මේෂ – වියදම් පාලනය කරගන්න
ලග්නාධිපති කුජ 12 වැන්නේ බැවින් අනවශ්‍ය ගමන් බිමන් සහ වියදම් අධික වේ. රවි 2 වැන්නට පැමිණීම නිසා වචන පාවිච්චියේදී ඉවසීම ඉතාම වැදගත් වේ. සතිය මැදදී හදිසි මුදල් වාසියක් බලාපොරොත්තු විය හැක. Sri Lanka Latest News
වෘෂභ – පෞරුෂය ඉහළට
රවි ලග්නයට පැමිණීම නිසා සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වේ. රැකියා ස්ථානයේ පැවති බාධා ඉවත් වී ප්‍රසාදය හිමිවේ. සෞඛ්‍ය පැත්තෙන් හිස ආශ්‍රිත පීඩා ගැන සැලකිලිමත් වන්න.
මිථුන – සන්නිවේදන ජයග්‍රහණ
බුධගේ බලපෑම නිසා ලේඛන සහ මාධ්‍ය කටයුතු වලින් විශාල ජයග්‍රහණ ලැබෙනු ඇත. විදේශ රටක සිටින හිතවතෙකුගෙන් සුබ ආරංචියක් ලැබේ. සති අගදී නින්දට බාධා සහ මානසික නොසන්සුන්කම් ඇති විය හැක.
කටක – ආර්ථික වාසි
පැවති මුදල් හිඟකම් මගහැරී යන අතර, 10 වැන්නේ ග්‍රහ බලය නිසා රැකියාවේ ස්ථාවරත්වයක් ඇතිවේ. රවි 11 වැන්නට පැමිණීමෙන් සතිය අගදී අලුත් ආදායම් මාර්ග විවෘත වේ. දේපළ ගැටලු විසfඳනු ඇත.
සිංහ – වෘත්තීය දියුණුව
රවි 10 වැන්නේ බලවත් වීම නිසා පාලන බලය සහ නායකත්වය ලැබෙන කාලයකි. උසස් නිලධාරීන්ගේ සහ රජයේ සහයෝගය හිමිවේ. රැකියාවේ වගකීම් වැඩි වුවත් ඒවා සාර්ථකව අවසන් කිරීමට හැකි වේ.
කන්‍යා – භාග්‍යය මතු වේ
දුර බැහැර ගමන් හෝ පුණ්‍ය කටයුතු වෙනුවෙන් කාලය වැය වන සතියකි. පිය පාර්ශ්වයෙන් දේපළක් හෝ උදව්වක් ලැබීමට ඉඩ තිබේ. අධ්‍යාපන කටයුතු වල නිරත අයට ඉතාම සුබදායක ප්‍රතිඵල හිමිවේ.
තුලා – හදිසි ධන ලාභ
සිකුරුගේ බලය නිසා ලොතරැයි හෝ උරුමකම් වලින් මුදල් ලැබීමට වාසනාව පවතී. සහකරු හෝ සහකාරිය සමඟ තිබූ මතභේද නිරාකරණය වේ. පිටතින් ආහාර ගැනීමේදී සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.
වෘශ්චික – සහයෝගය ලැබේ
විවාහ ජීවිතය සහ ව්‍යාපාරික හවුල්කාරිත්වයන් ඉතාම සාර්ථක වන සතියකි. ඔබ ගන්නා ඇතැම් තීරණ හිතුවක්කාර විය හැකි බැවින් අන් අයගේ අදහස්වලටත් ඉඩ දෙන්න. වාහන හැසිරවීමේදී අවධානයෙන් පසුවන්න.
ධනු – බාධා ජය ගනී
සතුරු කරදර හෝ තරඟකාරීත්වයන් යටපත් කර ජය ගැනීමට ශක්තිය ලැබේ. සේවා ස්ථානයේ වගකීම් වැඩි වුවත් ඒවා දක්ෂ ලෙස කළමනාකරණය කරනු ඇත. ණය ගනුදෙනුවලින් වැළකීම සුදුසුයි.
මකර – දරුවන්ගේ දියුණුව
දරුවන්ගේ අධ්‍යාපන හෝ රැකියා කටයුතු ගැන සුභ ආරංචි ලැබෙන කාලයකි. නිර්මාණශීලී අදහස් පහළ වන අතර කලාත්මක වැඩවලින් ලාභ ලැබේ. කෙටි ගමන් බිමන්වලදී ලියකියවිලි ගැන සැලකිලිමත් වන්න.
කුම්භ – දේපළ ලාභ
නිවාස හෝ ඉඩම් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට මග පෑදෙන සතියකි. ගෘහ ජීවිතය සැපවත් වන අතර පවුලේ අය සමඟ සතුටින් කාලය ගත වේ. මවගේ සෞඛ්‍යය වෙනුවෙන් අවධානය යොමු කරන්න.
මීන – සහෝදර සහයෝගය
සහෝදර සහෝදරියන්ගෙන් හෝ අසල්වැසියන්ගෙන් විශාල උදව් උපකාර ලැබෙන සතියකි. නව විෂයන් ඉගෙන ගැනීමට හෝ කෙටි සංචාර වල නිරත වීමට අවස්ථාව ලැබේ. අත් පාවල වේදනාකාරී තත්ත්වයන් මතු විය හැක.
ජ්‍යොතිෂවේදී සම්පත් ආරියසිංහ
ඉසිවර අසපුව











