ක්‍රිස්තු වර්ෂ 2019 සැප්තැම්බර් මස 25 වැනි බුධ දින පෙරවරු 06.31ට ග්‍රහලොව සෙන්පති ලෙස සැලකෙන කුජ ග්‍රහයා තමන්ට සතුරු රාශියක් වන කන්‍යා රාශියට පිවිසෙයි. කුජ කන්‍යා රාශිය හරහා 2019 නොවැම්බර් 10 වැනි දින පස්වරු 02.24 දක්වා දින 46කට ආසන්න කාලයක් ගමන්ගනී. කන්‍යා රාශිය හරහා ගමනේදී කුජ උත්‍රපල් නැකැතේ 2, 3, 4 පාදත්, හත නැකැතේ සීමාව සම්පූර්ණයෙනුත්, සිත නැකැතේ 1, 2 පාදත් පසුකරමින් ගමන්ගනී.
ලංකා කුම්භ ලග්න කේන්දරයේ හත්වැන්නේ සිට අටවැන්න දක්වා සිදුවන මෙම ග්‍රහ මාරුව ශ්‍රී ලංකාවේ ප්‍රභූවරයකුගේ මරණය සිදුවීමට හේතු වන අතර, අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතය. ඒ ඒ ලග්නවලට මෙම ග්‍රහ මාරුව කෙසේ බලපාන්නේද යන්න සොයා බැලූ විට,
මේෂ ලග්න හිමියන්ට අනාගත දියුණුව සැලසීමද,
වෘෂභ ලග්න හිමියන්ට නොයෙකුත් කරදර, ලෙඩ දුක් ඇතිවීමද,
මිථුන ලග්න හිමියන්ට අප්‍රියයන් හා එක්වීමද,
කටක ලග්න හිමියන්ට ධන ලාභ, නිරෝගී බව සහ අලුත් මිතුරන් ලැබීමද,
සිංහ ලග්න හිමියන්ට අධික වියදම් සහ මුදල් හානිද,
කන්‍යා ලග්න හිමියන්ට අනවශ්‍ය කරදරවලට මුහුණ දීමටද,
තුලා ලග්න හිමියන්ට සිත්තැවුල් ඇති වීමද,
වෘශ්චික ලග්න හිමියන්ට ගින්නෙන් පාඩු සිදුවීමද,
ධනු ලග්න හිමියන්ට තත්ත්වයෙන් උසස් වීමද,
මකර ලග්න හිමියන්ට ස්ථාන මාරුද,
කුම්භ ලග්න හිමියන්ට මුදල් අග-හිඟකම්ද,
මීන ලග්න හිමියන්ට සතුරු කරදරද ඇති වන බව පෙනේ.
මෙම ග්‍රහ මාරුව මේෂ, කටක සහ ධනු ලග්න හිමියන්ට විශේෂ සුබපල ගෙනදෙයි.
ජ්‍යොතිෂවිද්‍යා විශාරද අගලවත්තේ චන්දන වීරක්කොඩි