ඉතිහාසයේ පළමු වතාවට විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලවල සේවකයන්ගේ දෙසැම්බර් වැටුප පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට රටේ ඩොලර් අර්බූදය උග්‍ර අතට හැරී ඇති බව වාර්තා වේ.
ADVERTISEMENT
සාමාන්‍යයෙන් විදෙස් රටවල නත්තල් දිනට පෙර දෙසැම්බර් වැටුප ගෙවීම සිරිතක් වුවද මෙවර ඩොලර් අර්බූදය හේතුවෙන් එම වැටුප ගෙවා ගැනීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව වාර්තා වේ.
මේ තත්ත්වය යටතේ තානාපති කාර්යාල රැසක් වසා දැමීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමූව ඇති බවද දැනගන්නට ඇත.