ඇමෙරිකාව විසින් ඉරානයට එල්ල කරනු ලබන ප්‍රහාර අඛණ්ඩව සිදුවන්නේ නම්, ඉරානය පූර්ණ පරිමාණයේ යුද්ධයක් දක්වා එය උත්සන්න කරනු ඇති බව ඉරාන ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශක මොහ්සන් රෙසායි මහතා අනතුරු අඟවයි.Sri Lanka Latest News
මේ දක්වා ඉරානය සිය ප්‍රහාරාත්මක ක්‍රියාමාර්ග සීමා කරගෙන සිටියද, එම තත්ත්වය තවදුරටත් දීර්ඝ කාලයක් පවත්වාගෙන යා නොහැකි බවත් අමෙරිකාව දූවිලි බවට පත් කරන බවත් හෙතෙම පෙන්වා දෙයි.
යුද සමයකදී සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමේ ප්‍රතිපත්තිය මේ වන විට අවසන් වී ඇති බවත්, ඇමෙරිකාවේ ප්‍රහාර හමුවේ ඉරානයේ ප්‍රතිචාර තවදුරටත් දැඩි වනු ඇති බවත් ඔහු සඳහන් කරයි.










