මේෂ – වාසනාවන්තයි… හැබැයි ඉවසන්න
මේ සතියේ කුජගේ බලය නිසා මේ සතියේ ඔබ ඉන්නේ දැඩි උද්යෝගයකින්. කරන වැඩවලින් ප්‍රතිඵල එනවා සිකුරුයි. පොඩ්ඩක් කේන්ති යන ගතිය වැඩි වෙයි. සල්ලි අතින් නම් වාසනාවන්තයි, හැබැයි අත දිග ඇරලා වියදම් කරන්න එපා. Sri Lanka Latest News
වෘෂභ – සිතට ප්‍රබෝධයක්
සිකුරුගේ බැල්ම තියෙන නිසා ඔයාට මේ සතියේ ඕනේ වෙන්නේ ටිකක් ලස්සනට ඉන්න, රසට කන්න බොන්න වගේ දේවල්. ආදරේ කරන අයට නම් හොඳ සතියක්. ගෙදර දොරේ පොඩි පොඩි ප්‍රශ්න තිබ්බා නම් ඒවා විසfඳනවා. රස්සාවේ වැඩ ටිකක් වැඩි වෙයි. ඒත් ඒකෙන් ලොකු ගැටලුවක් ඇති නොවෙයි.
මිථුන – බුද්ධිමත් මඟපෙන්වීමක්
ඔබේ කතාවට හැමෝම වසඟ වන සතියකි. හැබැයි ඉතින් ඕනෑවට වඩා කතා කරන්න ගිහින් නැති ලෙඩ දාගන්න එපා. අලුත් දෙයක් ඉගෙන ගන්න හෝ විභාගවලට ලෑස්ති වෙන අයට මේ සතිය හරිම සුබයි. පොඩි ගමන් බිමන් කීපයක් යෙදෙන්න ඉඩ තියෙනවා.
කටක – පරිස්සමින් වැඩ කරන්න
සඳුගේ ගමනත් එක්ක හිත පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. අනවශ්‍ය විදිහට හිතන්න යන්න එපා. ගෙදර අය එක්ක ඉන්නකොට පොඩ්ඩක් නම්‍යශීලී වෙන්න. සල්ලි ප්‍රශ්න තිබ්බා නම් ඒවාට උදව්වක් ලැබෙනවා. බදාදා, බ්‍රහස්පතින්දා දවස්වල පොඩ්ඩක් පරිස්සමින් වැඩ කරන්න.
සිංහ – රජෙක් වගේ ඉන්න ලැබෙනවා
රවිගේ බලය එක්ක ඔයා මේ සතියේ කොහේ ගියත් කැපිලා පේනවා. රස්සාව කරන තැන ලොක්කන්ගේ හිත දිනාගන්න පුළුවන්. අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් මේක හොඳ වෙලාවක්.
කන්‍යා – ප්ලෑන් එකකට වැඩ කරන්න
මේ සතියේ හොඳ ප්ලෑන් එකකට වැඩ කරන්න වෙයි. වියදම් පාලනය කරගන්න. කවුරු හරි උදව්වක් ඉල්ලගෙන ආවොත් දෙපාරක් හිතලා බලන්න. සෞඛ්‍ය ගැන පොඩ්ඩක් හිතන්න, විශේෂයෙන්ම කෑම බීම ගැන.
තුලා – අලුත් බැඳීම්
තනිකඩව ඉන්න අයට නම් මේ සතියේ මංගල සීනු හැඬවෙන්න ඉඩ තියෙනවා. යාළුවෝ එක්ක සතුටින් ඉන්න ලැබෙන සතියක්. කලාවට සම්බන්ධ වැඩ කරන අයට නම් සුබයි. හැබැයි අනුන්ගේ ප්‍රශ්න ඔළුවට දාගෙන වද වෙන්න එපා.
වෘශ්චික – ලොකු ජයක්
සෙනසුරුගේ බලපෑමත් එක්ක වැඩ ටිකක් හෙමින් කෙරෙයි. ඒකට කලබල වෙන්න එපා. ඉවසීමෙන් වැඩ කළොත් සතිය අන්තිමේදී ලොකු ජයක් ලබන්න පුළුවන්. හවුල් ව්‍යාපාර කරන අයට පොඩි පොඩි ගැටලු ආවත් ඒවා විසඳගන්න පුළුවන්.
ධනු – වාසනාව දොර ළඟ
ගුරුගේ ආශීර්වාදය තියෙන නිසා මේ සතියේ හිතන වැඩ හුඟක් ඒවා සාර්ථක වෙනවා. පිටරට යන්න බලන් ඉන්න අයට සුබ ආරංචියක් එන්න පුළුවන්. ආගමික කටයුතුවලට හිත යොමු වෙනවා. පරණ යාළුවෙක් හම්බවෙන්න ඉඩ තියෙනවා.
මකර – වැඩ වැඩ වැඩ
මකර ලග්න හිමියන්ට මේ සතියේ විවේකයක් නම් නැති තරම්. හැබැයි ඒ මහන්සියේ ප්‍රතිඵල සල්ලි විදිහට අතට එනවා. උත්සාහය අත්හරින්න එපා. හවසට පොඩ්ඩක් විවේක ගන්න. කකුලේ පොඩි අමාරුවක් වගේ ආවොත් නොසලකා හරින්න එපා.
කුම්භ – හිතේ නිදහස උපරිමයි
සතියේ මුල් දවස් දෙකේ පොඩි කරදරයක් වගේ දැනුණත්, සතිය මැද හරියෙදි ඔයා සතුටින් ඉන්නවා. අලුත් අදහස් ගලාගෙන එන සතියක්. නිර්මාණශීලී වැඩ කරන අයට හොඳයි. ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය උපරිමයි.
මීන – විශ්වාසය රැකගන්න
කවුරු මොනවා කිව්වත් තමන්ගේ ගමන යන්න. මේ සතියේ ඔයාට ලැබෙන අවස්ථාවන් මගහැර ගන්න එපා. නීතිමය ප්‍රශ්න තිබ්බා නම් ඒවායින් සහනයක් ලැබෙයි. වන්දනා ගමන් යන්න අවස්ථාව ලැබෙනවා. කම්මැළිකම අතෑරලා වැඩට බැස්සොත් සතියම ගොඩ.
ජ්‍යොතිෂවේදී සම්පත් ආරියසිංහ
ඉසිවර අසපුව











