• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

July 26, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි කවුරුත් දන්න දෙයක් තමයි සුනාමියක් එන්නේ මුහුදු පතුලේ සිදුවන භූමිකම්පාවකින් කියලා. ඒත් පසුගිය දවසක මම ලොස් ඇලමොස් (ඛදි ්ක්පදි) ජාතික රසායනාගාරයේ පර්යේෂකයන් පිරිසක් ඉදිරිපත් කරපු වාර්තාවක් කියෙව්වා. ඒකේ කියැවෙන්නේ ඊළඟ මහා සුනාමිය මුහුදු පතුලෙන් නෙමෙයි, කෙළින්ම අහසින් එන්න පුළුවන් බවයි. Sri Lanka Latest News

මුලදි මටත් හිතුණා මේක නිකම්ම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක කෑල්ලක් කියලා. හැබැයි මේකේ පිටිපස්සේ තියෙන විද්‍යාව හිතාගන්නවත් බැරි තරම් ගැඹුරුයි. සාමාන්‍ය සුනාමියකදී සිදුවන්නේ මුහුදු පතුලේ ඇති ටෙක්ටොනික් තහඩු එකිනෙක ගැටීමෙන් පෘථිවි පෘෂ්ඨය ඉහළට හෝ පහළට විස්ථාපනය වීමයි. එතකොට ඒ වතුර කඳ එකපාරටම ඉහළට තල්ලු වෙලා මහා රළක් හැදෙනවා. හැබැයි අහසින් එන සුනාමිය හෙවත් ෂපච්ජඑ ඔිමබ්පස එකේදී සිදුවෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් භෞතික ක්‍රියාවලියක්.

හිතන්න ලොකු වතුර පිරුණු බේසමකට අපි එකපාරටම හරිම වේගෙන් ගලක් හෝ වෙනත් බර වස්තුවක් අතහරිනවා කියලා. අන්න ඒ වගේ පීඩනයකින් එම වස්තුව මුහුදු පතුලටම ගිහින් විශාල ආවාටයක් නිර්මාණය කරනවා. ඒ වගේම ඒ වස්තුව ගමන් කරන මාර්ගයේ ඇති ටොන් දහස් ගණන් බරැති ජල ස්කන්ධය එකපාරටම දෙපැත්තට විසිවී යනවා. මේක ඉතාම කෙටි කාලයකදී සිදුවන ශක්ති හුවමාරුවක්. ඇත්තටම මටත් මේක මුලින්ම ටිකක් තේරුම් ගන්න අමාරු භෞතික විද්‍යාවේදී අපි මේක හඳුන්වන්නේ ණසබැඑසජ ෑබැරටහ හෙවත් චාලක ශක්තිය මුහුදට මුදාහැරීමක් විදිහටයි.

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ පාවෙන අභ්‍යවකාශ පාෂාණ නොහොත් ග්‍රහක මිලියන ගණනක් තියෙනවා. මේවායින් සමහරක් කිලෝමීටර් ගණනක් විශාලයි. මේ වගේ ග්‍රහකයක් තත්පරයට කිලෝමීටර් විස්සක වගේ අතිමහත් වේගයකින් පෘථිවි වායුගෝලයට ඇතුළු වෙලා සාගරයකට වැටුණොත්, ඒ වැටෙන මොහොතේදී එම ග්‍රහකයේ ඇති චාලක ශක්තිය තත්පර කිහිපයක් ඇතුළත වතුරට මාරු වෙනවා.

මෙහිදී තවත් අමතර බය හිතෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි ක්‍්ඩසඒඑසදබ හෙවත් රික්තක අවකාශයක් නිර්මාණය වීම. අතිශය අධික උෂ්ණත්වයකින් යුත් එම ග්‍රහකය වතුරට වැදුණු විට, ඒ වටා ඇති ජලය ක්ෂණිකව වාෂ්ප බවට පත්වෙනවා. මේ නිසා මුහුදු පතුලේ විශාල වායු බුබුළක් හෝ හිස් අවකාශයක් නිර්මාණය වෙනවා. ඒ හිස් අවකාශය පිරවීමට වටේ ඇති ජලය මහා වේගයෙන් ඇතුළට කඩාවදිනවා.

