• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පුංචි තිරයේ දඟකාරි ආදරය ගැන කියපු කතාව

September 22, 2019
in Heart
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ දිනවල තාරුණ්‍යයේ හදවත් සොරාගත් තාරකාවන් කිහිපදෙනෙක් ගැන කතාබහට ලක්වෙනවා. පුංචි තිරය හරහා එලෙස තාරුණ්‍යය වසඟ කරගත් මේ තාරකාව අතර මුලින්ම කියැවෙන නමක් තමයි අසේනි. පාසල් නිල ඇඳුම ඇඳගෙන කොණ්ඩ කරල් දෙකක් බැඳගෙන එන ටිකක් දඟකාර ඇට්ටර අසේනිට තියෙන්නෙ පුදුමාකාර හැකියාවක්. ඉතින් ඒ දඟකාර අසේනිට ජීවිතය දෙන්නේ නව පරපුරේ ආදරණීය යුවතියක්. ඇය ගීත්මා බණ්ඩාර. සංගීතේ ටෙලි නාට්‍යයේ අසේනිගේ චරිතය හරහා සුන්දර පාසල් සමයේ ආදර අත්දැකීම් හරි අපූරුවට රසික හදවත්වලට කාවද්දන ගීත්මාගෙ හදවතේ රිද්මයට හාට් ඇහුම්කන් දුන්නේ මේ විදයටයි.
ඉතින් කොහොමද ගීත්මා?
හොඳින් ඉන්නවා අයියෙ.
අසේනිට ලැබෙන ප්‍රතිචාර හොඳයිද?
මේ දවස්වල හොඳම ප්‍රතිචාර ලැබෙන චරිතය අසේනි කියලයි මම හිතන්නේ.
පාසල් යුනිෆෝම් ඇඳලා කොණ්ඩ කරල ගොතල ගීත්මා අසේනි වෙද්දි හිතට දැනුණෙ කොහොම හැඟීමක්ද?
ඇත්තටම මමත් පාසල් කාලයට සමුදීලා වැඩි කාලයක් නැහැ. ඉතින් අසේනිගෙ චරිතයත් එක්ක ආයෙත් මගේ පාසල් කාලයට ගියා වගේ මට දැනුණා.
අසේනි දඟකාරයි. ගීත්මා කොහොමද?
ගිත්මා නම් ගොඩාක් දඟ නැහැ. ඒත් ඉතින් ගොඩාක් දුරට අසේනි වගේ තමයි.
මේ සිදුවීම් එක්ක ඔබේ පාසල් ප්‍රේමයත් මතකයට එනවා ඇති?
අපෝ නැහැ. එහෙම මතක් වෙන්න අසේනිට වගේ පාසල් ප්‍රේමයක් මට තිබුණෙ නැහැ.
පාසල් ප්‍රේමයක් නොතිබුණාට දැන්නම් ආදරවන්තයෙක් නැති වෙන්න බැහැ?
ඒත් නැහැ කියලා තමයි කියන්න වෙන්නෙ. මොකද මම තාම පෙම්වතියක් නෙවෙයි. ආදරයක් ගැන හිතනවා නම් හොඳින් සිතලා බලලා තමයි ඒ ගැන තීරණයක් ගන්න ඕනෙ.
ගීත්මා ප්‍රාර්ථනා කරන ආදරවන්තයා කොයි වගේ කෙනෙක්ද?
මගේ ජීවිතේ හතරෙන් එකක් තමයි මේ වෙනකොට මම ගත කරලා තියෙන්නේ. ඉතින් ඉදිරි ජීවිතය භාරදෙන්න සුදුසු කෙනෙක් තමයි බලාපොරොත්තු වෙන්නෙ. එහිදී මගේ ගමන ගැන මට පැහැදිලියි. ඉතින් පෙම්වතෙක් තෝරා ගැනීමේදී මම ආයෙ ආයෙත් හිතනවා. මෙයාද සුදුසුම කෙනා කියන එක.
සමහර අය තමන්ගෙම ක්‍ෂේත්‍රයේ කෙනකුට ආදරය කරන්න, විවාහ වෙන්න කැමැති නැහැ. ගීත්මත් එහෙම කෙනෙක්ද?
නැහැ. මම එහෙම හිතන්නෙ නැහැ. සුදුසු කෙනා, ගැළපෙන කෙනා ක්‍ෂේත්‍රයේම කෙනෙක් නම් ඒක සිද්ධ වේවි. මගේ එහෙම බෙදා වෙන්කිරීමක් නැහැ.
කොහොමද සහෝදර ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය?
ඇත්තටම හොඳයි. මම ගොඩාක් ප්‍රවීණ අය වගේම අලුත් අය සමගත් කටයුතු කරනවා. ඉතින් ඒ අයගෙන් උපරිම සහයෝගය වගේම දැනුමත් ලැබෙනවා. ඉතින් හරිම සුහදව හොඳින් කටයුතු කරනවා.
අලුත් බලාපොරොත්තු පොකුරකුත් ඇති. ඒ ගැනත් කියන්න?
සාර්ථක ලෙස රංගනයේ යෙදෙමින් ඒ ගැන හදාරමින් අනාගතයේ උගත් රංගන ශිල්පිනියක් වීම තමයි බලාපොරොත්තුව.
ඔයාගෙ රසික රසිකාවියන්ට මොනවද කියන්න තියෙන්නෙ?
ඒ හැම කෙනෙක්ගෙම ආදරය මට වටිනවා. ඉතින් මට ආදරය කරන හැමෝටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එයාලා හැමෝටම මාත් ගොඩාක් ආදරෙයි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

25 වැනිදා කුජ මාරුවක්

Next Post

‘ඒෂියන් බෑන්කර් ශ්‍රී ලංකා’ සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව සම්මාන ලබයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.