• About us
  • Contact us
Saturday, July 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News

July 4, 2026
in Astrology, Exclusive
Reading Time: 4 mins read
A A
විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යහපත් වූ යුගදිවියක් ගතකරන්නට පෙරුම්පුරා මග බලා සිටින ඔබ වෙනුවෙන් මෙවර ලිපියෙහි කරුණු ඉදිරිපත් වනු ඇත. කේන්දරය බැලූ හැම තැනකින්ම කියන්නේ ‘විවාහය ප්‍රමාදයි, හොඳින් ගළපා කළේ නැති නම් විවාහය කැඩෙන්න ඉඩ තියෙනවා. මේ හඳහනට ගැළපෙන හඳහනක් මිසක් කසාදය නම් කරන්න එපා. මේක කළොත් නම් විවාහය අසාර්ථකයි, මේ හඳහන් දෙක නම් ගැළපෙන්නේ නෑ…’ මේ ආදී උත්තර ගණනාවක් ඔබේ දිවියේ ඔබත් අසා ඇති නේද? මේ වනවිටත් විවාහ වන කාලසීමාව පවා පසුකර සිටින අවධියක ඔබත් ඉන්නවද?Sri Lanka Latest News

එසේ සිටින්නට හේතු කාරණා ජ්‍යොතිෂ සිද්ධාන්ත ඇසුරින් ඔබට ඉදිරිපත් කිරීමට මා සිතුවේ මා හට ලැබුණු දුරකතන ඇමතුම්වලට පිළිතුරු ලෙසටය. කෙසේ වෙතත් පාපී කේන්ද්‍ර සටහනක් හිමි ඔබේ කේන්ද්‍රයේ රාහු-කේතු-කුජ-ශනි-රවි ආදීවූ ග්‍රහ බලපෑම් මත 7 වැන්න පීඩාවට පත්වී තිබීම මේ සඳහා ප්‍රබල සාධකයක් වී හමාරය. මෙවැනි දෝෂ සහිත බවක් ඔබේ කේන්ද්‍රයේ පිහිටීමෙන් විවාහ ජීවිතයේ ආයුෂ කෙටි වීම, විවාහ සැපතට බාධා කරදර අධික ලෙස ගලා ඒම, දික්කසාදය දක්වා විවාහය බිඳවැටීම් මතුවීම, දෙදෙනා වෙන්ව වාසය කිරීම, අනෙකාට අනෙකා රුස්සන්නේ නැතිව නිතර අඬදබර ඇතිවීම, දරුණු රෝගාබාධවලට තදබල ලෙස මුහුණ දීමට සිදුවීම, ප්‍රියමනාප ස්වභාවය ඇති නොවීම ආදී බොහෝ ගැටලු පීඩාකාරී ස්වභාවයන් වැඩි වීම, නොගැළපෙන විවාහ දිවියේ කඩඉම් ලෙස වර්ධනය වනු ඇත. විවාහ වන දෙදෙනාගේ හෝ එක් අයකුගේ කේන්ද්‍රයේ මෙම කුජ – ශනි යන ග්‍රහයෝ සංයෝගව හෝ අන්‍යොන්‍ය වශයෙන් දෘෂ්ටි දීම හෝ සම්බන්ධව සිටියහොත් එවැනිම වූ පාපී යෝග නැතිව පොරොන්දම් කොතරම් ගැළපුවත් ඉන් ප්‍රතිඵල වැඩක් වන්නේ නැත. මින් මා අදහස් කරන්නේ දෙදෙනාගේම කේන්ද්‍ර සටහනේ දෝෂ අවස්ථා යෙදී තිබීමෙන් විවාහ දිවියට එන මා මුලින් සඳහන් කළ බාධා, ව්‍යාකූලතා, ව්‍යසන අඩුවී ඒවා ඔරොත්තු දෙන මට්ටමින් දෙදෙනාට කටයුතු කරගෙන යෑමට ඉඩකඩ යෙදීම සිදුවන නිසාවෙනි.

