තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා හා කරූ ජයසූරිය යන මහත්වරුන් වෙනවෙනම හමුවීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇත.
ඒ අනුව හෙට (08) දින පෙරවරු 9.30ට අරලිය ගහ මන්දිරයේදී සජිත් ප්‍රේමදාස මහතා හා වික්‍රමසිංහ මහතා අතර පමණක් මුහුණට මුහුණ හමුවක් සිදුවීමට නියමිතය.
මීට අමතරව කරූ ජයසූරිය මහතාද වෙනම හමුවීමට තීන්දු කර ඇති වික්‍රමසිංහ මහතා එම හමුවීම්වලදී ඉදිරි ජනාධිපතිවරණයේදී ක්‍රියාත්මත කළ යුතු ක්‍රියාකාරී සැලැස්ම පිළිබදව ඔවුන් සමග සාකච්ජා කරනු ඇති බව දැනගන්නට ඇත.