ලෝක මාස්ටර්ස් හොකී ලෝක කුසලානය 2026 තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් වයස් කාණ්ඩ තුනකින් කණ්ඩායම් තුනක් එක්වනවා. Sri Lanka Latest News
මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමත් පසුගියදා කොළඹ දී සිදු කෙරුණා.
තරගාවලිය පැවැත්වෙන්නේ මෙදර්ලන්තයේ රොටර්ඩම් නගරයේදී. තරගාවලිය ජූලි 22 වැනි දා සිට අගෝස්තු පලවෙනිදා දක්වා පැවැත්වෙනවා.
sri lanka masters ජාතික හොකී සංගමය සහභාගි වන කණ්ඩායම සඳහා අපහසුකම් සපයනවා. මෙම තරගාවලියට ලොව පුරා සිටින හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයන් සහ ක්‍රිඩිකාවන් 3600 පමණ ප්‍රමාණයක් එක් වීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාව masters ලෝක කුසලාන තරගාවලියකට එක්වන හතරවෙනි වතාව මෙයයි. මෙවර ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවෙන් අවුරුදු 35න් ඉහළ හතලිහෙන් ඉහළ සහ පනහෙන් ඉහළ ලෙස කණ්ඩායම් තුනක් එක් වෙනවා.
මාධ්‍ය හමුව සඳහා එක්වෙමින් ශ්‍රී ලංකා මාස්ටර්ස් හොකී සංගමයේ සභාපති ,ෆවුසුල් හමීඩ් මහතා කියා සිටියේ. මාස්ටර්ස් හොකී කණ්ඩායම් ඉතා කැපවීමෙන් පුහුණුවීම ලබන බවත් ජයග්‍රහණය සඳහා ැපවීමෙන් ක්‍රියා කරන බවත්ය. ශ්‍රී ලංකාවේ මාස්ටර්ස් හොකී කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් වලට අනුව තිස් හයවෙනි ස්ථානයේ පසුවනවා.
මාස්ටර්ස් හොකී සංගමය ලේකම් ඩන්කන් දේවේන්ද්‍ර මහතා කියා සිටියේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මාස්ටර්ස් හොකී කණ්ඩායම විවිධ ඉසව් නෙදර්ලන්තයේදී කිරීමට සැලසුම් කර ඇති බවයි

