හිතලා බලනකොට මේක හිතන්නවත් බැරි තරම් බය හිතෙන තත්ත්වයක්. මොකද සාමාන්‍ය භූමිකම්පාවකින් එන තරංගවලට වඩා මේ ග්‍රහක ප්‍රහාරයකින් එන තරංගවලට තියෙන ශක්තිය කිහිප ගුණයකින් වැඩියි.

මේ දේ මීට වසර මිලියන 66කට කලින් සිදුවුණා කියලා විද්‍යාඥයන් දැන් තහවුරු කරගෙන ඉන්නවා. මෙක්සිකෝවේ චික්සුලුබ් (ක්‍යසජංමකමඉ) ආවාටය තමයි ඒකට හොඳම සාක්ෂිය. ඒ වැටුණු ග්‍රහකය නිසා ඇති වුණු සුනාමි රළ මීටර් දහස් ගණනක් උසට නැගුණා. අද අපි පාවිච්චි කරන අධිවේගී පරිගණක මගින් කරන ලද අනුකරණවලින් පැහැදිලි වුණේ, ඒ රළ ලොව පුරා වෙරළ තීරයන් කිලෝමීටර් ගණනක් ඇතුළටම සේදීගිය බවයි.

සමහර වෙලාවට හිතෙනවා, අපි ජීවත් වෙන්නේ කොච්චර නම් පුංචි තැනකද කියලා. අර පේන නිල් පාට සාගරය, අපි අද කතාකරන හරිම ලස්සන සාගරය, ඒ වගේ මොහොතකදී මහා විපතක මූලාශ්‍රයක් වෙන්න පුළුවන්.

ඇත්තටම මේක හිතන්නත් අමාරුයි, ඒත් නාසා ආයතනය වගේ ආයතන අද වෙද්දි අභ්‍යවකාශයේ ඉන්න මේ ‘අමුත්තන්’ ගැන නිතරම අවධානයෙන් ඉන්නේ. එයාලා අභ්‍යවකාශයේ තියෙන ග්‍රහකවල කක්ෂීය මාර්ග සිතියම්ගත කරලා, පෘථිවියට තර්ජනයක් වෙන්න පුළුවන් ග්‍රහක හඳුනා ගන්නවා.
ඒත් ස්වභාවධර්මය කියන්නේ අපිට නිතරම අභියෝග කරන දෙයක්. අපේ පෘථිවියෙන් සියයට හැත්තෑවක්ම තියෙන්නේ සාගරය නිසා, අභ්‍යවකාශයෙන් එන ඕනෑම වස්තුවක් ගොඩබිමට වඩා මුහුදට වැටෙන්න තියෙන සම්භාවිතාව ඉතාම වැඩියි. ගොඩබිමකට වැටුණොත් හානියක් වෙන්නේ ඒ සීමිත ප්‍රදේශයට විතරයි. ඒත් මුහුදට වැටුණොත්, ඒකෙන් එන සුනාමි රළ මුළු මහත් මහාද්වීපයක වෙරළ තීරයක්ම ගිලගන්න පුළුවන්.

අපි කවුරුත් කැමැතියි අපි අවට තියෙන දේවල් ස්ථාවරයි කියලා හිතන්න. හෙට දවසත් අද වගේම සාමකාමී වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒත් මේ වගේ විද්‍යාත්මක කරුණු දිහා බලද්දී තේරෙනවා, අපේ මේ පොඩි පෘථිවිය විශ්වය කියන මහා සාගරේ තියෙන පොඩි ඔරුවක් කියලා. සමහර විට, අපේ ආරක්ෂාව තියෙන්නේ මේ වගේ දේවල් ගැන තියෙන දැනුම සහ විමසිලිමත් බව තුළම වෙන්න ඇති. විශ්වය තමන්ගේ අබිරහස් තවමත් සම්පූර්ණයෙන්ම හෙළිකරලා නෑ. අපි අද මේ දකින සාගරය, හෙට දවසේ වෙනස් වෙන්න පුළුවන් යම් අභ්‍යවකාශ බලපෑමකින් නම්, ඒ ගැන දැනුවත් වෙලා ඉන්න එකම විතරයි අපිට කරන්න පුළුවන් දේ.

මේ ගැන හිතලා බලද්දී ඔබටත් හිතෙන්නේ නැද්ද, ස්වභාවධර්මය ඉදිරියේ අපි මොන තරම් නම් කුඩාද කියලා?

SendShareShare
Previous Post

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

Next Post

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.