• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ආලෝකාගෙන් ‘කොකෝ’ ගොඩදාන ඉසුරුගේ අමුතුම බලු‍ වැඩේ…! පාරේ හිටපු අනාතයෙක් සිනමාවේ සුපිරි තරුවක් වෙයි…! මේක අවුරුදු 5ක් හිතේ හිර කරගෙන හිටියේ…! සහකම්පනය අපිට අහිමි වෙලා…! පාරට දාන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ…! ඉසුරු වීරසිංහ I Sri Lanka Latest News

May 1, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ආලෝකාගෙන් ‘කොකෝ’ ගොඩදාන ඉසුරුගේ අමුතුම බලු‍ වැඩේ…! පාරේ හිටපු අනාතයෙක් සිනමාවේ සුපිරි තරුවක් වෙයි…! මේක අවුරුදු 5ක් හිතේ හිර කරගෙන හිටියේ…! සහකම්පනය අපිට අහිමි වෙලා…! පාරට දාන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ…! ඉසුරු වීරසිංහ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

“කලර්” සහ “නිමි” යන චිත්‍රපට දෙක හරහා දේශීය සිනමා ක්ෂේත්‍රයට නව රසයක් එක් කළ තිරපිටපත් රචක හා අධ්‍යක්ෂ ඉසුරු වීරසිංහ මුදලි, මෙම වසරේදී තවත් විශේෂ නිර්මාණයක් ප්‍රේක්ෂක ඔබට තිළිණ කිරීමට සූදානම් වී ඇත. ඒ “කොකෝ-තෙත හදවතක කතාවක්” නම් චිත්‍රපටයයි. සාම්ප්‍රදායික කතා තේමාවලින් ඉවතට ගොස්, වෙනස්ම ආකාරයේ හැඟීම් රැගත් මෙම නිර්මාණය, ලංකාවේ ප්‍රථම වරට වීදි සතුන් වෙනුවෙන් නිපදවූ සිනමා කෘතියක් ලෙසත් විශේෂත්වයක් දරයි. මනුෂ්‍යත්වය සහ දයාව එකිනෙකට බැඳුණු අලු‍ත් කතාවක් ලෙස “කොකෝ” ප්‍රේක්ෂක හදවත් තෙත් කිරීමට සූදානම් වෙයි. ඔහුගේ නවතම නිර්මාණය “කොකෝ” පිළිබඳව ඔහු මව්රට හාට් අපට අදහස් දැක්වූයේ මෙසේය .Sri Lanka Latest News

ඉසුරු, ඔබට තියෙන්නේ වෙනස් ඇහැක් නේද?
ලෝකය පුරා විවිධාකාරයේ සිනමා නිර්මාණ බිහිවෙමින් පවතින අතර, ලංකාවේ බොහෝ කාලයක් චිත්‍රපට නිර්මාණය වී තිබුණේ සම්ප්‍රදායික සමාජ ගැටලු‍ හා ප්‍රේම සබඳතා වැනි තේමාවන් වටායි. එහෙත් 2023 සිට 2025 දක්වා වූ කාල පරාසයේදී, වෙනස් සහ නවීන තේමාවන් ආශ්‍රිතව නිර්මාණය වූ චිත්‍රපට හේතුවෙන් ලාංකීය සිනමාව ක්‍රමයෙන් ස්වර්ණමය යුගයක් කරා වර්ධනය වන්නට වුණා .
ඒ කාලයේ මම මගේ යාළු‍වා ශිවංක විතානගේ සමග කලම්බෝ මූවීස් කියලා ෆිල්ම් කම්පැනි එකක් පටන් ගන්නවා. එයින් අපිට ඕනි වුණා ප්‍රේක්ෂක ආකර්ෂණය තියෙන වෙනස් ආකාරයේ චිත්‍රපට නිර්මාණයන් කරන්න.

