ලංකාවේ දේශපාලනඥයන්ගේ සාමාන්‍යයෙන් වයස කීයද? මේ ගැන වෛද්‍ය චමල් සංජීව මරු කතාවක් කියලා තිබුණා. චමල් කියන්නේ ලංකාවේ දේශපාලනඥයෝ බහුතරය වයසට ගියත් හොඳ ෆිට් එකේ ඉන්නවා කියලා. මහින්දට දැන් වයස අවුරුදු 80යි. රනිල්ට අවුරුදු 77යි. මෛත්‍රීට දැන් අවුරුදු 74යි.
ලංකාවේ තවත් දේශපාලනඥයෝ ගොඩදෙනෙක් ඉන්නවා. ලංකාවේ ප්‍රධාන ධාරාවේ ඉන්න දේශපාලනඥයන්ගෙන් පස් දෙනෙක්ම අවුරුදු 80 පැනලා. ගොඩක් අයට අවුරුදු 60ට 70ට වඩා වැඩියි. අවුරුදු 75 පහුකරපු අය පාර්ලිමේන්තු, පළාත් සභා නියෝජනය කරන දේශපාලනඥයන්ගෙන් 10%ක්. හැබැයි ඒගොල්ලෝ කොහොමද මේ ෆිට් එකේ ඉන්නේ? අන්න ඒක ගැන තමයි චමල් සංජීව හරි ලස්සන පැහැදිලි කිරීමක් කරලා තියෙන්නේ. ඒ අය කොච්චර වයසට ගියත් තමන්ගේ ෆිට්නස් තියාගෙන ඉන්නවා. ඒක මරු කතාවක්. Sri Lanka Latest News
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් ඔයාලට මතක ඇති නේද? එතුමිය ඉපදිලා තියෙන්නේ 1945. ඒ කියන්නේ දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක නෝනාගේ වයස අවුරුදු 79ක්. එතකොට මේ හැමෝම ලොකුවට අබලන් වෙලා නැහැ. බොහොම ලස්සනට තමන්ව මේන්ටේන් කරගෙන ඉන්නවා කියන එක තමයි අපිට පැහැදිලි වෙලා තියෙන්නේ.
ඒකට සාපේක්ෂව ලංකාවේ වෛද්‍යවරුන්ගේ වයස බොහොම නරක මට්ටමක තියෙනවා කියලා චමල් සංජීව මහත්මයා ඒ පැහැදිලි කිරීම ඇතුළෙම කියනවා. ලංකාවේ වෛද්‍යවරු ඉතා ඉක්මනින් මියයනවා. ඒගොල්ලන්ට වයස යනකන් ජීවත්වෙන්න ලැබෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට විවිධ රෝගාබාධ හැදෙන්න පුළුවන් කියලා කියනවා. මොකක්ද මේකට හේතුව? ලංකාවේ දේශපාලකයෝ සාමාන්‍ය පුද්ගලයන්ට නැති ඉහළ වරප්‍රසාද භුක්ති විඳිනවා. ඉතා ඉහළ සෞඛ්‍ය පහසුකම් ඒ අය විඳිනවා. ඒ අයට හොඳ රෝහල් පහසුකම් තියෙනවා. පොඩ්ඩක් අසනීප වෙච්ච ගමන් සිංගප්පූරුවේ ගිහිල්ලා ඒගොල්ලෝ බෙහෙත් ගන්නවා. ඒ වගේම ලංකාවේ වෛද්‍ය ක්ෂේත්රයේ ඉන්න අයට එහෙම සෞඛ්‍ය පහසුකම් තිබුණත් ඒගොල්ලෝ රෑට නිදි මරනවා. විශාල වශයෙන් වෙහෙස වෙනවා. රෝහල් රාජකාරීවලට අමතරව පෞද්ගලික රාජකාරී, පෞද්ගලික බෙහෙත් දීමේ වැඩකටයුතුවලට ඒගොල්ලෝ යොමු වෙනවා. සමහර අය ගෙදර යද්දි පාන්දර එකයි, සමහර වෙලාවට දෙකයි, සමහර වෙලාවට තුනයි. ඉතින් ඒ නිසා තමයි ඒගොල්ලොන්ට අපේ දේශපාලකයෝ වගේ ෆිට් එකේ ඉන්න බැරි.