මේ අනුව ගත් කල දරු ඵල හීන වීම, බහු විවාහ සිදුවීම, මානසික විකෘතිතා ඇතිවීම, ශාරීරික ශක්තිය හීන වීම ආදී අශුභ ඵල උදාවීමට ඉඩ යෙදෙනු ඇත.
ලග්නයෙන් යෙදෙන්නා වූ කුජගෙන් යෙදෙන භෞම දෝෂයටත් වඩා චන්ද්‍රයාගෙන් යෙදෙන දෝෂය ඉතා ප්‍රබල වන අතර, චන්ද්‍රයාගෙන් යෙදෙන දෝෂයටත් වඩා විවාහකාරක සිකුරුගෙන් යෙදෙන දෝෂය විවාහයට ඉතා අහිතකර බලපෑම් උදා කරන බව පැරැණි පොතපතෙහි ඍෂිවරු සඳහන් කර ඇත.

තවද පස්වැන්නාධිපතියා නාශාංශකව සිටීමෙන් දරුඵල හීන වීමක්ද, හත්වැන්නාධිපති නාශාංශක බලෙන් යුක්ත වීම නිසා බහු විවාහ කරා යොමුවීමට ඉඩ යෙදෙන බව කේන්ද්‍ර පරීක්ෂාවෙන් පැහැදිලිව තෝරා බේරාගත් කරුණු වනු ඇත.

කුජගෙන් මෙන්ම ශනිගෙන් ඇතිවන්නා වූ විවාහ දෝෂ ලග්නයෙන් 2-4-7-8-12 යන ස්ථානවල පිහිටි විට දෝෂ තත්ත්වය උදාවන අතර, මේ සඳහා කුජ ග්‍රහයාගේ පිහිටීම, ග්‍රහ දෘෂ්ටි, ග්‍රහ නැකැත් චාරය ගැන වඩාත් විමර්ශනය කළ යුතුව ඇත.

දෙවැන්නේ කුජගේ හෝ ශනිගේ දෝෂ තත්ත්වයන් ඇති විට විවාහයේ සැප සතුට සුවය අහිමිවී යෑමට ඉඩකඩ යෙදෙන අතර, ග්‍රහ පිහිටීම, ග්‍රහ දෘෂ්ටි ශුභ ග්‍රහයන්ගේ ග්‍රහ දෘෂ්ටි සහ නැකැත් අධිපති සහ ග්‍රහ බලය, නැකැත් බලය මත මෙම තත්ත්වය මැනැවින් පරීක්ෂා කොට තීරණය ගත යුතුව ඇත.

කුජ ග්‍රහයා 7 වැන්නේ සිටි විට විවාහ සහකරුගේ මරණය ඉක්මන් වීම, කුජ 8 වැන්නේ සිටීමෙන් විවාහ සැප අහිමි වීම ආදියට බලපෑම් එල්ල වනු ඇත.
කුජ – ශනි හෝ කුජ ග්‍රහයා 12 වැන්නේ සිටීම සහකරු හෝ සහකාරියගේ ආයුෂ කෙටි වීම, වැන්දඹු දෝෂ ක්‍රියාත්මක වීම සිදුවීමට ඉඩකඩ යෙදුණද මෙකී දෝෂ තත්ත්වයන් අවම වන ලෙස වෙනත් ශුභ ග්‍රහ දෘෂ්ටි, ශුභ නැකැත්වල අධිපති වීම, භාව කේන්ද්‍ර විග්‍රහය, නවාංශකයේ පිහිටීම ආදී පරීක්ෂා කිරීමෙන් මෙම තත්ත්වය තරමක් දුරට අඩු වැඩි වී ශුභ ඵල උදාකිරීමට සමත් වනු ඇත.

