• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රවිගෙ අපලයට වත්පිළිවෙත්

September 24, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

ජන්ම පත්‍රයක රවි ග්‍රහයා අපල කරන බව දැනගත් විට රවි ග්‍රහයාට අදාළ වත්පිළිවෙත් කිරීමටත්, පෙර තමන්ගේ චර්යාවන්, හැඟීම් ආදියද යහපත් කරගත යුතුය. ප්‍රථමයෙන්ම සුරා සූදුවෙන්, දුෂ්චරිතයෙන් තොරව ආගම – දහමට ළැදිව සිටිය යුතුයි. තමන් සිදුකරන සෑම ක්‍රියාවකදීම පරිස්සම් වීමට තරයේ සිත තබාගත යුතුයි. විශේෂයෙන් ගමන් – බිමන් යෑමේදී මෙන්ම රිය පැදවීමේදී එය කළ යුතුයි. එමෙන්ම ජීවිතයේ යම් තීරණයක් ගැනීමේදීද එය දෙවරක් සිතා වැඩිහිටි, තමන්ට හිතවත් අයගෙන් විමසා ගත යුතුය. නිතර ඉෂ්ට දේවතාවන් අනුස්මරණයද කළ යුතුයි.

ඉහත ආකාරයේ යහපත් පුද්ගලයකු වී රවිගේ අපලය සමහන් කිරීමට අදාළ වත්පිළිවෙත් සිදුකළ යුතුය. එම වත්පිළිවෙත් අතර ශිව දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීම අනිවාර්යයෙන්ම කළ යුතුය. ඊට අමතරව විෂ්ණු දෙවියන්ට හෝ කතරගම දෙවියන්ට සෙත් කවියක් කීම, රතු නෙලුම්, රතු අරලිය, රත්මල් ආදී රතු පැහැයෙන් යුතු මල් සර්වඥධාතූන් වහන්සේ උදෙසා පුදා බෝධි පූජාවක් දවස් 7ක් තැබීම, ඉඹුල් වෘක්‍ෂයක් පන්සලක හෝ ගෙවත්තේ සිටුවා එම ඉඹුල් වෘක්‍ෂයට ආවතේව කිරීම නිතර ඉඹුල් වෘක්‍ෂය සෙවණේ සිටීම, රවි ග්‍රහයාට අදාළ ග්‍රහ දාන දීම, එම ග්‍රහ දානය දීමේදී රතු පැහැති රෙදි, තිරිඟුවලින් සාදන ලද ආහාර වර්ග, රත්හඳුන්, රතුසීනි, පරිප්පු ආදිය හැකි උපරිමයෙන් ලෝභ සිත දුරලා, සිල්වත් අසරණ පුද්ගලයන්ට දන්දීම සිදු කළ යුතුයි. එසේ දන්දී එම සිල්වත් අසරණ පුද්ගලයන් ලවා අපල ඇති අයට සෙත් කරවා ගැනීම, අභය දානය හැකි පමණ සිදුකිරීම, මරණයට කැප වූ ගවයන්, එළුවන්, කුකුළන්, ඌරන් ආදී සතුන් බේරා ගැනීම, සදාකල් සිරවූ ගිරවුන්, සැලලිහිණියන්, මයිනන්, වී කුරුල්ලන් ආදී කුරුල්ලන් නිදහස් කිරීම, ගංගාවලින් අල්ලාගත් පණ තියෙන මිරිදිය මසුන් (වෙල් මාළු, ඉස්සන්, කකුළුවන්) නිදහස් කිරීම, අටපිරිකර පූජාව, ධර්ම දානය, කැසිකිළි – වැසිකිළි තැනීම ආදී කොට ඇති අටමහා කුසලයට දායක වීම, ඉඹුල් කොළ තැම්බූ ජලය ස්නානය කිරීම, කිරි අම්මාවරු 7 දෙනෙක් ගෙන්වා කිරි අම්මා දානයක් දී එම දානය වෙනුවෙන් සෑදූ ආහාර ද්‍රව්‍ය අගහිඟකම් අඩුපාඩු නැති ධනවත් අය සොයා වැඩි පිරිසකට බෙදා දීම.

රවි ග්‍රහයාගේ අපලය සඳහා පුදන පූජා වට්ටිය රතු මල්, රත් නෙලුම්, රත්හඳුන්, පද්මරාග හෝ රතුකැට ගල්, තිරිඟුපිටි, රතු වදමලින් ගෙතූ මල් වැල්, රතු රෙදි, රතු කොඩියක්, ඉඹුල් කොළ, සුදු සහලින් පිසූ බත්, උක් හකුරු මිශ්‍ර කිරිබතක් හා තුරඟ රූපයකින්ද යුක්ත විය යුතුයි. මෙය ශිව දෙවියන්ට පුදා සෙත්පතා භාරවීම සිදුකළ යුතුයි.

රවිගේ මැණික පද්මරාග මැණික වුවද, රවිගේ අපලයක් පවතින විට එය සමනය වීමට කිසිවට පද්මරාග මැණිකක් පැලඳීම නොකළ යුතුයි. රවි අපලයට පද්මරාග මැණික පැලඳීම තුළින් රවිට අදාළ අසුබ කිරණ මැණික හරහා ශරීරගත වී රවි අපලය තවතවත් තීව්‍ර කරනු ඇත. එනිසා දක්‍ෂ ජ්‍යොතිෂවේදියකු ලවා ජන්ම පත්‍රය පරීක්‍ෂා කර රවිගේ අසුබ බලය මැඬලිය හැකි ග්‍රහයා ජන්ම පත්‍රය තුළින් සොයා එම ග්‍රහයා බලවත් කිරීමට එම ග්‍රහයාට අදාළ මැණික පැලඳිය යුතුයි. එහිදී රවිගේ අසුබ බලය දුබල වී යනු ඇත.

ඔබගේ ජන්ම පත්‍රයේ රවි අපලයක් ඇත්නම් ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකර නොගෙන එය සමනය වීමට අවශ්‍ය වත්පිළිවෙත් සිදු කිරීමට අදිටන් කරගන්න. දැහැමි වී හැකි උපරිමයෙන් රවි ග්‍රහයාට අදාළ වත්පිළිවෙත් සිදුකිරීමෙන් රවිට අදාළ අපල දුරුවීම හෝ සමනය වීම ඔබටම අත්දැකිය හැකිය.

ජ්‍යෙතිෂවේදීනි මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

ආරුගම්බේ වසන්තය

Next Post

දිල්රුක්ෂිගේ වැඩ තහනම්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.