මේ වයස්ගත දේශපාලකයන්ගේ බලයට පැමිණීමේ රැල්ල වෙනස් කරන්න පුළුවන් වුණේ ලංකාවේ බලයට ආපු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට විතරයි. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා එන්න කලින් හිටපු ගොඩක් දේශපාලකයෝ වයස්ගත කට්ටිය. ඒ වගේම ලංකාවේ මේ වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්තයාත් ඒ හැටි වයසක කෙනෙක් නෙමෙයි. අනුර කුමාර මහත්තයා ගැන හරියටම කතා කළොත් ඔහු ඉපදිලා තියෙන්නේ 1968 නොවැම්බර් මාසේ 27 වැනිදා. ඒ කියන්නේ ඔහුට දැන් වයස අවුරුදු 57යි. අනුර කුමාර මහත්තයාට තව දේශපාලන ධාරාවේ ඉන්න ඕනෙ තරම් කල් තියෙනවා මේ රටේ දේශපාලනය හැසිරෙන විදිහ දිහා බැලුවාම.
සජිත් ප්‍රේමදාස මහත්තයා ඉපදිලා තියෙන්නේ 1967 ජනවාරි මාසේ 12 වැනිදා. ඔහුට දැන් වයස අවුරුදු 59යි. මේ දෙන්නාම වයස අවුරුදු 60ට අඩුයි. ඒ නිසා වයස අවුරුදු 60ට අඩු දේශපාලකයන්ට තව අවුරුදු 20ක් කිසි ප්‍රශ්නයක් නැතුව මේ දේශපාලන ධාරාවේ ඉන්න පුළුවන් කියන එක තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ අනුර කුමාර දිසානායක මහත්තයාට තවම එයාගේ දේශපාලන දිවිය ඉවර කරන්න හිතන්නවත් අවශ්‍යතාවක් නැහැ.
හැබැයි මේ වයස වෙද්දි ලංකාවේ වෛද්‍යවරු බොහෝ දෙනෙක් අබලන්. ඒගොල්ලන්ගේ රාජකාරීවලින් ඒගොල්ලෝ විශ්‍රාම ගියාට පස්සේ ඒගොල්ලන්ගේ දරුවෝ එහෙම පිටරටවල. ඒගොල්ලන්ගේ වෙහෙස වැඩියි. ඒගොල්ලොන්ට තියෙන පිළිගැනීම නැත්තටම නැති වෙනවා. ඒගොල්ලෝ ජීවත්වෙන්නේ ගොඩක් වෙලාවට ප්‍රශ්නත් එක්ක, මිනිස්සුන්ගේ දුකත් එක්ක, මිනිස්සුන්ගේ වේදනාවලුත් එක්ක. අපි කොච්චර වෛද්‍යවරුන්ට බැන්නත් ඒගොල්ලෝ එක දිගට වැඩකරන අය, නිදි මරන අය.
හැබැයි මේ කිසි දෙයක් ලංකාවේ දේශපාලකයන්ට අදාළ නැහැ. දේශපාලකයෝ එහෙම මහන්සි වෙන්නේ නැහැ. ඒගොල්ලෝ බොහොම ලස්සනට තමන්ගේ වැඩකටයුතු කරගෙන ඉන්නවා. ඒගොල්ලන්ට ඉහළම සත්කාර ටික ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. ලංකාවේ දේශපාලන ධාරාවේ ඉන්න වයස්ගතම දේශපාලකයෙක් විදිහට අපට සලකන්න පුළුවන් වෙන්නේ වාසුදේව නානායක්කාර මහත්තයා. වාසුදේව නානායක්කාර ඉපදිලා තියෙන්නේ 1939 කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔහුගේ වයස අවුරුදු 87ක්. හැබැයි වාසු තාමත් ෆිට් එකේ මේ මැච් එක ගහගෙන ඉන්නවා. ඒ නිසා වාසුගේ පෙනුම බැලුවත් එහෙම වයස්ගත පෙනුමක් පේනෙන්නෙ නැහැ. ඉතින් ඔය කතාව තමයි අපිට කියන්න ඕනෙ වුණේ.
වෛද්‍ය චමල් සංජීව කියනවා ඉන්දියාවෙත් මේ විදිහම තමයි, ඉන්දියාවෙත් බොහොම වයස්ගත දේශපාලකයෝ ඉන්නවා කියලා. කොහොම හරි අපි බලමු ලංකාවේ දේශපාලකයන්ට මෙච්චර ෆිට් එකක් තියෙන්නේ කොහොමද කියලා. ඔබට පුළුවන් දේශපාලකයෙක්ගෙන්ම ඒක අහගන්න. දේශපාලකයෝ මේ ප්‍රධාන ධාරාවේ තමන්ගේ ශක්තිය ආරක්ෂා කරගෙන තියෙන්නේ කොහොමද කියලා. අපිට ඒගොල්ලන්ගෙන්ම තමයි අහන්න වෙන්නේ.

ජීවන පහන් තිළිණ










