• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…

November 16, 2022
in Astrology, Exclusive, Kendaraya
Reading Time: 4 mins read
A A
ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…
Share on WhatsAppShare on Facebook

මේ ගතවෙමින් ඇත්තේ 2022 වසරේ අවසන් සති කිහිපයයි. වසර ආරම්භයේ පටන් මේ වන තෙක්ම රටේ සිදුවූයේ දේශපාලන සහ සමාජයීය වශයෙන් රටත් ජනතාවටත් අහිතකර සිදුවීම් බව පැහැදිලි වන කරුණකි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය අතහැර රටින් පිටව යෑම, දේශපාලන බල පෙරළි, ආහාර අර්බුදය, ඉන්ධන පෝලිම් ආදී මෙකී නොකී දහසකුත් එකක් ගැටලු රට හමුවේ නිර්මාණය වුණේ මේ 2022 වසරේ ගතවූ කාලයේදීයි. එවන් පසුබිමක වසරේ ඉදිරි කාලය තුළදී හෝ රටට යහපත් දෙයක් සිදුවනු ඇතිද? එසේ නොමැති නම් ඉදිරි සති කිහිපයේදී තවත් අර්බුද රාශියක් රටේ ජනතාව මතට ඇද වැටේද? ඒ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ජ්‍යොතිෂ ඇසින් විමසා බලන්නටයි මේ සූදානම.
Raavan Media යූටියුබ් නාලිකාවට ප්‍රවීණ ජ්‍යොතිෂවේදී තුසිත එන්. සතරසිංහ මහතා සිදුකළ මේ විග්‍රහයට අනුව නොවැම්බර් 08 වැනිදා සිදුවූ පූර්ණ චන්ද්‍රග්‍රහණය හේතුවෙන් වසරේ ඉදිරි කාලය රටටත්, ජනතාවටත් එතරම් සුබදායී නැහැ. නමුත් ඒ උපද්‍රවයන්ගෙන් අත්මිදෙන මාවතක්ද ඇති බව සතරසිංහ මහතා ඔහුගේ පැහැදිලි කිරීම තුළ සඳහන් කරනවා. කරදරයක් බාධකයක් ඇතිනම් ඒ ගැන කලින්ම දැනගෙන සිටියහොත් පෙර සූදානමකින් ඊට මුහුණ දෙන්න අපි කාටත් පුළුවන්. ඒ නිසා සතරසිංහ මහතාගේ මේ ජ්‍යොතිෂ විග්‍රහය කියවා, චන්ද්‍රග්‍රහණයේ අසුබ ප්‍රතිඵල මඟහරවාගන්නත්, යහපත් ලෙස ඉදිරි කාලය ගතකරන්නත් ඔබට අවස්ථාව විවර කරදෙන්නට ‘මව්රට’ අපි සූදානම්. කියවන්න, මේ 2022 වසරේ අවසන් සති කිහිපය පිළිබඳ ඔහුගේ පැහැදිලි කිරීම.

2022 වසර තුළ සිදුවන අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය පිළිබඳවයි අද කතා කරන්නේ. මේ චන්ද්‍රග්‍රහණය සිදුවෙන්නේ 2022 නොවැම්බර් 08 වැනිදා. විශේෂයෙන් නැවත වාරයක් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවෙන්නේ 2025 වසරේ. මේ පූර්ණ චන්ද්‍රග්‍රහණය නිසා මොකද වෙන්නේ. ලග්න පලාපල ගැන නෙවෙයි අපි කතා කරන්නේ. පූර්ණ චන්ද්‍රග්‍රහණය හේතුවෙන් ලෝකයට සහ අපේ රටට ඉදිරි කාලයේදී සිදුවන දේ මොකක්ද කියන එක ගැනයි. අපි විමසා බලමු මේ පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවෙන්නේ කොහොමද සහ ඒ මොහොතේ යෙදෙන ග්‍රහචාරය, ලෝකායත ජ්‍යොතිෂය අනුව ලංකාවට සිදුවන බලපෑම ගැන.

