම් ප්‍රාග්ධනය ආපසු යෙදවීමට සැලසුම්කර තිබේ.

  • රියදුරු හවුල්කරුවන් හට: TVS මෙහෙයුම් වට්ටම්වලට අමතරව, ඔවුන්ගේ ජීවනෝපාය උසස් කරන පුළුල් සුබසාධන වැඩසටහන්, තිරසර මුල්‍ය පාරිතෝෂික සහ දිගුකාලීන වෘත්තීය සංවර්ධන අවස්ථා.
  • මගීන් සඳහා: ඔවුන්ගේ එදිනෙදා ගමනාගමන වියදම්වලට සහනයක් ලබා දෙමින්, නොවෙනස් ළෙන්ගතු පාරිතෝෂික, ඉහළ තරගකාරිත්වයක් සහිත දෛනික මිලකරණ ව්‍යූහ සසහ ප්‍රජාව මුල්කර ගත් ප්‍රවර්ධන වැඩසටහන් හරහා සැබෑ ආර්ථික සහනයක්.

“වර්ධනය ළඟාකර ගැනීමට ඇති හොඳම මාර්ගය දැන්වීම්කරණය නොව; ජනතාවගේ ජීවිත බලාත්මක කිරීම බව අපගේ විශ්වාසයයි. අපගේ රියදුරන් සහ මගීන් වෙනුවෙන් සෘජුව ආයෝජන සිදු කිරීම මගින් අප දිගුකාලීන ලෙස ශ්‍රී ලාංකිකයින් හට තිරසර සහ නොවෙනස් ප්‍රතිලාභ හිමිකර දීමට කටයුතු කරනවා,” යනුවෙන් Miwayz ප්‍රධාන විධායක නිලධාරී වැඩිදුරටත් සඳහන් කළේය.

යෙදවුම බාගත කර ගැනීම

Miwayz මගී සහ රියදුරු යෙදවුම්, iOS App Store සහ Google Play Store මගින් දැන් බාගත කළ හැකිය. තමන් කැමති ආකාරයට ගමනාගමන සහ ජීවන ශෛලීය පහසුව අත්විඳිම සඳහා අදම සිය යෙදවුම බාගත කර ගන්නා ලෙස Miwayz සියලු ශ්‍රී ලාංකිකයින්ට ආරාධනාකර සිටී.

Miwayz පිළිබඳ

Miwayz යනු, ශ්‍රී ලංකාවේ නූතන, ප්‍රජාව මුල්කර ගත් ජීවන ශෛලීය සහ ස්මාර්ට් ගමනාගමන සේවාවකි. නාගරික ගමනාගමන අත්දැකීම ඉහළ නැංවීම සඳහා කැපවී සිටින එම සේවාව, ප්‍රජාව සම්බන්ධ කිරීම, ඉදිරියට ගෙන යාම සහ සවිබල ගැන්වීම සඳහා වඩාත් සාධාරණ, කාර්යක්ෂම හා දියුණු කුලී රථ ඇණවුම් කිරීමේ තාක්ෂණයෙන්, විනිවිදභාවයෙන් යුතු මිලකරණයෙන්, ශක්තිමත් ආරක්ෂණ ප්‍රමිතිවලින් සහ අලෙවි නියෝජිත ජාලයකින් සමන්විත වේ.

SendShareShare
Previous Post

මෙන්න තවත් ඉල්ලා අස්වීමක්! මේ පාර මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්!  I Sri Lanka Latest News

Next Post

මීගමු හිරේ දොර කවුළුවෙන් තුවක්කුව ඇතුළට දමා වෙඩි තිබ්බ නියාමකව මහනුවරට යවයි!  I Sri Lanka Latest News

MORE NEWS

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News
Business

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News

තරුණ නායකයින් 1000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 36 වැනි රොටරැක්ට් දිස්ත්‍රික් මහා සම්මේලනය පැවැත්වෙයි!  නව නායකත්වය නිල වශයෙන් වැඩ භාරගනියි! Sri Lanka Latest News
Business

තරුණ නායකයින් 1000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 36 වැනි රොටරැක්ට් දිස්ත්‍රික් මහා සම්මේලනය පැවැත්වෙයි!  නව නායකත්වය නිල වශයෙන් වැඩ භාරගනියි! Sri Lanka Latest News

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News
Business

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News

Load More
දොස්තරලාත් 2ට දාලා අපේ දේශපාලඥයෝ 1ට ඇවිත්! 10%ක්ම 75 පැනපු අය! 80 පැනපු 5 දෙනෙක්! මහින්ද-රනිල්-කරු-චන්ද්‍රිකා පෙරමුණේ! I Sri Lanka Latest News
Exclusive

දොස්තරලාත් 2ට දාලා අපේ දේශපාලඥයෝ 1ට ඇවිත්! 10%ක්ම 75 පැනපු අය! 80 පැනපු 5 දෙනෙක්! මහින්ද-රනිල්-කරු-චන්ද්‍රිකා පෙරමුණේ! I Sri Lanka Latest News

ලංකාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන්ගේ ආයු අපේක්ෂාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ අගයක පවතින බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.Sri Lanka Latest News...

Read more
ශ්‍රී ලංකන් ගුවන් යානා 2ක් මැදපෙරදිග උඩුගුවනේදී මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරයකට මැදිවෙයි! ගොඩබාන්න ඔන්න මෙන්න කියා තිබියදී ගුවන් අවකාශ වසා දමයි! ආපහු එන්න ඉන්ධනත් නෑ! ගුවන් අවකාශය විවෘත කරන තෙක් මගීන් එක්ක පැයකට වැඩි කාලයක් ගුවනේ කරක් ගහලා! I Sri Lanka Latest News

ශ්‍රී ලංකන් ගුවන් යානා 2ක් මැදපෙරදිග උඩුගුවනේදී මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරයකට මැදිවෙයි! ගොඩබාන්න ඔන්න මෙන්න කියා තිබියදී ගුවන් අවකාශ වසා දමයි! ආපහු එන්න ඉන්ධනත් නෑ! ගුවන් අවකාශය විවෘත කරන තෙක් මගීන් එක්ක පැයකට වැඩි කාලයක් ගුවනේ කරක් ගහලා! I Sri Lanka Latest News

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ 83 වන ජන්ම දිනය නිමිත්තෙන් ඇමැති පෝල්රාජ් පෙරපාසලක් විවෘත කරයි! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ 83 වන ජන්ම දිනය නිමිත්තෙන් ඇමැති පෝල්රාජ් පෙරපාසලක් විවෘත කරයි! VIDEO I Sri Lanka Latest News

කපිලගේ නෝනාටත් වරෙන්තු කරයි! I Sri Lanka Latest News

කපිලගේ බිරියට විවෘත වරෙන්තු නිකුත් වෙයි! බිරියට ඇප වෙච්ච අරවින්දයි බිරිදයි ඇපකාරීත්වයෙන් ඉවත් වෙන්න ඉල්ලයි!  I Sri Lanka Latest News

අලුත් බලශක්ති ඇමැති විශේෂ නියෝගයක් කරයි! උද්ඝෝෂණ කරලා වැඩ තහනමට ලක්වෙච්ච විදුලි සේවකයන් 62ක් සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවයි! VIDEO I Sri Lanka Latest News

කුමාර ජයකොඩිගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් 7ට තීන්දුයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.