• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජූලි 28 ඉරිදා සිට අගෝස්තු 03 වැනි සෙනසුරාදා දක්වා ඔබට මොකද වෙන්නෙ?

August 2, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේෂ ලග්නය : හිතුවක්කාර ගති
ලග්නාධිපති කුජ හතර වැන්නේද, සඳු 2, 3, 4, 5 භාව හරහාද ගමන් ගනී. මේ සතිය තුළදී ඔබට වෙනදාට වඩා හිතුවක්කාර ගති ඇති වී තමන්ගේ අදහසටම අනුව කටයුතු කරන බවක් පෙනේ. සමීපව ඇසුරු කළ ඥාතීන්ගෙන්, මිතුරන්ගෙන් දුරස්ව, තනිවම වැඩකටයුතු කරගෙන යෑමෙන් නොයෙකුත් පාඩු විඳීමට සිදුවෙයි. තමන්ගේ උත්සාහයේ නියම ප්‍රතිඵල අනුන් භුක්ති විඳින කාලයකි. නහර පිළිබඳ රෝගයක් ඇති වීමට ඉඩ තිබේ. ආදායම් තත්ත්වය පහළ යයි.
ජය අංකය : 4, ජය වර්ණය : රන්වන් පාට
වෘෂභ ලග්නය : සහෝදර සබඳතා
සහෝදර සහෝදරියන් සමඟ එක්ව සතුටු වීමට අවස්ථාවක් ලැබෙන අතර, සඳු 1, 2, 3, 4 භාව හරහාද, ලග්නාධිපති සිකුරු තුන් වැන්නේද ගමන් ගනී. මුදල් තත්ත්වය එතරම් යහපත් නොවන සතියකි. සෙම් රෝගයක් නිසා ප්‍රතිකාර ගැනීමටද සිදුවිය හැකිය. විදේශයක සිට පැමිණි ඥාතියකුගෙන් විශේෂ උපකාරයක් ලබා ගැනීමට ඔබට මෙ කාලය තුළදී හැකි වන අතර, විදෙස් ගමනක් ගැන සිතුවිලි පහළ වෙයි. ඉගෙනීමේ කටයුතුවල නිරත වෘෂභ ලග්න හිමියන්ට නොයෙකුත් බාධක ඇති වෙයි.
ජය අංකය : 3, ජය වර්ණය : කොළ පාට
මිථුන ලග්නය : වැරදි මඟ පෙන්වීමක්
ඔබ මේ සතිය තුළදී බුද්ධියෙන් අඩු කෙනකුගේ වැරදි මඟ පෙන්වීමකට අනුව කටයුතු කර විශාල පාඩුවක් කර ගන්නා අතර, ලග්නාධිපති බුධ 1, 2 භාව හරහාද, සඳු 12, 1, 2, 3 භාව හරහාද ගමන් ගනී. එදිනෙදා වැඩකටයුතුවලට බාධක එල්ල වෙයි. ප්‍රමාණය ඉක්මවා කල්පනා කිරීම නිසාම හිසට බර ගතියක් දැනේ. නරක මිතුරන් ඇසුරට ලැබෙන අතර, වියදම් පැත්ත වැඩි වන සතියකි. ඥාතියකු සමඟ සුළු අමනාපයක් ඇතිකර ගනී.
ජය අංකය : 1, ජය වර්ණය : නිල් පාට
කටක ලග්නය : සැප පහසුව
මේ සතිය තුළදී ඔබගේ ලග්නාධිපති සඳු 11, 12, 1, 2 භාව හරහා ගමන් ගැනීමෙන් සිතට සැනසීම, ශරීරයට සැප පහසුව ඇතිව කාලය ගෙවී යයි. පින්දහම් කිරීමට යොමුවෙයි. හිතවතකු තමන් වෙනුවෙන් පිළියෙළ කරන ලද සංග්‍රහයක් භුක්ති විඳීමට අවස්ථාව සැලසේ. අලුත් ඇඳුම් – පැලඳුම්, ආභරණ ආදිය මිලදී ගනී. පදිංචි නිවෙස පිරිසුදු කර අවශ්‍ය අලුත්වැඩියා කටයුතු කිරීමට පෙළඹෙන කාලයකි. ශරීර සෞඛ්‍ය යහපත්ව පවතී.
