මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ ඛේදජනක සිදුවීමෙන් අනතුරුව බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා ‘නිවාස අඩස්සි’ ක්‍රමය හඳුන්වා දීමට ආණ්ඩුව සූදානමින් සිටින බව වාර්තා වේ. Sri Lanka Latest News
ඒ අනුව මේ වනවිට නිවාස අඩස්සි ක්‍රමය පිළිබඳ සොයාබැලීම සඳහා ඉහළ පෙළේ කමිටුවක් පත්කර ඇති බවද දැනගන්නට ඇත.
මෙම ක්‍රමය යටතේ රැඳවියන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරනවා වෙනුවට සිය නිවසේම රඳවා තැබීමට යෝජනා වී ඇති අතර, එම සිරකරුවන් අධීක්ෂණය කිරීම සඳහා විද්‍යුත් ක්‍රමයක් හඳුන්වා දීමටද යෝජනා වී ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව, විද්‍යුත් වළල්ලක් අදාළ රැඳවියාගේ අතෙහි හෝ පාදයෙහි පැලඳවීම හරහා ඔහු හෝ ඇය නිරන්තරයෙන්ම අධීක්ෂණයට ලක්කිරීම මේ හරහා සිදුවේ.
මේ සම්බන්ධයෙන් පසුගිය 2023 වසරේදීද යම් සාකච්ඡාවක් ආරම්භ වූ අතර, එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කොට වාර්තාවක් ලබාගැනීමටද එවක අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කොට තිබිණි.
ඒ අනුව එම වාර්තාව නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමුකිරීමටද අධිකරණ අමාත්‍යවරයා කටයු කොට තිබූ බවක් දැනගන්නට ඇත.