ග්‍රහ මාරුවක් හෝ චන්ද්‍රග්‍රහණයක් හෝ සූර්යග්‍රහණයක් කියන මේ හැම දේකින්ම සිදුවන සුබ හෝ අසුබ ප්‍රතිඵලය ජ්‍යෙතිෂවේදීන් විදියට අපි කලින්ම ප්‍රකාශ කරනවා. නමුත් ඒවායින් වැළැකෙන්න කිසි කෙනෙක් උත්සාහ කරන්නේ නෑ. ඒක තමයි අපේ දුර්වලතාව. මේ පූර්ණ චන්ද්‍රග්‍රහණය ගැන අකැමැත්තෙන් වුණත් කියන්න තියෙන්නේ අසුබ ප්‍රතිඵල ගෙන දෙන්නක් කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි 2022 සැප්තැම්බර් 25 වැනිදා සිදුවුණු අර්ධ සූර්යග්‍රහණය. එය සිදුවෙලා කෙටි කාලයක් තුළ පූර්ණ චන්ද්‍රග්‍රහණයකුත් සිදුවෙනවා. ඒ නිසා මේ දෙකේම බලපෑම් එකට එකතුවෙලා තමයි අපට මේ කාලසීමාවේ අසුබ ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා මේ ඉදිරි වකවානුව තුළ සිදුවෙන්නට නියමිත බාධක කරදර කම්කටොලු ටික මඟහරවාගෙන ප්‍රායෝගිකව ඒවාට මුහුණ දීලා අභියෝගාත්මකව ක්‍රියාත්මක වෙලා මේ හානි අවම කරගන්න අපි කටයුතු කරන්න ඕනෙ. ඒක අපි සියලු දෙනාම දැඩි ලෙස හිතට අරගෙන කටයුතු කළොත් මේ සිදුවීමට නියමිත බාධක අවම කරගන්න පුළුවන්.

මේෂ කියන අග්නි රාශිය තුළ සිදුවන චන්ද්‍රග්‍රහණවල ප්‍රතිඵල ඉතා වේගයෙන් ගින්දර වගේ සැර විදියට ලබාදෙනවා. ලෝකායතන ජ්‍යොතිෂය අනුව කුම්භ ලග්න හිමි ලංකා කේන්ද්‍රයේ තුන්වැනි භාවයේ තමයි මේ චන්ද්‍රග්‍රහණය සිදුවෙන්නේ. රාහු ග්‍රහයා සහ සඳු ග්‍රහයා මේ වෙලාවේ තුන්වැනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවා. අඟහරු ග්‍රහයා ලංකා කේන්ද්‍රයේ 05 වැන්නේ තැන්පත් වෙලා ඉන්නවා. රවි, බුධ, සිකුරු, කේතු කියන ග්‍රහයෝ හතර දෙනාම ලංකා කේන්ද්‍රයේ 09 වැන්නේ තැන්පත් වෙනකොට ලග්නාධිපති සෙනසුරු ලංකා කේන්ද්‍රයේ 12 වැන්නේ ඉන්නවා. ගුරු මීන රාශියේ දෙවැනි භාවයේ තැන්පත් වෙනවා. මේ ආකාරයටයි ලංකා කේන්ද්‍රයේ ග්‍රහචාරය පිහිටන්නේ. තුන්වැනි භාවයේ මේ චන්ද්‍රග්‍රහණය සිදුවෙන මොහොතේ අපි මුලින්ම බැලිය යුතුයි තුන්වැනි භාවය තුළින් ලෝකායතන ජ්‍යොතිෂයෙන් මොකක්ද කියැවෙන්නේ කියන එක. කේන්ද්‍රයේ කොටු 12 ගත්තාම හැම භාවයක් තුළම යම් පලාපලයක් සටහන් වෙනවා. ලෝකායතන ජ්‍යොතිෂයේදීත් ඒ ආකාරයටම භාව 12න් ලෝකය පිළිබඳ කතා කරනවා. මේ තුන්වැන්න කියන්නේ ලෝකායතන ජ්‍යොතිෂයේදී විශේෂයෙන්ම රටක ගමනාගමනය පිළිබඳ කතා කරන තැන. භාණ්ඩ ප්‍රවාහනය ගැන කතා කරන තැන. ඒ වගේම තමයි දුම්රිය සේවය පිළිබඳ සියලු කරුණු තුන්වැනි භාවයෙන් කතා කරනවා. විදුලිබලය සම්බන්ධ හැම දෙයක්මත් තුන්වැනි භාවයෙන් කතා කරනවා. රටක තැපැල් සේවය පිළිබඳවත් තුන්වැනි භාවයෙන් කියැවෙනවා. ඒ වගේම තුන්වැන්නෙන් රටක සාහිත්‍යය, ඉතිහාසය, ග්‍රන්ථ කතුවරු, ග්‍රන්ථ සහ පුවත්පත් ගැනත් කතා කරනවා. මාධ්‍යවේදීන් ගැන කතා කරනවා. මාධ්‍ය ආයතන ගැන කතා කරනවා. මේ වගේ කරුණු රැසක් කතා කරන විශේෂම භාවයක් තමයි තුන්වැන්න කියලා කියන්නේ.

