වාස්තු විද්‍යාවේදී දිශාව අත්‍යවශ්‍යය. එනිසාම දිශාවට ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙයි. ඒ නිසා දිශාව සම්බන්ධව අප දැනුවත් විය යුතුමය. දිශා සම්බන්ධ විග්‍රහයේදී ප්‍රධාන දිශා සහ අනු දිශා ලෙස වර්ග කළ හැකිය. එහිදී ප්‍රධාන දිශා 4ක් සහ අනුදිශා 4ක් හඳුනාගත හැකිය. මෙම සතර දිශා සහ අනුදිශා හෙවත් අට දිශාවලට අතිරේකව උඩ සහ යටද ඈඳා දශ දිශා ලෙස අර්ථකථනය කර ඇත.
වාස්තු විද්‍යාවේදී මෙයිනුත් ඔබ්බට ප්‍රධාන දිශාවන් හා අනු දිශාවන් අතරට නව දිශාවක් යොදාගැනීමද දැකිය හැකිය. එය විශේෂයෙන්ම කාමර ස්ථානගත කිරීමේදී උපකාරී කරගනු ලැබේ.
ප්‍රධාන සතර දිශා ලෙස උතුර, නැඟෙනහිර, දකුණු හා බටහිර දැක්විය හැකි අතර, අනු දිශා ලෙස ඊසාන, ගිනිකොන, නිරිත හා වයඹ දැක්විය හැකිය. මෙම සතර දිශා සහ අනු දිශා එකතුවෙන් අට දිශාව නිර්මාණය වෙයි.
දිශාව සම්බන්ධව සැලකීමේදී සුබ දිශාව මෙන්ම මරු සිටින දිශාව සම්බන්ධවත් දැනුවත් විය යුතුය. ජ්‍යොතිෂයේදීත්, වාස්තු විද්‍යාවේදීත් සුබ දිශාව චන්ද්‍ර ගමන අනුව තීරණය කරනු ලැබේ. එහිදී සඳු සිටින දිශාව තීරණය කෙරේ. මෙලෙස සඳු සිටින දිශාව පදනම් කරගෙන ඇත්තේ ප්‍රධාන සතර දිශා සම්බන්ධවය.
සඳු සිටින දිශාවට මුහුණ දීම අර්ථ ලාභ සහිත වන අතර, සඳුට දකුණු අත යොමුකිරීම සැප සම්පත් ලැබීමට හේතුය. එහෙත් සඳුට පිටුපෑම කාර්ය හානිවීමට හේතු වන අතර, සඳුට වම් අත යොමුකිරීම ධනය නාස්ති වීමට හේතුය. නිදසුනක් ලෙස සඳු නැඟෙනහිර දිශාවේ සිටින විට උතුරු දිශාවට මුහුණ හැරවූ විට දකුණු අත සඳු සිටින නැඟෙනහිර දිශාවට යොමුවීම දැක්විය හැකිය.
භූමියකට ගොස් උතුර දිශාව කොහේ දැයි සොයා ගැනීමේ ක්‍රම 2ක් පවතී.
- මාලිමාවක් හෙවත් සංකුවක් ආධාරයෙන් උතුර සොයාගැනීම.
- ඉර පායන දිශාව බලා ආසන්න වශයෙන් උතුර සොයාගැනීම.
මෙහිදී ඉර පායන දිශාව බලා උතුර තීරණය කිරීමේදී සුළු වශයෙන් උතුරු දිශාව වෙනස් වෙයි. ඊට හේතුව කර්කටක නිවර්තනය හා මකර නිවර්තනය අතර සූර්යයාගේ පිහිටීමයි. එහෙත් සංකුව හෙවත් මාලිමාව ආධාරයෙන් සොයා ගන්නා උතුරු දිශාව ඉතාම නිවැරැදිය. එය කාන්දම් උතුර, චුම්බක උතුර ලෙසද හඳුන්වයි. උදාහරණයක් ලෙස ඉර පායන දිශාවට හෙවත් නැඟෙනහිරට මුහුණලා සිටගත් විට දකුණු අත දකුණටද, වම් අත උතුරටද යොමුවෙයි. පිටුපස බටහිරට යොමුවී ඇත. මෙලෙස ලැබෙන දිශාව 100%ක්ම නිවැරැදි නොවේ. එහෙත් මේ ක්‍රමවේදය මාලිමාවක් නොමැති විටක යොදාගත හැකිය.
තවද වාස්තු විද්‍යාවේදී ප්‍රධාන දිශාවලින් එල්ලවන බලපෑමට වඩා අනු දිශාවලින් වන බලපෑම වැඩිය. එසේම තවදුරටත් පැහැදිලි කරනවා නම් ඉඩමක හෝ නිවෙසක දිශාවන් සෙවීමේදී, නිවෙසක නම් නිවෙසේ මධ්‍ය ලක්‍ෂයේ සිටද, ඉඩමක නම් ඉඩමේ මධ්‍ය ලක්‍ෂයේ සිටද සිදු කරනු ලැබේ. විශේෂයෙන්ම නිවෙසේ කාමර දිශාගත කිරීමේදී දිශාව ගැන ඉතා සැලකිලිමත් විය යුතුය. එමඟින් අනිටු පල වළකාගත හැකිය. සාමාන්‍යයෙන් අනුදිශා නිවෙසේ අංග පිහිටුවීම සඳහාත් ප්‍රධාන සතර දිශා දොරවල්, ගේට්ටු ආදිය පිහිටුවීම සඳහාත් යොදාගැනේ. දිශාව තෝරා ගැනීමට මාලිමාවක් උපයෝගී කරගන්නා අවස්ථාවල ජංගම දුරකතන ක්‍රියා විරහිත කිරීමට වගබලාගත යුතුය. ඉහත සඳහන් ලෙසට දිශා සම්බන්ධව දැනුවත් වී නිවැරැදි දිශාව, නිවැරැදි ලෙස, නිවැරැදි දේට භාවිත කිරීම තුළ සැපත, සතුට, සෞභාග්‍යය උදාවනු නියතය.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද