විවාහ වී කලක් ගතවී දරුවන් නොමැති විට කේන්දරයටත්, ඔවුනොවුන්ටත් දෝෂාරෝපණය කරගැනීමට විවාහක යුවලයන් පෙලඹේ. මෙහිලා බොහෝ විට වරද පැටවෙනුයේ පුරුෂයාට වඩා
ස්ත්‍රිය කෙරෙහිය.
එසේ වුවද ඇතැම් විවාහක යුවලයන්ට වසර කිහිපයක් ගතවුණද දරුවන් නොපිහිටයි. ඇතැමුන්ට සදහටම නොපිහිටයි. මෙවිට කේන්දරයේ දරුපල ඇතැයි කියා නිගමනය කළද බොරු වූ අවස්ථා ඇත.
වරෙක මේ කාරණා සරල නොවේ. සංකීර්ණ ස්වභාවයක් ගනී. තිරිසන් සතුන් අතර සිවුපාවුන්ටත්, පක්‍ෂීන්ටත් පැටවුන් ඇති වෙයි. මිනිස් වර්ගයාට ඇති වන පැටවුන් (දරුවන්) විශේෂත්වයක් ගනී. සිත හා සිතීමේ ශක්තියක් තිබීමයි.
එවැනි දරුවකු සඳහා පූර්ව කායික පර්යේෂණ නොකර කොතෙක් දේව පූජා තැබුවද, ශාන්තිකර්ම කළද පලක් නොවේ.
ඇතැම් අඹු-සැමි යුවලයන්ට කායික ස්වභාවයේ කිසිදු වෙනසක් නොවූ වෙනත් හේතු යෙදේ. ඇතැමෙකුට කළුකුමාර දිෂ්ටියක් බාධා කරන බව කියැවෙයි. ඇතැමෙකුට මෝහිනී දිෂ්ටියක් බාධා කරන බව කියැවෙයි. දරුවකු පිළිසිඳ ගැනීමට සියලුම වෛද්‍ය හේතු හොඳින් තිබියදී ඉහත කී බාධා පවතී. ගැමි සමාජය තුළ මේ සඳහා භූත වෛද්‍ය කර්ම භාවිත කෙරිණි. රිද්දි යාගය, සන්නි යකුම, වින කැටීම ආදිය පැවතිණි. මෙය බටහිර වෛද්‍ය ශාස්ත්‍රය පිළිකෙව් කරයි. නමුත් එය බැහැර කළ නොහැකි එකක්.
මිනිස් මනස සියුම් භූතාත්මවලට ග්‍රහණය කළ හැකිය. මිනිස් සිත, සිතුවිලි හා සිරුර මෙහෙයවිය හැකිය. මිනිස් මොළයේ ඉන්ද්‍රියයන් මෙහෙය වීමට අභ්‍යන්තරයට රිංගාගත හැකිය. ඔවුන්ගේ මෙහෙයවීම ප්‍රකෘති මනස් දුර්වල කරයි. අඹු-සැමි යුවලට නිසි සේ ඇසුරට ඉඩ නොදේ. දරුපලවලට බාධා කරයි.
අමනුෂ්‍ය බලවේග දුරුවීමත්, හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තිබුණත් දරුපල නොසිටි අවස්ථාද විරල නොවේ. අඹු-සැමි යුවලගේ ජාන බලපෑමද හේතු වෙයි. සාම්ප්‍රදායිකව දරුපල අපේක්‍ෂාවෙන් කරනු ලබන පිළිවෙත් හා ශාන්තිකර්ම අපේ සමාජයේ පවතී. බෞද්ධ සාහිත්‍ය හදාරන විට සුද්ධෝදන රජතුමා සහ මහාමායා දේවිය පෙහෙවස් සමාදන්ව පින්වත් දරුවකු ප්‍රාර්ථනා කළහ. සතියක් පෙහෙවස් සමාදන් වූ රජුට දාව දේවිය කුස බෝසත් දිව්‍යාත්මයෙන් මිදී පිළිසිඳ ගත්තේය. මෙය අනුගමනය කරමින් ඇතැම් අඹු-සැමියෝ සිල් ගැනීම්, බෝධි පූජා පැවැත්වීම්, දානමානාදිය දීම් මඟින්ද දරුවන් පතති. මෙවිට පින්වත් බලවත් දරුවන් ලැබේ යැයි විශ්වාස පවතී.බෞද්ධ යන්ත්‍ර – මන්ත්‍ර ක්‍රම මඟින්ද මේ සඳහා පිහිට කොට ගතහැකි අවස්ථා වේ. “සබ්බපාපස්ස අකරණං” ගාථාව ප්‍රස්තාර කර දෙදෙනාම පැලඳ ගැනීම තවත් ක්‍රමයකි. ඉන්දීය යන්ත්‍ර – මන්ත්‍රද මේ සඳහා වේ.