විශ්ව කේන්ද්‍රය තුළ පළමු භාවයේ මේ චන්ද්‍රග්‍රහණය සිද්ධ වෙන්නේ මේෂ රාශිය තුළ. රටේ ජනගහනය, රටේ පැවැත්ම, ජනතාවගේ ක්‍රියාකාරකම්, සෞඛ්‍ය ගැන කතා කරනවා. ලෝකායතන ජ්‍යොතිෂය අනුව පළමු භාවයේ විශ්ව කේන්ද්‍රයේ පළමු භාවය තුළ තමයි මේ පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවෙන්නේ. ඒ නිසා මේ චන්ද්‍රග්‍රහණට අපේ රටට විතරක් නෙවෙයි බොහෝ රටවලට දැඩි ලෙස බලපානවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ ශ්‍රී ලංකාව, එංගලන්තය, ඩෙන්මාර්කය, ජර්මනිය, පලස්තීනය, සිරියාව, ජපානය වගේ රටවලට මෙහි දැඩි බලපෑම සිදුවෙනවා. ආසියාතික රටවල්වල ඉන්දියාව, පාකිස්තානය, ඉන්දුනීසියාව වගේ රටවලටත් මේ චන්ද්‍රග්‍රහණයේ දැඩි බලපෑම සහ අසුබ ප්‍රතිඵල ගෙනදෙනවා.

චන්ද්‍රයා කියන්නේ කවුද කියලා අපි දැනගෙන ඉන්න ඕනෙ. සඳු ග්‍රහයා තුන්වැනි භාවය නියෝජනය කරනවා වගේම ලෝකායතන ජ්‍යොතිෂයට අනුව මහජනතාව සඳුගෙන් නියෝජනය වෙනවා. රටක මහජනතාවගේ ක්‍රියාකාරකම්, ඒ අයගේ සිතුවිලි, ඒ අය කොහොමද වැඩකටයුතු කරන්නේ කොහොමද කියන එක මේ චන්ද්‍රයාගෙන් කතා කරනවා. ලෝකයේ හැම රටකටම කාන්තාවන් පිළිබඳ චන්ද්‍රයාගෙන් කතා කරනවා. කාන්තාව නියෝජනය කරන ග්‍රහයෙක් තමයි චන්ද්‍රයා. ජලය ආශ්‍රිතව කරන සියලු කටයුතු සම්බන්ධවත් චන්ද්‍රයා මුල් වෙනවා. ජනතාව ඒකරාශීවීම්, ජනතාවගේ උද්ඝෝෂණ, සමිති සමාගම්, දේශන වගේ දේවලුත් චන්ද්‍රයාගෙන් කියැවෙනවා. ඒ නිසා චන්ද්‍රයාගේ ග්‍රහණය සිදුවන මොහොත බොහොම වැදගත් වෙනවා කාන්තා පක්ෂයට, ජලය සම්බන්ධ කටයුතු ඇතුළු හැම දේකටම. ඒ අනුව මේ චන්ද්‍රග්‍රහණය දැඩි අසුබ ප්‍රතිඵල ගෙන දෙන ග්‍රහණයක් බවට පත්වෙනවා.