මෙකී දෝෂ තත්ත්වයන්,
● සිකුරු ග්‍රහයාගේ ශුභ පිහිටීම.
● සිකුරු පාපී නත්‍රි නොවීම.
● සිකුරු දුර්වලවී නොසිටීම.
● හත්වැන්නාධිපති බලවත්වී නවාංශකයේ ශුභ අංශකයක සිටීම.
● හත්වැන්නාධිපති පාප සංයෝග පාප නත්‍රි නොවීම, පාප දෘෂ්ටිවලට හසු නොවීම.
● ගුරු ග්‍රහයා බලවත්ව 7 වැන්නේ සිට පාප දෘෂ්ටි, නැකැත්වලට හසු නොවීමෙන් මෙකී අශුභ ඵල අවම වන්නේය.

ඉතින් ඔබගේ ගැටලුවලට විසඳුම් මැනැවින් පරීක්ෂා කළ කේන්ද්‍ර සටහනට අනුව ග්‍රහ යෙදීම් ග්‍රහ බලපෑම් සියල්ල නිවැරැදි ලෙස පරීක්ෂා කොට ඒ සඳහා සුදුසු වත්පිළිවෙත් නිවැරැදි ලෙස කිරීමට යොමුවීම තුළින් මෙන්ම ඒ සඳහා සුදුසු යන්ත්‍ර පැලඳීම, සෙත්කවි රචනය කිරීම, නිවැරැදි ග්‍රහ පූජා විධි, ශාන්ති කර්ම කිරීමෙන් මෙකී තත්ත්වයන් අවම කරගෙන විවාහ දිවියේ ගැටලු බාධා කරදර ජයගන්න ඔබටත් හැකිවනු නියතය.

එවැනි වත්පිළිවෙත් කිරීමෙන් තම තමන්ට සුදුසු සහකාරිය හෝ සහකරුවා නිවැරැදි ක්‍රමවේදයන්ට අනුව තමාට යොමුවීම සිදුවන අවස්ථා අප ජ්‍යොතිෂ කටයුතුවලදී අත්දැක ඇත. පෙර කළ කර්ම බලය යටපත් කරගනිමින් ජ්‍යොතිෂය ඇසුරෙන් එම මාර්ගය සකසා ගැනීමට ඔබ දක්ෂයකු විය යුතුය. එවිට ඉන් නිසි ඵල ප්‍රයෝජන ඔබටද උදාකරගත හැකි වනු ඇත. විවාහ ප්‍රමාදයට බලපාන සෙනසුරු සහ කුජ දෝෂ මෙන්ම විවාහ දෝෂ ඔබේ ජීවිතයට බලපෑම් කිරීමට ඔබ තවත් ඉඩ දී බලා සිටිය යුතු නැත. එහෙම නම් නැවත මෙවැනි අර්ථවත් ලිපියක් සමගින් පාඨක ඔබ දැනුවත් කිරීමට මෙන්ම ශක්තිමත් කිරීමට අප සූදානම්. එතෙක් ඔබ සැමට සියලු යහපතම උදාවේවා…

ජ්‍යොතිර්වේදිනී පී.එම්. සංජීවී වසන්ති
(ජ්‍යොතිර් විද්‍යා ඩිප්ලෝමාධාරිනී / ජ්‍යොතිෂ ශිරෝමනී, ජ්‍යොතිෂ අවිශ්කාර් විශිෂ්ට ගෞරව සම්මානලාභිනී, සෙත්කවි ශාස්ත්‍ර විශාරද විශිෂ්ට ගෞරව සම්මානලාභිනී)
සංජීවී ජ්‍යොතිර් පියස
දුරකතන – 0777 130391

SendShareShare
Previous Post

නිතර අසනීප වෙනවාද? ධනය ගිලිහෙනවාද? ඉඩමට අරක්ගත් වාස්තු පුරුෂයාගේ නෙපෙනෙන බල මහිමය…! කෝප වුණොත් ලෙඩ රෝග ගෙට! Sri Lanka Latest News

