• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අස්ථි රෝග සුව කරන පද්මරාගය

October 1, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

ලක් පොළොවෙන් හමුවන වටිනා වස්තු අතර මැණික් ඉහළම වටිනාකමක් උසුලයි. විවිධ වර්ණයෙන් හා විවිධ වටිනාකමින් යුත් මැණික් ලක් පොළොවෙන් හමුවන අතර, පද්මරාග මැණික ඉහළම අලංකාරයකින් යුත් මැණික ලෙස ලොව ප්‍රසිද්ධියක් දරයි. ළා රතු මිශ්‍ර රෝස පැහැයකින් දිදුලන මෙම මැණික දුටුවන් සිත් එකවර පැහැර ගනී. ග්‍රහ පවුලේ ප්‍රධානියා හෙවත් ආත්මකාරක ග්‍රහයා ලෙස හඳුන්වන රවි ග්‍රහයාට අයත් මැණික පද්මරාග මැණිකයි. පද්මරාග මැණික් පැලඳීම තුළින් ජන්මීන්ගේ ආර්ථිකය දියුණු වන අතර, ව්‍යාපාර, රැකීරක්‍ෂා ආදිය දියුණු වී වැඩි ආදායම් තත්ත්වයක් ඇති වනු ඇත. කුඩා දරු දැරියන් මෙම පද්මරාග මැණික පැලඳීමෙන් ඉගෙනීමේ කටයුතු වර්ධනය වී විභාග ආදියෙන් ජය නිසැකවම හිමිකර ගනී. එමෙන්ම පුද්ගලයන්ගේ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය හා ධෛර්ය වර්ධනය කරවීමටද මෙම පද්මරාග මැණික උපයෝගී වෙයි. ඕනෑම කාරණයකදී ඉදිරියට යෑමේ ශක්තිය, ධෛර්ය, සතුරු කරදර, බාධක සිඳලීමේ ශක්තිය පද්මරාග මැණික් පැලඳීමෙන් ඇතිවෙයි.

පද්මරාග මැණික ඝනත්වයෙන් හා කිරණ ශක්තියෙන් වැඩි මැණිකක් බැවින් ජන්මීන්ගේ සියලු අස්ථි රෝග වර්ග සුවකිරීමේ ප්‍රබල බලය සහිත වෙයි. ඊට අමතරව නිතර පපුවේ සෙම පවතින අයටද, ඇදුම, වාත රෝග වැනි සර්වාංගගත රෝග ඇති අයටද පද්මරාග මැණික පැලඳීම සහන උදාකිරීමට හේතු වෙයි.

අන් මැණික් සේම පද්මරාග මැණිකද සුබපල බොහෝ අත්කර දුන්නද හිතුමතේ පැලඳීමෙන් වැළකිය යුතුයි. පද්මරාග මැණික පැලඳීමට පෙර මැණික් ප්‍රතිකර්මය සම්බන්ධ මනා දැනුමක් ඇති ජ්‍යොතිෂවේදියකු ලවා උප්පත්ති භාව කේන්ද්‍රය පරීක්‍ෂා කරගත යුතුයි. උප්පත්ති භාව කේන්දරයේ රවි ග්‍රහයා උච්ච, ස්වක්‍ෂේත්‍ර හෝ මිත්‍ර බලයක් වේ නම් පමණක් පද්මරාග මැණික පැලඳීමෙන් සුබපල උදාකරයි. රවි ග්‍රහයා ජන්ම පත්‍රය තුළ සතුරු, සතුරා මුඪ හෝ භංග නොවන නීචය වේ නම් රවිට අයිති පද්මරාග මැණික පැලඳීම නොකළ යුතුයි. තවදුරටත් පැහැදලි කළහොත් රවි ග්‍රහයාට සුබ රාශි වන මේෂ, සිංහල, කටක, වෘශ්චික, ධනු, මීන යන රාශියක රවි ග්‍රහයා වේ නම් එවන් ජන්මීන් පද්මරාග මැණික පැලඳීමෙන් බොහෝ වාසි හිමිවෙයි. නමුත් තුලා, වෘෂභ, මකර, කුම්භ යන රාශියක රවි ග්‍රහයා පිහිටා ඇති ජන්මීන් කිසිවිටෙක පද්මරාග මැණික් පැලඳීම නොකළ යුතුයි. යම් හෙයකින් රවි ග්‍රහයා අසුබ රාශියක සිටියදී පද්මරාග මැණික පැලඳීම තුළින් පද්මරාග මැණිකට හිමි සුබඵලවල විලෝමය අත්විඳීමට සිදුවනු ඇත.
තවද පලඳින පද්මරාග මැණික පලුදු නොවූ, පිච්චීමකට ලක්නොවූ, ව්‍යාජ නොවූ සැබෑ පද්මරාගයක්ම වීමට වගබලා ගන්න. පලුදු වූ පද්මරාග මැණිකෙන් අසුබ පල ජන්මියාට අත්වනු ඇත.

