• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

උකුස්සෙන් වගේ පළාතම බලන්න සමන්ගලට එන්න

September 27, 2019
in Holiday
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

අහසේ පියාසර කරන උකුස්සෙක් එක් තැනක සිට හාත්පස හොඳින් නිරීක්ෂණය කරන්නා සේ ගල් කුලක් මුදුනට ගොස් හතර දිග්භාගයම අඩු ආයාසයකින් හොඳින් දැකබලා ගන්නට හැකි ස්ථානයක් ඇත්නම් සංචාරකයන්ට ඒ කදිම තෝතැන්නකි. නැඟෙනහිරෙන් මඩකළපුව මහ මුහුද, දකුණු දිසාවෙන් තට්ටගල හා බොක්කබැද්ද විදුහල අසලින් පටන් ගන්නා කඳුවැටිය අතර ඇති දෙබොක්කාවෙන් කොස් අගල පටු නිම්න භූමියද, බස්නාහිරෙන් ආදිවාසී නායක වන්නකු තිසාහාමිගෙ බාල දියණිය වූ කොම්බි ජීවත් වූ වාලිඹ හෙලද, උතුරෙන් බලගලඔය, සමන්ගල ඔය සහ කළුගල් ඔය එකට හමුවන සුවිශේෂිත වූ භූගෝලීය පිහිටීමක් ඇති දිගාමඩුල්ලේ එකම තුංමෝදර දැකිය හැකි ත්‍රිකෝණමිතික නැරඹුම් ලක්ෂ්‍යයක් ලෙස සමන්ගල මහා ලෙන පිහිටි ගල්කන්දේ මුදුන හැඳින්විය හැකිය.

පරිසර ගවේෂක උපාලි විජයලත් මහතාගේ මඟපෙන්වීම යටතේ පසුගියදා අප මෙම අපුරු (EAGLE VIEW ” bird’s eye) අඩු ආයාසයකින් සියලුම දිසාවන් නැරඹිය හැකි සුවිශේෂී ස්ථානයට ගියෙමු. අම්පාර මහඔය මාර්ගයේ යනවිට හමුවන වැරැන්කැටගොඩ පන්සල් හන්දියෙන් වමට හැරී සේනානායක සමුද්‍රයේ වම් ඉවුරු ඇළ මාර්ගය තරණය කර රතුපස්තලාව හරහා බණ්ඩරදූව පැරැණි ගම්මානයට යන ගුරු පාර දිගේ සමන්ගල ගල පාමුලටම වාහනය රැගෙන යාහැකි වෙයි.
සමන්ගල කන්දේ ලෙන් 52ක් තියෙනවා. ඒවා ඉහළ, මැද සහ පහළ වශයෙන් තිර තුනකට බෙදා වෙන් කළ බව පෙනෙයි. නඬේ ගුරා වන උපාලි විජයලත්ට කන් දෙමින් ගමන් කළ අපි ඉහළ තීරයේ දකුණු පසට මුහුණලා බස්නාහිර පිහිටි විශාල ලෙන් දෙක සමීපයට පැමිණියෙමු. මෙම එක් ලෙනක දහසකට ආසන්න පිරිසකට පහසුවෙන් වාඩිවී බණ භාවනා කළ හැකි තරමට ඉඩ කඩ තිබේ. දිගාමඩුලු පුරවරයේ වෙනත් තැනක දී මෙතරම් විශාල ලෙන් දැකිය නොහැකිය. අප යන විටදී දක්නට නොලැබුණු මුත් මෑත කාලයේදී ආදිවාසීන්ගේ චිත්‍ර, පැරැණි බදාම සහ වරිච්චි බිත්ති බැඳ තිබුණු තැන් දුටු බව එහිදී හමු වූ සැදැහවත්හු පැවසූහ. එසේ වුවද කොටන ලද කටාරම් සහ අක්ෂර අදටත් දක්නට තිබේ. විශාල පිහිටි ගලක නිර්මාණය කර ඇති මෙම ගල් ලෙනේ පියස්ස කටාරමේ සිට පර්වත මස්තකය දක්වා උස අඩි 100ටත් වැඩි බව පෙනේ. තනි ගල් පර්වතයක මෙවැනි විශාල ගල් පියස්සක් නොපෙරළෙන ලෙස දරාගෙන සිටින ආකාරයට සකස් කිරීම තුළින් අපේ පැරැන්නන් තුළ විස්මිත ඉංජිනේරු තාක්ෂණයක් තිබූ බව මනාව පැහැදිලි වෙයි. මෙහි ඇති එක සෙල්ලිපියක අචරිය යනුවෙන් දක්වා තිබේ. ඒ මේ ඉන්ජිනේරු තාක්ෂණයේ ආශ්චර්ය පිළිබඳ සඳහනක් විය නොහැකිද?