Next Post

ගොවි කැරැල්ලක් අත ළඟ! Sri Lanka Latest News

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ ඇමැතිවරු සමච්චල් කරන ගොවියන් වෙනුවෙන් විපක්ෂනායක පෙනී සිටී! ගොවි පුතාගේ ආණ්ඩුව දැන් ගොවියන්ගේ උත්පත්තිය ගැන කියලම අපහාස කරනවා! ගොවීන්ගේ මූලික අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය කරලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවියෝ රැකගන්න සජබ පෙරට! Sri Lanka Latest News

IMF එකෙන් ඉන්දියාවට සහතිකයක්!
Exclusive

උඩින් එකයි – යටින් එකයි! IMF එක ඩබල් ගේමක! Sri Lanka Latest News

පොහොර නොදුන්නොත් ගොවියෝ කොළඹ වටලන සූදානමක්!
Exclusive

ගොවි කැරැල්ලක් අත ළඟ! Sri Lanka Latest News

නිතර අසනීප වෙනවාද? ධනය ගිලිහෙනවාද? ඉඩමට අරක්ගත් වාස්තු පුරුෂයාගේ නෙපෙනෙන බල මහිමය…! කෝප වුණොත් ලෙඩ රෝග ගෙට! Sri Lanka Latest News
Astrology

නිතර අසනීප වෙනවාද? ධනය ගිලිහෙනවාද? ඉඩමට අරක්ගත් වාස්තු පුරුෂයාගේ නෙපෙනෙන බල මහිමය…! කෝප වුණොත් ලෙඩ රෝග ගෙට! Sri Lanka Latest News

ඩෙංගු රටටම විදිද්දී විපක්ෂනායක සජිත් කීට විද්‍යා සංගමයේ සාමාජිකයන් හමුවෙයි! ඩෙංගු මදුරුවාගෙන් මිනිස්සු බේරගන්න යෝජනාවලියක් ඉදිරිපත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු රටටම විදිද්දී විපක්ෂනායක සජිත් කීට විද්‍යා සංගමයේ සාමාජිකයන් හමුවෙයි! ඩෙංගු මදුරුවාගෙන් මිනිස්සු බේරගන්න යෝජනාවලියක් ඉදිරිපත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ ඇමැතිවරු සමච්චල් කරන ගොවියන් වෙනුවෙන් විපක්ෂනායක පෙනී සිටී! ගොවි පුතාගේ ආණ්ඩුව දැන් ගොවියන්ගේ උත්පත්තිය ගැන කියලම අපහාස කරනවා! ගොවීන්ගේ මූලික අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය කරලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද දවසේත් කෘෂිකර්ම අමාත්‍යවරයා රටේ ගොවි ජනතාවට පහර පිට පහර ගසමින් අපහාස කරමින් යන බවත් අප රටේ සමස්ත බහුතරය පිළිගත්තේ...

Read more
මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News

මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවියෝ රැකගන්න සජබ පෙරට! Sri Lanka Latest News

IMF එකෙන් ඉන්දියාවට සහතිකයක්!

උඩින් එකයි – යටින් එකයි! IMF එක ඩබල් ගේමක! Sri Lanka Latest News

නිරුවත වුණත් පෙන්වන ආට් එකක් තියෙනවා…! මම ඒ සීමාවන් දන්නවා…‍! ආදරෙන් විඳවන්න බයයි…! දෙන්න පුළුවන් උපරිමය දෙනවා…! ඒ මගේ හැටි…! කිසි දේකට මම සැලෙන්නේ නැහැ…! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News

නිරුවත වුණත් පෙන්වන ආට් එකක් තියෙනවා…! මම ඒ සීමාවන් දන්නවා…‍! ආදරෙන් විඳවන්න බයයි…! දෙන්න පුළුවන් උපරිමය දෙනවා…! ඒ මගේ හැටි…! කිසි දේකට මම සැලෙන්නේ නැහැ…! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.