රවි ග්‍රහයා සුබ භාවගතව පිහිටා ඇති විට පද්මරාග ගල පැලඳීමෙන් සුබපල අත්වුවද රවි ග්‍රහයාගේ, මහ දශා, අතුරු දශා, විදශා, ප්‍රාණ දශා කාලවලදී එම සුබපල තව තවත් තීව්‍ර කරවයි. ඒ නිසා එවැනි දශා කාලයක් ඉදිරියට තබා පද්මරාග මැණික රත්තරං ලෝහයට ඔබ්බවා සාදා ශරීරයේ ස්පර්ශ වන ආකාරයට පලඳින්න. මුදුවක් පලඳින්නේ නම් රවි ග්‍රහයාට අයිති ඇඟිල්ල වන වෙදැඟිල්ලේ පැලඳීමට වගබලා ගන්න.

තවද රවි ග්‍රහයා අදාළ ජන්මියාගේ 22 වැනි දෙර්කාණාධිපතියා, 64 නවාංශකාධිපතියා හෝ බාධක ග්‍රහයා වේ නම්, රවිට අයිති පද්මරාග ගල පැලඳීම නොකරන්න. යම් හෙයකින් මෙවැනි ජන්මියකු පද්මරාග ගලක් පැලඳීමෙන් එම පුද්ගලයාට ඇති මාරක, බාධක තත්ත්වය තව තවත් තීව්‍ර වී විනාශයට පත්වනු ඇත.

මීළඟට රාශි චක්‍රයේ ඇති ලග්න දොළසට පද්මරාග මැණිකෙන් හිමිවන බලය සලකා බලමු.
ලග්නය මේෂ වී රවි ග්‍රහයා, රවිට හිතකර රාශියක සිටි විට එවැනි පුද්ගලයන් පද්මරාග මැණිකක් පැලඳීමෙන් ඉගෙනීමට ඇති හැකියාව වර්ධනය වන අතර, ඉගෙනීමෙන් ජයකෙහෙලි නංවයි. දියුණුවද නොඅඩුව ලැබේ. ජීවිතේ සියලු වැඩකටයුතු උද්‍යෝගයෙන් යුතුව කරගැනීමටද අවස්ථාව හිමිවෙයි.

වෘෂභ ලග්න හිමියන් පද්මරාග මැණික් පැලඳීමෙන් වස්තුව, දේපොළ, ඉඩම්, නිවාස ආදිය හිමිවන අතර, ඒවායේ යම් ආරවුලක් වේ නම් පහසුවෙන් විසඳා ගැනීමටද හැකි වෙයි.
මිථුන ලග්න හිමියන්ට තමන්ගේ හැකියාවන් වර්ධනය කරගනිමින් එමඟින් දියුණුව ලබාගත හැකි වෙයි. තවද රවි ග්‍රහයා ජන්ම පත්‍රයේ 3 වැන්න හෙවත් වික්‍රමස්ථානයේ අධිපතීත්වය දරන බැවින් උපතින්ම හිමිවූ දස්කම් වර්ධනය වනු ඇත.