මෙහිදී බණ්ඩරදූව විදුහලේ පළමු විදුහල්පතිව සිටි නීතිඥ එස්.ජී. පුංචිහේවා මැතිතුමාගෙන් ලද තොරතුරක් සිහිපත් කළ උපාලි විජයලත් මහතාගේ මතකයට අනුව ගලක කොටා ඇති උකුස්සකුගේ රූපයක් සොයාගැනීම අපේ ඊළඟ ඉලක්කය විය. ඇස සමඟ හොටය සහිත උක්කුස්සාගේ හිස දක්නට තිබුණත් ඉතිරිය වතුර ටැංකියක් ඉදිකිරීමේදී වැසී ගොස් ඇති බව දක්නට තිබේ. මෙම ස්ථානයේ පිහිටි සමන්ගල ප්‍රධාන ලෙන පියස්ස කටාරම දක්වා විශාල උසකින් පිහිටා තිබේ. මෙම ගල් පියස්ස දෙස හොඳින් බලා සිටින විටදී වාඩි වී සිටින ආකාරයේ උකුසු වර්ගයට අයත් කුරුල්ලෙක් සිතින් මවාගත හැකිය. මෙම ලෙන පසුකර කඳු මුදුනට යන විට දී හමුවන අපූර්ව බිංගෙයක් වෙයි. දිගාමඩුල්ලේ කිසිදු ස්ථානයක මෙවැන්නක් දක්නට නොමැති හෙයින් මෙය සුවිශේෂී ස්ථානයක් වෙයි. ප්‍රධාන ලෙන පිහිටි ගල් පර්වතයට හේත්තු වී ඇති ගල් පතුරකින් මෙම සුවිශේෂී බිංගෙය නිර්මාණය වී තිබේ. සමන්ගල වලසා හා පැටව් සහිත වැලහින්න නොමැති ස්ථානයක් නිශ්චිතව සඳහන් කළ නොහැකි නිසා මෙම බිංගෙය මගහැර කඳු මුදුනට පියවර නැගීම කළ හැක්කක් නොවන බව ද සිහිපත් කරන්නේ සංවේගයකින් යුතුව බව සැලකුව මැනවි.

දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගස් වැල්වල එල්ලී ප්‍රධාන ලෙන පිහිටි ගල් පර්වතය උඩට ගිය අප හොඳටම හෙම්බත්ව සිටියෙමු. වැඩිපුර වතුර පානය කිරීම නිසා බඩ ගෙඩි කලගෙඩි මෙන් පිරී තිබේ. වෙහෙස නොබලා ගල් පොත්තේ එහෙ මෙහෙ ගිය නඬේ ගුරු පඳුරක ළපටි දලු කඩාගෙන අහුරු පිටින් කටේ ඔබා ගනිමින් රසකර කර හපන හැටි දුටු අප එකා දෙන්නා ද එය අනුගමනය කරන්නට වීමු. ඉන් ලැබුණේ රසදිව පිනායන ඉමිහිරි රසයකි. පසුව සියලුම දෙනා එම පඳුරේ තිබූ ළපටි දලු අහුරු පිටින් කටේ ඔබාගෙන රස කර කර හපා ඉස්ම උරා බොනු දුටු වෙදරාළ වඳුරො පෝට කොළ කනවා වගේ ඔය හීං බෝවිටියා පඳුර ඉවරම කරල දාන්ට එපා කියල පුංචි අවවාදයක් දුන්නා. හීං බෝවිටියා සප්පායමෙන් වෙහෙස නිවාගත් අපි අවට සිරි නරඹන්ට පටන් ගත්ත. නැඟෙනහිරින් මඩකළපුව කළපුව, මුහුදු වෙරළේ ඇති පොල් ගස් පවා දැකිය හැකිය. රාත්‍රි කාලයේදී මහ මුහුදේ යාත්‍රා කරන නැව්වල ආලෝකය පවා පෙනෙන බව ඒවා දුටු ගම්වාසීන් පවසයි. මුඩු කළ හිසක් වැනි අර්ධ ගෝලාකාර තට්ටගල දිස්වන්නේ දකුණු දිසාවෙනි. තට්ටගලට යාබද දිගැති කඳුවැටියකි. උතුරු වැව්ගම්පත්තුවේ හරිත වන වදුලෙන් වැසීගිය සමන්ගල වැවේ පෝෂිත ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂා ජලය මෙම ද්‍රෝණිය හරහා සමන්ගල ඔය හරස් කර වේල්ලක් බැඳීමෙන් ඉදිකළ හමන්ගල වැවට එක්රැස්වෙයි. ගල් පර්වතය උඩ සිට නරඹන්නකුට සමන්ගල වැව රිදී තැටියක් මෙන් දිස්වෙයි. බස්නාහිර දිසාවේ බණ්ඩරදූව කැලෑ ගම්මානය සහ සමන්ගල අතර ඇති තවත් සුවිශේෂී ස්ථානයකි ශිලා සුසානය. ගල්පතුරු සතරකින් වට කළ සොහොන් සහිත මෙම ශිලා සුසාන මෙගාලිතික යුගයේ ඒවා යැයි පැවසේ. මෙවැනි ශිලා සුසානයේ ගල්පතුරු හතරකින් වට කළ ස්ථාන 23ක් පමණ මෙහි දක්නට ඇත.

උතුරු දිසාවෙන් බලගල කන්ද සහ රජගල කඳුවැටිය, නවගිරියාව වැව සහ දිව්ලාන වැව දිස්වෙයි. දිගාමඩුල්ලේදී දැකිය හැකි ආශ්චර්යමත් හා එකම සුවිශේෂී භූගෝලීය පිහිටීමක් බලගල කන්ද පාමුල දක්නට ඇත. බලගල ඔය, සමන්ගල ඔය සහ කළුගල් ඔය යන ඔයවල් තුන එකට එකතු වන තුංමෝදර පිහිටා ඇත්තේ මෙම ස්ථානයේ වෙයි. තුංමෝදර සහ ශිලා සුසාන අතර ඇත්තේ කෙටි දුරකි. සමන්ගල ගල් පර්වතයට සමු දුන්න අපි බණ්ඩරදූව පැරැණි ගම්මානයට ගොස් ශිලා සුසානය සහ තුන්මෝදරද බලා කියා ගෙන එදින සංචාරය අවසන් කළෙමු.

රැග් විජයසිරි

SendShareShare
Previous Post

ගෙයක් සෑදීමේදී දිශාව වැදගත් වන්නේ ඇයි

Next Post

OPPO A Series 2020 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.