මොකක්ද එතකොට මේ හදවත් තෙත් කරන්න යනවා කියන්නේ ?
මේ මගේ තෙවන නිර්මාණය. මෙය නිපදවූයේ වීදි සතුන් වෙනුවෙන්. ලංකා ඉතිහාසයේ පළමු වරට තමයි මෙහෙම නිර්මාණයක් කරන්නේ. චිත්‍රපටයේ නම “කොකෝ”‍. මේක ව්‍යාපෘතියක් විදිහට වසර පහකට කලින් සිට නිර්මාණය වූවක්. 2025 දී තමයි රූගත කිරීම් ආරම්භ කළේ. මෙහි තිරපිටපත කළේ මම සහ මෙය වසර පහක ප්‍රතිඵලයක්. මේ චිත්‍රපටයේ ඇක්ට් කරන බලු‍ පැටියව අපි පාරේ ඉඳන් තමයි අරගෙන ආවේ. නානාප්‍රකාර කණ්ඩායම් මේ නිර්මාණයට සම්බන්ධ වුණා. සාමාන්‍ය චිත්‍රපටයකට වඩා මෙය වෙනස්. මිනිස්සුන්ට වඩා සතුන් එක්ක මේ නිර්මාණය කරන්න වීම නිසා මෙය සැලසුම් කරන්න තිබුණා .
ඔබ නවකයින්ට අවස්‍ථාව දෙන කෙනෙක්?
ඔව්. මේ නිර්මාණය ඇතුළේ නම ගිය තාක්ෂණික කණ්ඩායමක් වැඩ කළේ නැහැ. මෙහි වැඩ කළේ “සොයන්නෝ”‍ කියලා අලු‍තින් සිනමාවට එක්වන සිනමාවට ඇල්මක් දක්වන සිනමාව සම්බන්ධ විශ්ව විද්‍යාලවල හැදෑරීම් කරන විද්‍යාර්ථයන් සහ සිනමාව කලාව සොයා යන කණ්ඩායමක් තමයි රංගන කටයුතු හැර තාක්ෂණික හා අනෙකුත් සියලු‍ම දේ සිදු කරන්නේ.
ඔබ හිතුවා මේ නිර්මාණයෙන් මිනිස්සු හිතෙන විදිහ වෙනස් කරවන්න?
මමත් මගේ කණ්ඩායමත් පාරේ ඉන්න සතුන්, සොබාදහම, ගහකොළ ගැන සංවේදී පිරිසක්. අපි ගමන් යද්දී හෝ ෂූට්වලට යද්දී පාරවල්වල බොහෝ දුක් විඳින සතුන් දකින්න ලැබෙනවා. ඒත් ඒ හැම එකකටම විසඳුම් දෙන හැකියාව අපිට නෑ. ඒකට අවශ්‍ය ඉඩකඩ, කාලය, සම්පත් නැති නිසා. ඒ නිසා අපි හිතුවේ මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න ඕනේ කියලා. ඒකට හොඳම මාධ්‍යයක් විදිහට කලාව තෝරගත්තා.

