පෝලන්තයේ සහ ස්වීඩනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලද වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කොට ඇති බව වාර්තා වේ.
දැනට රට තුළ මතුව ඇති ඩොලර් හිගය හේතුවෙන් මෙම පියවර ගැනීමට නියමිත බව දැනගන්නට ඇත.
මීට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ෆ්‍රැන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය, නයිජීරියාවේ තානාපති කාර්යාලය සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයද වසා දැමීමට තීන්දු කර තිබිණ.
එමෙන්ම වියදම් අවම කිරීමේ පියවරක් වශයෙන් තවත් තානාපති කාර්යාල රැසක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යංශය සැලසුම් කරමින් සිටින බවද දැනගන්නට තිබේ.
විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් පැවසුවේ ෆ්‍රැන්ක්ෆර්ට් කොන්සල් කාර්යාලයේ කටයුතු බර්ලිනයට ගෙන යන බවයි.