මේ වනවිට ඇමෙරිකාවේ වාසය කරන ප්‍රබල රාජපක්ෂවරයකු සිය රටට ලබාදෙන ලෙස ඉල්ලා ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව වෙත ලංකාව පාර්ශ්වයෙන් ලිපි කිහිපයක් යොමුවී ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
දැනට වරෙන්තු මත සිටින මෙම රාජපක්ෂවරයාට එරෙහිව මෙරට අධිකරණය තුළ මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් නඩු කිහිපයක් ගොනුවී තිබේ.
නමුත් අවස්ථා රැසකදීම මෙම රාජපක්ෂවරයා එම අධිකරණ කටයුතුවලට සහභාගි නොවීම මුල්කරගෙන අධිකරණය විසින් වරෙන්තු නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි.
ඒ අනුව මෙරට විමර්ශන ආයතන මගින් මෙම ප්‍රබල රාජපක්ෂවරයා ලංකාවට ලබාදෙන ලෙස ඉල්ලා ඇමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව වෙත ලිපි කිහිපයක් යොමුකොට ඇති අතර, ඊට ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිචාර දක්වා ඇති බවක්ද දැනගන්නට තිබේ.