ජය අංකය : 2, ජය වර්ණය : කහ පාට
සිංහ ලග්නය : නිෂ්ඵල වියදම්
ඔබගේ ලග්නාධිපති රවි 12 වැන්නේ ගමන් කිරීමත්, සහ සඳු 10, 11, 12, 1 භාව හරහා ගමන් කිරීමෙන් මේ සතිය තුළදී ඔබට නිෂ්ඵල ලෙස මුදල් වියදම් කිරීමට සිදුවෙයි. මහත් බලාපොරොත්තු ඇතිව කරන වැඩක් අතරමඟ අතහැර දැමීමට සිදුවෙයි. ගෘහ ජීවිතයේ සතුට, සාමයද අඩු වී යන කාලයකි. දරුවන් වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසී වැඩ කරන සතියකි. යටපත්ව තිබුණු අසනීපයක් නැවත මතු වීමට ඉඩ ඇත.
ජය අංකය : 3, ජය වර්ණය : කොළ පාට
කන්‍යා ලග්නය : ධන ලාභ
ඔබට මේ සතිය තුළදී ධන ලාභයක් ලැබෙන අතර, ලග්නාධිපති බුධ 10, 11 භාව හරහාද, සඳු 9, 10, 11, 12 භාව හරහාද ගමන්ගනී. ආදායම් තත්ත්වය යහපත් අතට හැරී අනාගත දියුණුව සඳහා අලුත් ආයෝජනයකට පෙළඹෙයි. ගෘහ ජීවිතය සාමකාමී වන අතර, දරුවන්ගේ ජයග්‍රහණ දැක සතුටු වීමට අවස්ථාව ලැබේ. කලකින් නුදුටු ඥාතියකු ඔබ හමුවට පැමිණ උපකාරයක් ලබාගනී. උණ රෝග, සෙම් රෝග මතු විය හැකියි.
ජය අංකය : 2, ජය වර්ණය : කහ පාට
තුලා ලග්නය : අසමඟිකම්
අඹු-සැමියන් අතරද, ඇසුරු කරන අය අතරද, අසමගිකම් පැනනඟින සතියකි. සඳු 8, 9, 10, 11 භාව හරහා ගමන් ගන්නා අතර, ලග්නාධිපති සිකුරු 10 වැන්නේය. ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින තුලා ලග්න හිමියන්ට ආදායම ඉහළ යන සතියකි. සමාජය තුළ තමන්ගේ තත්ත්වය උසස් වන අතර, අනවශ්‍ය ලෙස මුදල් වියදම් වන කාලයකි. කලක් පැවති රෝගයක් සුවවෙයි.
ජය අංකය : 1, ජය වර්ණය : දම් පාට
වෘශ්චික ලග්නය : අවිවේකී සතියක්
සඳු 7, 8, 9, 10 භාව ස්ථාන හරහාද, ලග්නාධිපති කුජ පුණ්‍යස්ථානය වන නව වැන්නේද ගමන් ගනිමින් සතිය ගෙවී යයි. රැකියාවේ, ව්‍යාපාරයේ වගකීම් මෙන්ම ගෙදර-දොර යුතුකම් කිහිපයක්ද එකවර ඉටුකරමින් කාර්යබහුල ලෙස අවිවේකීව කාලය ගෙවී යයි. අතමිට යහමින් මුදල් ගැවසෙයි. වැඩකටයුතු කලට වේලාවට ඉටුකර ගැනීමට අවශ්‍ය පහසුකම් නොඅඩුව ලැබේ. සති අන්තයේ දුරබැහැර ගමනක් යෙදේ.