හින්දු සමයේ එන ක්‍රමවේද අතර දරුපල ලැබීමට ඊශ්වර පූජා, ශිවලිංග පූජා තැබීම සිදුකෙරේ. ඊශ්වර දෙවිඳුන් පන්තිය පාර්වතී දෙවඟනයි. මේ දෙදෙනාට දරුවන් දෙදෙනෙකි. ස්කන්ධ කුමාර හා ගණ දෙවියන් මානව සංවර්ධනයට ආශීර්වාද කරන දෙදෙනෙකි. ඊශ්වර හා පාර්වතී එපමණක් නොව විෂ්ණු දෙවිඳුන්ගේ පන්තිය වන ලක්‍ෂ්මී දෙවඟනද දරුපල දෙන කෙනෙකි. මහා ලක්‍ෂ්මී දෙවඟන සම්පත් වර්ග 16ක් දෙයි. ඉන් එකක් වන්නේ දරු සම්පතයි. දරු සම්පත් දෙන දෙවඟන වන්නේ සන්තාන ලක්‍ෂ්මීය. ඇය රතු නෙලුම මලක් ආසනය කොට ගෙන බිළිඳකු දෑතින් දරා සිටියි. සන්තාන ලක්‍ෂ්මී හට පුද පූජා පැවැත්වීමෙන් දරුපල ලැබෙන බව හින්දුන් අතර දැඩි විශ්වාසයකි.
මේ සඳහා ඊශ්වර දෙවිඳුන්ගේ හා සන්තාන ලක්‍ෂ්මී ප්‍රසාදය ගැනීම විශේෂිත ක්‍රමයකි. මේ සඳහා හොඳම මෙවලම වනුයේ මහානුභාව සම්පන්න රුද්‍රාක්‍ෂ පැලඳීමයි. ඍජුවම ඊශ්වර බලයත්, ලක්‍ෂ්මී බලයත් ලබාගත හැක්කේ රුද්‍රාක්‍ෂය හරහාය. යන්ත්‍රයකට, තෙලකට වඩා ආකර්ෂණ බලයක් හා ශක්තියක් ඊට ඇත. රන්, රිදී, තඹ, යකඩ, බේරියම්, මැංගනීස් යන සය වර්ගයක සංයුතියෙන් සුසැදුණු ජීව චුම්බක හා විද්‍යුත් ශක්තියක් ඇති රුද්‍රාක්‍ෂය මිනිස් සිරුරට ධනාත්මක බලයක් එක්කරයි. මිනිස් සිරුරේ ඇති ජීව විද්‍යුත් හා ජීව චුම්භක ශක්තියට අන්‍යොන්‍ය ප්‍රතික්‍රියා කෙරේ. ඊට අදාළ බීජ මන්ත්‍ර, ගයත්‍රි මන්ත්‍ර, ස්තෝත්‍රාදිය කියා පුද පූජා දක්වා පැලඳ ගැනීමෙන් ඉක්මන් ප්‍රතිඵල අත්කරගත හැකියි.
භාවිත කළ හැකි මන්ත්‍ර හා ස්තෝත්‍ර
- ඊශ්වර දෙවිඳුට : ඕම් නමඃ ශිවාය
- ඕම් භූර් භුවාස් ස්වහඃ
තත්ස විතර් වරේනසමි
භර්ගෝ දේවශ්‍ය ධීමනී - ඕම් තත් පුරුෂාය විද්මගේ
මහා දේවාය ධීමනී
තන්නෝ රුද්‍රාහ් ප්‍රචෝදයාත් - ඕම් ත්‍රයම්බකම් යජ්මහේ
සුගන්ධිම් පුෂ්ටි වර්ධනම්
ඌර්වර් යුකමිවා බන්ධනම්
මි්‍රත්‍යො මුක්ශේය වමි්‍රතන්
මේ සඳහා ශිව පාර්වතී රුද්‍රාක්‍ෂ පූජාවක් පවත්වා රුද්‍රාක්‍ෂයන් පැලඳගත යුතුය.
රුද්‍රාක්‍ෂ පූජාවේදීම සන්තාන ලක්‍ෂ්මී ස්තොත්‍ර කිව යුතුය.
ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟනට - ඕම් මහා ලක්‍ෂ්මී දියෝ නමහා
- ඕම් හ්‍රීම් ක්ලීං මහා ලක්‍ෂ්මී නමහා
- ඕම් මහා ලක්‍ෂ්මීඤ්ච විද්මහේ
විෂ්ණු පත්දයිච ධීමහී
තන්නෝ ලක්‍ෂ්මී ප්‍රචෝදයාත් - සන්තාන ලක්‍ෂ්මීට
පුත්‍ර පෞත්‍රස් ස්වරූපේන
පශු භූතාත්මතා ස්වයම්
සන්තාන දායීනීම් දේවීම්
සන්තාන ලක්‍ෂ්මී නමාම්‍ය නම්
සන්තාන ලක්‍ෂ්මී නමොස්තුතේ - සන්තාන ලක්‍ෂ්මී නමොස්තුතේ
පරා බ්‍රහ්ම ස්වරූපිනී
යසෝ දේහී ධනම් දේහී
සර්ව කාමම්ස්ච දේහි මේ
අඹු-සැමි යුවල ඊශ්වර ලක්‍ෂ්මී රූප තබා ස්තෝත්‍රාදිය කියමින් පුද පූජා තැබීම හෝ කෝවිලකට ගොස් මේ දෙදෙනාට පුද පූජාදී පිහිට පැතීමද යෝග්‍ය වෙයි.
ජ්‍යොතිෂවේදී ජේ.ඒ.ඩී. පෙරේරා