ඔබට මේ නිර්මාණය කරන එක අභියෝගයක් වුණාද?
රූගත කිරීම්වලදී ෆේල් වීම් තිබුණා. දවස් 2-3ක් පමණක් ඩෝග් ටේ‍රනර් කෙනෙකුගේ සහාය ලැබුණා. ඒ හැරුණු කොට දවස් 35ක ෂෙඩ්යුල් එක පුරාවට ‘කොකෝ’ හැසිරවූයේ මමත් මගේ කණ්ඩායමත්. අවුරුදු ගණනක් පුහුණු කරපු සතෙක් නෙමෙයි මේ. ඒ නිසා ඒක විශේෂ අත්දැකීමක් වුණා.
එතකොට ඉසුරු, මේ සිනමාපටයේ අරමුණ?
මේ කතාව සතුන් ගැන විතරක් නෙමෙයි මනුෂ්‍යත්වය ගැනත් කියවෙනවා. අද සමාජයේ අපි කොතැනද ඉන්නේ කියලා හිතන්න වුණු අවස්ථා තිබුණා. කුඩා කාලයේ තියෙන සහකම්පනය අපි ලොකු වෙද්දී අහිමි වෙනවා. ඒක වෙනස් වෙන්න ඕනේ. ඒක තමයි මේ චිත්‍රපටය තුළින් අපි කියන්න හදන්නේ. සතුන් ගැන දයාබර හැඟීමක් ඇති කිරීම, පාරට ගෙනත් දාන සංස්කෘතිය වෙනස් කිරීම, වන්ද්‍යකරණය ගැන තියෙන වැරදි මත වෙනස් කිරීම, මේවාත් අපේ අරමුණු අතර තියෙනවා.
ආලෝකාගෙයි මේ නිර්මාණයයි අතර සම්බන්ධය මොකක්ද? ඔබ ආලෝකාව භාවිතා කරලා ඔබේ ෆිල්ම් එක මාකර්ට් කරගත්තා නේද?
එක එක වෙළෙඳ දැන්වීම් තියෙනවා ප්‍රවීණයන්, ප්‍රසිද්ධියට පත් අය යොදාගෙන කරන. මේ නිර්මාණය ගැන ප්‍රචාරණයේදී ලෝකයේ ඉන්න සෙලිබි්‍රටි විදිහට මෑත කාලයේ ප්‍රසිද්ධියට පත් ඉන්දියාවේ වීදි සතෙක් වූ ආලෝකා ලෝක සාම පාගමනක යන අතර ලංකාවට පැමිණෙනවා. ඒ පැමිණීම අපිට වාසනාවක් වුණා. ලෝක සාම පාගමනක් එක්ක ආපු ඒ වීදි සතාට ලැබුණු ආදරය දැක්කම, අපේ රටේ අනෙක් වීදි සතුන්ටත් ඒ වගේම සෙනෙහස ලැබෙන්න ඕනේ කියලා අපි හිතුවා. ඒ නිසාම “කොකෝ” සහ “‍ආලෝකා”‍ අතර තිබුණ සමානත්වය, දෙදෙනාම වීදි සතුන් වීම භාවිතා කරලා මේ නිර්මාණයේ පණිවුඩය සමාජගත කරන්න අපි උත්සාහ කළා.
ඔබ මේ චිත්‍රපටය සඳහා එකතු කරගත් චරිත ගැන මතක් කරමු…
මෙහි ප්‍රධාන චරිතය කොකෝ. ඒ චරිතයේ වයස් අවස්ථා තුනක් වෙනුවෙන් සතුන් තුන්දෙනෙක් යොදාගෙන තිබෙනවා. සනුති ගයන්ගා කියන කුඩා දියණිය රඟපාන ප්‍රධාන චරිතය වටා කතාව ගෙතෙන්නේ. සුසිලා කෝට්ටගේ, සෙනලි ෆොන්සේකා, අමිත්ත වීරසිංහ, ලෝචනා, නිම්මි වගේ ප්‍රවීණ සහ නවක රංගන ශිල්පීන් මෙයට එක්වෙනවා. චරිත ගණන අඩුය. නමුත් කතාව ගැඹුරුයි.
චිත්‍රපටය මේ වසරේදී තිරගත කරනවාද?
මෙම චිත්‍රපටය මේ වසර අවසන් වීමට පෙර තිරගත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අමතරව ජුනි-ජූලි අතර විදේශ ප්‍රදර්ශන සඳහාත් සැලසුම් කරමින් ඉන්නවා.
ඔබට මේ සඳහා උදවු කළ පිරිසක් ඇති ?
මෙම චිත්‍රපටයේ තිරපිටපත, කතාව හා අධ්‍යක්ෂණය කරන්නේ මම. මට අමතරව අධ්‍යක්ෂණයෙන් අපේ ‘සොයන්නෝ’ කණ්ඩායමේ සශිකා වතුදුර සම්බන්ධ වෙනවා. ඊට අමතරව මේ චිත්‍රපටය ඇතුළේ හයියක් වු කණ්‍ඩායමක් ඉන්නවා. ශිවංක විතානාරච්චි තමයි මෙහි නිෂ්පාදකයා ලෙස පසුබිමේ සිට කටයුතු කරන්නේ. කණ්ඩායම වැටෙන්න නොදී ඔසවා තබා ඉන්නේ ඔහුයි. මේ විෂය සම්බන්ධව ලංකාවේ සිටින ලොකුම ව්‍යාපෘති කණ්ඩායම “‍බව් බව්”‍ අපට විශේෂඥ දැනුම හා ඒ අදාළ පහසුකම්, අසීමිත උදවු උපකාර රැසක් මේ වෙනුවෙන් සිදු කරනවා. බව් බව් කණ්ඩායමේ ගිහාන්, පෙට් ටෝක්හි අශාන්, අපට ප්‍රචාරණ කටයුතු සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන ටි්‍රලියම් ඇනිමල් කෙයාර් ආයතනය, ප්‍රොඩක්ෂන් එකේ සියලු‍ බර අදින සුබෝදී තත්සරණී , සොයන්නෝ කණ්ඩායමටත් මේ අවස්ථාවේදී ස්‍තූති කළ යුතුයි.

ස්ටෙෆනි කොතලාවල

SendShareShare
Previous Post

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව…! අප්‍රේල් 29 – මැයි 05 ! Sri Lanka Latest News

Next Post

මේ කිරුළ මගේ ජීවිතයේ හීනයක්…! හොඳට ප්ලෑන් කරලා තමයි ආවේ…! ලොකුම හයිය මගේ පවුලයි…! ලෝචනා රණසිංහ – සිරස අවුරුදු කුමරිය I

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.