නොවැම්බර් 08 වැනිදා මේෂ රාශිය තුළ සිදුවෙන චන්ද්‍රග්‍රහණය තුළින් විශේෂයෙන්ම අපේ රටේ ජලය ආශ්‍රිත බොහෝ විපත් සිදුවෙන්න පුළුවන් කාලයක්. අපි පළමුවෙන්ම අවබෝධ කරගන්න ඕනේ දෙයක් මේක. ඉදිරි කාල පරාසය ජල ගැලීම් රැසක් සිදුවෙන කාලයක්. අවස්ථා කිහිපයකදීම ප්‍රබල ජල ගැලීම්වලට මුහුණ දෙන්න සිදුවේවි. කාලගුණ විපර්යාස සහ කැලඹීමක් ඇතිකරන්න පුළුවන් කාලයක්. නායයෑම්, කඳු කඩාවැටීම්, ගංවතුර, ජීවිත දේපළ හානි බොහොමයක් වෙන්න පුළුවන්. අපි ඒ ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. මුහුදු තීරයේ කැලඹීම් රැසකුත් සිදුවෙනවා අවස්ථා කිහිපයකදීම. මුහුදු පතුලේ භූ චලන සිදුවෙන්න පුළුවන්. අපේ රටට පමණක් නොවෙයි ඉහත සඳහන් කරපු අනෙක් රටවලටත්. ධීවර යාත්‍රා සහ ධීවර කටයුතුවලට දැඩි හානි සිදුවෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ දේවල් තේරුම් ගත යුතුයි. ඒ අදාළ අංශවල බලධාරීන් ඒ සඳහා දැන් තියාම සූදානම් විය යුතුයි. අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආරක්ෂාව, සුබසිද්ධිය සඳහා දැන් තියාම ක්‍රියාත්මක විය යුතුයි. අපි අනතුරු අඟවනවා. නමුත් කවුරුවත් ඒවා ගැන සැලකිලිමත් වෙන්නේ නෑ. ඒ නිසා දැන් තියාම සූදානම් වෙලා ඉන්න.

රටේ ප්‍රධාන පෙළේ පාලකයකුට ගෞරවාන්විත කෙනකුට විපතක් සිද්ධ වෙන කාලයක්. අපේ රටේ විතරක් නෙවෙයි ඉහත සඳහන් කළ රටවලටත් බලපාන්න පුළුවන්. ජීවිතයෙන් සමුගන්න සිදුවෙනවා වගේම බාධකයකුත් ඇතිවෙනවා. බොහෝ වෙලාවට තමන්ගෙ මවුබිමෙන් පිටමං වෙන්න පවා ඔහුට සිදුවෙන කාලයක්. ඒ වගේම දැඩි අප්‍රසාදයකට පත්වෙන්න පුළුවන්. රට පාලනය කරපු කෙනෙක් හෝ දැනට පාලනය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔහුට දැඩි චෝදනාවකට ලක්වෙන්න සිදුවෙනවා. ඒ නිසා තමන්ගෙ රටෙන් පිටවෙලා යන්න බොහෝ විට සිදුවේවි. ඒ වගේම මේ කාලසීමාව තුළ චන්ද්‍රග්‍රහණයෙන් පසුව අපේ රටේ වගේම අනෙක් රටවල ප්‍රබලම කාන්තාවකට දැඩි බාධක කරදරවලට මුහුණ දෙන්න සිදුවෙනවා. නමක් තියාගෙන හිටපු, ප්‍රසිද්ධ ප්‍රබල කාන්තාවකට විපතක් සිදුවෙනවා. ජීවිතයෙන් සමුගන්න සිදුවෙනවා. ඒ වගේම මේ කාල පරාසය තුළ කාන්තාවන් සහ දරුවන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යනවා. දරුවන්ටත් විපත්, හානි ඇතිකරන කාලසීමාවක් බවට පත්වෙනවා. විශේෂයෙන් කාන්තාවන් මේ කාලයේදී පරිස්සම් වෙන්න ඕනෙ. ස්ත්‍රී දූෂණ, අපචාර ඉදිරි කාලයේදී වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මවුපියන් තමන්ගේ ගැහැනු දරුවන් ගැන විශේෂ අවධානයෙන් සිටීම වැදගත් වෙනවා.

අසුබ ආරංචි රැසක් පැතිරෙන කාලයක් බවට මේ කාලය පැවැත්වෙනවා. ඒ නිසා කාන්තාවන් සහ දරුවන් දැඩි ලෙස ප්‍රවේශම් වියයුතු කාලයක් ලෙස මේ චන්ද්‍රග්‍රහණ කාලසීමාව හඳුන්වා දෙන්න පුළුවන්. ඔබ තේරුම්ගත යුතුයි මේ කාලයේ පරිස්සමෙන් ඉවසීමෙන්න සිටිය යුතු බව. මම කියන්නේ මේ දේවල් සත්‍යයක් වෙන්න කියන එක නෙවෙයි. නමුත් අවදානම් සහිත කාලයක් නිසා ඔබ ප්‍රවේසම් වීම වැදගත් වෙනවා.