කටක ලග්න හිමියන්ට ආර්ථිකව ශක්තිමත් කාලයක් හිමි වන අතර, කරන කියන රැකී – රක්‍ෂාවල විශාල ප්‍රගතියක් පෙන්නුම් කරයි. රවි ග්‍රහයා ප්‍රබලව ජන්ම පත්‍රය තුළ ඇති දිළිඳු ජන්මීන් වුවද පද්මරාග මැණික පැලඳීමෙන් ක්‍ෂණිකව ධනවත් වනු දැකිය හැකිය.
සිංහ ලග්න හිමියන්ට පද්මරාග මැණික පැලඳීමෙන් ජීවිතේ ඇති කරදර, බාධක, දුක්පීඩා සියල්ල සමනයකට පත්වෙයි. එමෙන්ම ඔවුන්ගේ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය හා බලය නොඅඩුව වර්ධනය වෙයි.

කන්‍යා ලග්න හිමියන්ට පද්මරාග මැණික පැලඳීම තුළින් ජීවිතේ ඇති වන බොහෝ කරදර, ප්‍රශ්නවලට සහන හිමිවනු ඇත. ආදායමට සරිලන වියදමක් හිමිවන අතර, ඉතිරියද වර්ධනය වෙයි.

තුලා ලග්න හිමියන්ට පද්මරාග මැණික පැලඳීමෙන් ආර්ථික දියුණුව, ව්‍යාපාරවල දියුණුව මෙන්ම රැකියා දියුණුවද ඇති කරයි. කරදර, බාධක, දුක්-පීඩා සියල්ල සමනයකට පත්වනු ඇත.
වෘශ්චික ලග්න හිමියන්ට පද්මරාග මැණික පැලඳීමෙන් සුබපල රාශියක් උදාවනු ඇත. ඔවුන්ගේ ආර්ථිකය හා සමාජයීය තත්ත්වය උසස් වන අතර, ව්‍යාපාර මෙන්ම නියැලෙන වෘත්තියේද විශාල ප්‍රගතියක් ඇති කරයි. ඒ නිසාම අතමිට සරු වී වාසනාවන්ත කාලයක් හිමිවනු ඇත.
ධනු ලග්න හිමියන්ටද පද්මරාග මැණික් පැලඳීම විශාල වශයෙන් සුබය. මොවුන්ගේ ධනය, බලය, හැකියාව වර්ධනය වන අතර, සියලුම දුක්-පීඩා, කරදර දුරුවන බවද කිව යුතුය. රැකියාවල උසස්වීම් මෙන්ම ගේ-දොර, යාන-වාහනවලද ප්‍රගතියක් ඇති වෙයි.

මකර ලග්න හිමියන්ට පද්මරාග මැණික පැලඳීම තුළින් ගේ-දොර දියුණුව, සතුට, සමගිය වර්ධනය වන අතර, මාරක අපල කරදර පීඩාවලින් ගැලවීමටද හැකියාව ලැබේ.
කුම්භ ලග්න හිමියන්ට පද්මරාග මැණික් පැලඳීමෙන් ආර්ථික දියුණුව මෙන්ම සමාජයීය දියුණුව නොඅඩුව ලැබෙන අතර, ජීවන වෘත්තියේද ප්‍රගමනයක් හිමිවනු ඇත. සහජ දක්‍ෂතාද, කුසලතාද වැඩි වී ඒ මඟින් ප්‍රසිද්ධිය, දියුණුව හිමිකර ගනී. විවාහ ජීවිතයේ තිබුණු බාධක, කරදර නැති වී යුවතිපති දෙපළට සතුටින් සිටීමට අවස්ථාව හිමිවෙයි.
මීන ලග්න හිමියන්ට පද්මරාග මැණිකක් පැලඳීමෙන් ධනය නිරායාසයෙන් ලැබෙන අතර, නොබෝ දිනකින් ධනවත් වීමෙ භාග්‍යය හිමිවෙයි. කරදර, සතුරු පීඩා තිබුණු ජන්මීන්ට සහන උදාවීම සිදුවෙයි.
ඔබගේ ජන්ම පත්‍රයේ රවි ග්‍රහයා බලවත් නම් ඔබත් පද්මරාග මැණිකක් පැලඳ සියලු සුබපල හිමිකර ගන්න.

ජ්‍යොතිශවේදීනි මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

ජන්ද උණුසුම අස්සේ ‌ගෝඨා සිංගප්පූරු යන්න ඉල්ලයි

Next Post

මිහිපිට දෙව්ලොව Villa Thawthisa

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.