කිසිසේත්ම ෙපොහොට්ටුව ලකුණ වෙනස් කළ නොහැකි බව රාජපක්ෂ සහෝදරවරුන් අද (28) පැවති සාකච්ජාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත අද දහවල් 12ට ආරම්භ වූ මෙම සාකච්ජාවේදී ජනාධිපතිවරණයේදී තරග වදින සලකුණ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇත.
එහිදී ජනාධිපතිවරයා පොදු සලකුණක් යටතේ තරග වැදිය යුතු බව පෙන්වා දුන්නද මහින්ද-බැසිල්-ගෝඨා යන රාජපක්ෂ සොහොයුරන් ඊට එකගතාව පළ කොට නැත.
දැනටමත් ශ්‍රිලනිපය ඇප මුදල් බැද ඇති නිසා සදුදා (30) දිනය වනවිට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගත යුතුව ඇත.
නමුත් පවතින තත්ත්වය අනුව ශ්‍රිලනිපය අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවක් දැනගන්නට ඇත.