චන්ද්‍රග්‍රහණයේ ප්‍රතිඵලයක් ලෙස අපේ රටේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ට අසුබ කාලයක් බවට පත්වෙනවා. ඔවුන්ගේ ජීවිත හානි සිදුවෙන කාලයක් වේවි. තනතුරුවල වෙනසක් හෝ තනතුරු අහිමි වීම් පවා සිදුවෙන්නට ඉඩ තිබෙනවා. ආරක්ෂක අංශවල ප්‍රධානීන්ට සහ නිලධාරීන්ට මම කියනවා එම අංශ තුළ යම් කලබලකාරී ස්වභාවයක් වගේම කාර්යබහුල තත්ත්වයක් ඇතිවෙන්න ඉඩ තිබෙන බව. ප්‍රධාන ග්‍රහ මාරු 4ක් සහ චන්ද්‍රග්‍රහණයක් සිදුවෙන මාසයක් මේ නොවැම්බරය. නාවික හා ගුවන් හමුදාවට යම් විපත්තිදායක තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. චන්ද්‍රග්‍රහණය ජලයට අධිපති ග්‍රහයා සහ අග්නි රාශියක සිදුවන ග්‍රහණයක් නිසා මේක නාවික සහ ගුවන් කියන හමුදාවලට දැඩි විපත්වලට මුහුණ දෙන්න වෙනවා. යුද හමුදාවටත් ඒ වගේම හානිදායක තත්ත්වයන් සිදුවෙනවා. මේ දේවල් අපේ රටට පමණක් නොවෙයි ඉහත සඳහන් කළ අනෙක් රටවලටත් පොදුයි.

ඒ වගේම මේ චන්ද්‍රග්‍රහණයත් එක්ක රට තුළ කලකෝලාහල ගතියක් ඇතිකරනවා. මිනිස්සුන්ගෙ හදවත් කුපිත වෙලා මානසික අවුල් ස්වභාවයක් ඇතිකරලා, දැඩි ආවේගශීලී බවක් හිතට අරගන්නවා. මේ ස්වභාවය දැඩිව ක්‍රියාත්මක වෙලා රට තුළ ප්‍රබල කලහෝලාහල, ගිනිගැනීම්, ප්‍රබල පිපිරීමක් පවා සිදුවෙන කාලයක් තමයි මේ ඉදිරි කාලසීමාව. ඒ නිසා තමයි ආරක්ෂක අංශවල අය දැඩි කල්පනාවෙන් ඉන්න ඕනෙ. පාලක පක්ෂ දැඩි කල්පනාවෙන් වැඩ කරන්න ඕනෙ. රට තුළ යම් යම් විදියට පෙරළිසහගත තත්ත්වයක් ඇති කරන්න පුළුවන් ග්‍රහචාරයක් තමයි මේ නොවැම්බර් 08 වැනිදායින් පස්සේ නිර්මාණය වෙන්නේ. ජනතාවගේ සිතුවිලි කුපිත වෙනවා මේ කාලයේදී. රට පුරා උද්ඝෝෂණ ඇතිවෙනවා. හැම අංශයකින්ම උද්ඝෝෂණ, කැරැලි කෝලාහල වගේ දේවල් ඇතිකරන්න සිදුවෙන කාලයක් තමයි මේ කාලසීමාව. ජන ජීවිතයට යම් කිසි විදියකට පීඩාවක් ඇති කරන කාලයක්. ප්‍රබල පෙරළියක් සිදුවෙන කාලයක්. නොවැම්බර් 08 වැනිදායින් පස්සේ සිද්ධ වෙන සිදුවීම් මේ. චන්ද්‍රග්‍රහණයේ සහ සූර්යග්‍රහණයේ ප්‍රතිවිපාක. අඟහරු මාරුවේ ප්‍රතිවිපාක. ග්‍රහමාරු 4ක් තව සිදුවෙනවා මේ මාසේ. මේ සියලු කරුණුවල ප්‍රතිඵලත් සමග තමයි මේ 2022 වසර අවසාන වෙන්නේ. මම මේ බව මීට පෙරත් අවස්ථා ගණනාවකදීම කියලා තියෙනවා. අපේ රටේ නායකයෝ, ප්‍රභූවරු, ප්‍රබල අය සියලු දෙනාම සාකච්ඡා කරලා සාමූහිකව කටයුතු කරන්න ඕනේ වෙලාවක් මේක. එහෙම නැතුව පක්ෂවලට බෙදිලා ඉන්න ඕනෙ වෙලාවක් නෙවෙයි මේක. එකමුතුව සාමූහිකව රට ගොඩනගන්න, ජනතාව ආරක්ෂා කරන්න ඔවුන් කටයුතු කළ යුතුයි. මොකද වෙනසක් ඇතිකරන්න පුළුවන්, පෙරළියක් ඇතිකරන්න පුළුවන් රට තුළ දැඩි පීඩාකාරී ස්වභාවයක් ඇතිකරන්න පුළුවන් කාලයක් නිසා. ජන ජීවිතවලට හානිදායක, විපත්තිදායක ස්වභාවයක් ඇතිකරන්න පුළුවන් චන්ද්‍රග්‍රහණයක් තමයි නොවැම්බර් 08 වැනිදාට යෙදිලා තියෙන්නේ.