ජය අංකය : 9, ජය වර්ණය : රතු පාට
ධනු ලග්නය : විදේස ගමනක්
ලග්නාධිපති ගුරු වැයස්ථානය වන 12 වැන්නේද, සඳු 6, 7, 8, 9 භාව හරහාද ගමන් ගනිමින් ගෙවී යන මේ සතිය ඔබට තරමක් වියදම් අධික වෙයි. විදෙස් ගමනක් බලාපොරොත්තුවෙන් සිටි ධනු ලග්න හිමියන්ට එම අදහස ඉටුවෙයි. දරු ශිෂ්‍යයන් ඇති අයට ඔවුන්ගේ මුරණ්ඩුකම් දැක කනස්සල්ලට පත්වීමට සිදුවිය හැකිය. ගෘහ ජීවිතය කරදර සහිත වන අතර, ශරීර සෞඛ්‍යයද එතරම් යහපත් නොවේ.
ජය අංකය : 3, ජය වර්ණය : නිල් පාට
මකර ලග්නය : වැරදි සිතුවිලි
සඳු 5, 6, 7, 8 භාව හරහාද, ලග්නාධිපති ශනි වැයස්ථානය වන 12 වැන්නේද ගමන් කරයි. ඔබට මේ සතිය තුළදී ඇති වන ආර්ථික අපහසුතා නිසා වැරදි ක්‍රමවලින් මුදල් උපයා ගැනීමට වැරදි සිතුවිලි පහළ විය හැකියි. වැරදි සිතුවිලි ක්‍රියාත්මක කළහොත් නීතියේ රැහැනට හසුවීම අනිවාර්ය වෙයි. ප්‍රවේසම් වන්න. අසල්වැසියන් සමඟ ඇති වන මතභේද දුරදිග යාහැකි සතියකි.
ජය අංකය : 3, ජය වර්ණය : කහ පාට
කුම්භ ලග්නය : නිදහස
නිදහසේ සිටීමට ලැබෙන සතියකි. ලග්නාධිපති ශනි අයස්ථානය වන 11 වැන්නේද, සඳු 4, 5, 6, 7 භාව හරහාද ගමන් ගනියි. කුඩා ළමයින් ගැන විශේෂ අවධානය යොමුවී ඔවුන්ට අවශ්‍ය දේ සැපයීමට උනන්දුවක් දක්වයි. ශාස්ත්‍රීය කටයුතුවලට යොමුවන අතර, සතිය පුරාම තැනින් තැන ගොස් පුණ්‍ය කටයුතුවල යෙදේ. රුධිර පීඩනය වැඩි වීමේ අවදානමක් පවතින බැවින් කල්පනාකාරී වන්න.
ජය අංකය : 2, ජය වර්ණය : නිල් පාට
මීන ලග්නය : අසනීප තත්ත්වයක්
ඔබගේ ලග්නාධිපති ගුරු නව වැන්නේද, සඳු 3, 4, 5, 6 භාව හරහාද ගමන් ගනිමින් සතිය ගෙවී යයි. රුධිර රෝගයක් හෝ බෝවන රෝගයක් නිසා ඔබට රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමටද සිදුවිය හැකි සතියකි. ඔබ බෙහෙවින් උදව් කළ ඳාතියකුගෙන් ඔබට ආදර සංග්‍රහ නොඅඩුව ලැබේ. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින මීන ලග්න හිමියන්ට අලුත් අලුත් අංශවලට යොමුවී සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවෙයි.
ජය අංකය : 9, ජය වර්ණය : ලා නිල් පාට
ජ්‍යොතිෂ විද්‍යා විශාරද, ජ්‍යොතිෂ ශීරෝමනී,
දේශබන්දු අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

ගැහැනුන්ගෙ ඉඟිබිඟි

Next Post

ලංකා කේන්දරයේ හයවැන්නේ චතුර ග්‍රහ යෝගයක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.