වහාම ක්‍රියාත්මක වන පරිදි සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කිරීමට කටයුතු කොට ඇත.
අද (24) සවස රාජ්‍ය සේවා කොමිසම මගින් එම මහත්මියගේ වැඩ තහනම් කිරීමේ ලිපිය යොමු කොට ඇති බව දැනගන්නට තිබේ.
ආන්දෝලනාත්මක ඇවන්ට්ගාඩ් නඩුව සම්බන්ධයෙන් තනතුරේ සිටියදී එහි සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග දුරකතන සංවාදයක යෙදීම මේ වැඩතහනමට හේතු වී තිබේ.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක්ද ක්‍රියාත්මකය.