විශේෂයෙන්ම රටේ කෘෂිකර්මාන්තයට දැඩි හානි සිදුවෙන්න පුළුවන්. ජලයෙන් සිදුවන හානි නිසා වගාවන් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම කෘමි උවදුරුවලිනුත් හානි සිදුවෙන්න පුළුවන්. අපේ ගොවි මහත්වරු බොහොම කල්පනාවෙන් පරිස්සමෙන් තමන්ගෙ වගා කටයුතු කරන්න වගබලා ගන්න ඕනෙ. පලතුරු වගාවන්ට දැඩි විපත් කරදර බාධා සහිතයි. මේෂ රාශිය, අග්නි රාශිය තුළ සිදුවන චන්ද්‍රග්‍රහණයක් නිසා එහි පලවිපාක වැඩියි. ඒ නිසාම රටේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුයි. සෞඛ්‍ය අංශයට යළි ගැටලුසහගත තත්ත්වයක් අතිකරන්න පුළුවන් ඉදිරියේදී. බාධක, කරදර ඇතිවෙන්න පුළුවන්. රටේ ලෙඩ්ඩු ප්‍රමාණය, ජනතාවගේ රෝගීභාවයන් වැඩි වෙනවා. ඒක නිසා සෞඛ්‍ය අංශවලට දැඩි කාර්යබහුල කාලයක් උදාවෙනවා. සෞඛ්‍ය අංශ තුළ යම් ගැටලු ඇතිවෙනවා. වාද භේද ඇතිවෙනවා.

ඒ වගේම උණ රෝගයක් පැතිර යන්න පුළුවන් රට තුළ. ඒක ලොකු හානියක් සහ බාධකයක් වෙන්න පුළුවන්. රටේ ප්‍රසිද්ධ කාන්තාවක් හෝ කලාවට සම්බන්ධ අයකුට ජීවිතයෙන් සමුගන්න සිද්ධ වෙනවා. ප්‍රසිද්ධියට පත්වෙච්ච කාන්තාවක් කලාවට සම්බන්ධ ප්‍රබල අයකුට ජීවිතයෙන් සමුගන්න සිද්ධ වෙනවා. හද කම්පා කරන රිය අනතුරු රැසක් මේ ඉදිරි කාලපරාසය තුළ සිදුවෙනවා. හානිදායක තත්ත්වයන් වැඩියි මේ කාලය තුළ. ඒ නිසා මේ චන්ද්‍රග්‍රහණයේ අසුබ ප්‍රතිඵල සිදුවීමේ ප්‍රවණතාව වැඩි නිසා ඒවායින් ආරක්ෂා වීමට අප කටයුතු කළ යුතුයි. චන්ද්‍රග්‍රහණය කොහොම සිදුවුණත් එයින් ආරක්ෂා වීමට අපි වගබලා ගැනීම තමයි කළ යුත්තේ.



චානක ලියනගේ

SendShareShare
Previous Post

අරගලයේ කොල්ලො කෙල්ලො, සෙලෝලයිට් කලාවේ නළු නිළියෝ…

Next Post

සමාජවාදය කරපින්නාගෙන හිටපු බොරලුගොඩ සිංහයන්ට අද වෙලා තියෙන සන්තෑසිය මෙන්න මෙහෙම තමයි අද පාර්ලිමේන්තුවේදී දිගහැරුනෙ! අනේ අපොයි! (VIDEO)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.